Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
14
ඔබත් දැන දැනම මේ වැරදි කරනවද ? එහෙනම් අක්මාව ලෙඩ කර ගන්නයි හදන්නේ....

- ඔබත් දැන දැනම මේ වැරදි කරනවද ? එහෙනම් අක්මාව ලෙඩ කර ගන්නයි හදන්නේ....Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19 Views
අපි හැමෝම නීරෝගිව ඉන්න කැමතියි...

ඒත් සමහර වෙලාවට දැන දැනම කරන වැරදි හින්දා අපේ නීරෝගීකම අහිමි වෙන්න පුළුවන්... මේ වටිනා ලිපිය අක්මාව ලෙඩ කරන ඔයාගේ වැරදි පුරුදු ගැනයි....

මිනිසුන්ගේ සාමාන්‍ය ජීවන රටාව වෙනස් කිරීමට බලපෑම් කරන ප්‍රබල හේතුවක් ලෙස ලෙඩ රෝග හැඳින්විය හැකිය. බෝවන රෝග මෙන්ම බෝනොවන රෝගද වර්තමානයේදී බහුලව දැකගත හැකි අතර අතීතයට වඩා වර්තමානයේදී බෝ නොවන රෝග බහුලව දැකගත හැකිය. ඒ අතරින් බෝ වන රෝගවලට වඩා අප බිය විය යුතු වන්නේ බෝ නොවන රෝගවලටය.

මෙම රෝගී තත්ත්වයන්ට මිනිසුන් ගොදුරුවීමට මිනිසුන්ගේ ඇවතුම් පැවතුම් මෙන්ම සිතුම් පැතුම්ද හේතු වී තිබේ. අද සමාජයේ බොහෝ දෙනකුගේ නොදැනුවත්භාව සහ නොසැලකිලිමත් බව නිසා නිකරුණේ අක්මාව රෝගී වෙයි. මෙවර her වෙතින් අප කතා කරන්නට සූදානම් වන්නේ බෝ නොවන රෝගයක් ලෙස සැලකෙන අක්මාවේ රෝගී තත්ත්වයන් පිළිබඳවය.

අක්මාව මිනිස් ශරීරයේ මෙන්ම ආහාර ජීර්ණ පද්ධතියේ වැදගත් කොටසකි. එමෙන්ම මිනිස් ශරීරයේ පවතින විශාලතම ඉන්ද්‍රීයද වේ. උදර කුහරයේ දකුණු ප්‍රදේශයේ ඉහළින් පිහිටා ඇති අක්මාව මිනිස් සිරුරේ විශාල කාර්යභාරයක් සිදු කරයි. සැබැවින්ම පැවැසුවොත් අක්මාව මිනිස් සිරුරේ ඇති කර්මාන්තශාලාවකි. ආහාරවල පෝෂක කොටස් ගබඩා කරගනිමින් ශක්තිය බවට පරිවර්තනය කිරීම, රුධිරයේ විස ඉවත් කිරීම, ඔෟෂධ වර්ග ශරීරයට උචිත පරිදි හැඩ ගස්වාදීම, ශරීරයට අවශ්‍ය ප්‍රතිදේහ නිපදවාදීම, මේදය ජීර්ණය කිරීමට උදවු කිරීම, ග්ලූකෝස් ගබඩා කිරීම සහ ප්‍රෝටීන සහ පිත නිපදවීම යනාදිය අක්මාව තුළින් සිදු වේ. එසේම ඉතාම ඉක්මනින් යළි වැඩෙන ශරීරයේ ප්‍රධානතම ඉන්ද්‍රිය ලෙස අක්මාව හැඳින්විය හැකියි.

නමුත් අක්මාව රෝගී වූ පුද්ගලකයකුගේ ජීවිතය සාමාන්‍ය ආකාරයෙන් පවත්වා ගැනීම අපහසුය. අක්මාව මඟින් මිනිසකුගේ පැවැත්ම උදෙසා පරිවෘත්තීය ක්‍රියාව සහ ඒවා නිසි ආකාරයෙන් පාලනය කිරීම සිදු වේ. මත්ද්‍රව්‍ය, මේද බහුල ආහාර, ඇතැම් වයිරස් ආසාදන මෙන්ම ඇතැම් රෝගවලට ගන්නා වේදනා නාශක නිසා අක්මාවට හානි විය හැකිය. අක්මා රෝගවල ඇති භයානකම තත්ත්වය වන්නේ කිසිදු රෝග ලක්ෂණයක් නොමැතිව වර්ධනය වීමයි. අක්මාව අකර්මණ්‍ය වූ විට පුද්ගලයකු මියයෑමට වුවද හැකිය. එනිසාම මිනිස් දේහයේ වැදගත්ම අංගයක් ලෙස අක්මාව දැක්විය හැකිය.

වර්තමානයේදී අක්මාවේ මේදය තැන්පත් වීමද බහුලව දැකගත හැකිවන රෝගයකි. ජනගහනයෙන් 40% පමණම මේ තත්ත්වය දැකගත හැකිය. අධික ස්ථුලභාවය, ව්‍යායාම නොකිරීම, කාබෝහයිඩ්‍රේට් සහ සීනි අධික ආහාර ලබා ගැනීම නිසා අක්මාවේ මේදය තැන්පත් වීම සිදු වේ. මේ නිසා දිගුකාලීන සිරෝසීස් තත්ත්වයක් ඇති වීමේ හැකියාව පවතියි. දිගුකාලීනව පවතින දියවැඩියා තත්ත්වයන් නිසාද අක්මාව රෝගී වීම සිදුවේ. අක්මාවේ මේද තැන්පත් වූ විට එහි කාර්යක්ෂම බව අඩු වෙයි. ඇතැම් වෛරස වර්ග ආසාදන වීමෙන්ද අක්මාව දුර්වල වන අවස්ථා පවතියි. එමෙන්ම මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ගේද අක්මාවේ මේදය තැන්පත් වෙයි.

අක්මාවේ හටගන්නා පිළිකාමය තත්ත්වයන් කාණ්ඩ දෙකක් යටතේ හැඳින්විය හැකියි. ඉන් පළමුවැන්න හෙපටොසෙලියුලර් පිළිකා හෙවත් අක්මාක්මාවේ ඇති වෙන ප්‍රාථමික පිළිකා වන අතර අක්මාවේ ඇති සෛලවලින්ම හටගන්නා පිළිකා මේ යටතේ හැඳින්වේ. මෙය ලෝකයේ බහුලව පවතින රෝගයක් වන අතර එයින් බොහෝ දෙනකු මියයෑමද සිදුවේ. නමුත් මෙම තත්ත්වය හදුනා ගැනීමට විශේෂ වූ රෝග ලක්ෂණ නොමැත. උදරයේ දකුණුපස ඇතිවන වේදනාව, ආහාර අරුචිය, ශරීරය කෙට්ටු වීම වැනි රෝග ලක්ෂණ මත ඇතැම් අවස්තාවලදී රෝගය මුල් අවධියේදී හදුනාගැනීමේ හැකියාව පවතී. මෙම තත්ත්වය මුල් අවධියේදී හදුනාගන්නේ නම් ශල්‍යකර්මයක් මඟින් සුව කළ හැකිය. නමුත් යම් කාලයක් ගත වීමෙන් අනතුරු රෝගය හදුනාගන්නේ නම් අක්මාව බද්ධ කිරීම වැනි තත්ත්වයකට යොමුවිය යුතුය. ශරීරයේ වෙන තැනක හටගත් පිළිකාවක් අක්මාවේ තැන්පත් වීම දෙවැනි අවස්ථාවයි. මෙය කොලැන්ගියෝකාසිනෝමා නමින්ද හදුන්වයි. මෙය පිත නාලවල ඇතිවන තත්ත්වයක් වන අතර වයසින් වැඩි අයට වැලඳීමේ සම්භාවිතාවක් පවතී. ඇස් කහ වීම, ඇඟපත කැසීම, මුත්‍රාවල පැහැය වෙනස් වීම වැනි රෝග ලක්ෂණයන් ඇතිවේ. මෙය මුල් අවධියේදී හදුනාගතහොත් ශල්‍යකර්මයක් මඟින් සුව කළ හැකිය. උපත් පාලන පෙති සහ හෝර්මෝන පෙති භාවිත කරන බොහෝ කාන්තාවන්ට අක්මාවේ පිළිකා නොවන ගැටිති ඇතිවීමේ සම්භාවිතාවක්ද ඇත. මෙය පිළිකාමය නොවන තත්ත්වයන් වුවත් පසුකාලීනව පිළිකා ඇතිවීමේ හැකියාව ඇත. ඔබත් මෙවැනි උපත් පාලන පෙති සහ හෝමෝන පෙති භාවිත කරන කෙනකු නම් අක්මා පරීක්ෂණයක් සිදු කිරීම වැදගත්ය. වර්තමානයේ තාක්ෂණික දියුණුවත් සමඟ අක්මාව විශාලතම ඉන්ද්‍රියක් වුවත් ශල්‍යකර්ම පහසුවෙන් කළ හැකි පසුබිමක් පවතී. අක්මාව වැඩෙන අවයවයක් නිසා ඉතා ඉක්මනින් වර්ධනය වේ.

අක්මාවේ ප්‍රාථමික පිළිකාවලට බෙහෙත්වලින් ප්‍රතිකාර කළ නොහැකිය. නමුත් පියයුරු හෝ බඩවැල් ඇති වන පිළිකා අක්මාවේ තැන්පත් වීම සිදුවී ඇත්නම් එය බෙහෙත්වලින් පාලනය කිරීමේ හැකියාව ඇත. නමුත් සුව කළ නොහැකිය. නමුත් සාර්ථකම ක්‍රමය වන්නේ පිළිකා සෛල ඉවත්කර පසුව පිළිකා නාශක ඔෟෂධ ලබා ගැනීමයි.

අක්මා බද්ධ කිරීම් සංකූල ශල්‍යකර්මයකි. අක්මා බද්ධ කිරීම් කොළඹ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල සහ පේරාදෙණිය ශික්ෂණ රෝහල යන රෝහල්වල ප්‍රධාන වශයෙන් සිදුකරයි. සුවකළ නොහැකි පිළිකා තත්ත්වයක් ඇති අයට, හදිසියේ අක්මාව අකර්මණ්‍ය වූ අයට අක්මා බද්ධ කිරීම අවශ්‍ය වේ. අක්මාව බද්ධ කළ රෝගීන්ට සාමාන්‍ය ජීවිත කාලය ජීවත්වීමේ හැකියාව පවතී. ඇතැමුන් වෛද්‍ය උපදෙස් සඳහා යොමුවන්නේ අක්මා රෝගය උත්සන්න වූ අවස්ථාවලදීය. මේ නිසාම ඔවුන්ට ශල්‍යකර්ම සාර්ථකවීමේ අවකාශය බොහෝ අඩු වෙයි.

අක්මාවේ රෝගී තත්ත්වයක් සුවකර ගැනීම සඳහා ඒ සඳහාම විශේෂ වූ විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමුවීම වැදගත්ය. විඩාව, ඇස් කහ වීම, ඇඟපත කැසීම, මුත්‍රාවල පැහැය වෙනස් වීම වැනි රෝග ලක්ෂ ඇත්නම් සී.ටී. පරීක්ෂණයක් කිරීම හෝ අක්මාව සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකු හමුවී නිසි වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සිදුකළ යුතුය.

මව්බිම 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top