කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ මෙන්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීමට අවස්ථාව ලබාදුන් හිරු උත්තම ධාතු වන්දනාව මීට සුලු මොහොතකට පෙර ඓතිහාසික සේරුවාවිල පුදබිමේදී අවසන් කෙරුණා.
ඒ අනුව උදෑසන බුද්ධ පූජාව ඇතුළු වතාවත් සිදු කිරීමෙන් පසුව සර්වඥ ධාතූන් වහන්සේ වස්කඩුව ශ්‍රී සුභූති විහාරස්ථානය වෙත වැඩම කරවීම ආරම්භ කිරීමට නියමිතයි.
ඓතිහාසික සේරුවාවිල පුදබිමේ සිට සර්වඥ ධාතුන් වහන්සේ රැගත් පෙරහර කන්තලේ හරහා හඹරණ ටැම්පිටිය රාජමහා විහාරස්ථානය වෙත ළඟාවීමට නියමිත අතර එහිදී දහවල් බුද්ධ පූජාව පැවැත්වෙනු ඇති.
එම විහාරස්ථානයේදී සැදැහැවතුන්ට සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුදාගැනීමට අවස්ථාව හිමිවනවා.
අනතුරුව පස්වරු 3.00 පමණ වන විට කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වාඥ ධාතූන් වහන්සේ රැගත් රිය පෙරහර ටැම්පිටිය රාජමහා විහාරස්ථානයෙන් පිටත්ව යෑමට නියමිත අතර පස්වරු 6.00ට පමණ ධාතූන් වහන්සේ රැගත් පෙරහැර කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලය වෙත ළඟා වීමට නියමිතයි.
එහිදී කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ පසුදා පහන් වනතුරු වන්දනාමාන කිරීමට සැදැහැවතුන්ට අවස්ථාව හිමිවනු ඇති.
හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මත හිරු ශාක්‍යසිංහ මංගල්‍යයට සමගාමීව කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ වන්දනාමාන කෙරෙන හිරු උත්තම ධාතු වන්දනාව ඓතිහාසික සේරුවාවිල පුදබිමේදී පෙරේදා ආරම්භ කෙරුණා.
හිරු උත්තම ධාතු වන්දනාව සැදැහැවතුන්ට විවර වූ මොහොතේ සිට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඓතිහාසික සේරුවාවිල පුද බිමට පැමිණ මේ උතුම් පිංකමට එක්වුණා.