පොල්වතුර අපේ ගෙවල්වල ගොඩක් වෙලාවට තිබෙනවා...
ඒත් ප්‍රයෝජනයක් ගන්නේ නැහැ... අපතේ දානවානේ... මේ කියන්න හදන්නේ පොල්වතුරේ ගුණ ගැනයි...
වියපත් වීමේ ලකුණු අවම කරයි
පොල් වතුරේ සයිටොකිනින්, විශේෂයෙන්ම කිනෙටින් නැමති සංඝටක අඩංගු වන අතර එමඟින් ඔක්සිකාරක හානි වළක්වා සෛල වයසට යාම වේගවත් කරන ක්‍රියාවලීන් ප්‍රමාද කරනවා. මෙම කිනෙටින් නැමැති සංඝටකය සමට ප්‍රතිකාර කරන නිෂ්පාදන වල සහ සම ආරක්ෂා කරන නිෂ්පාදන වලද අඩංගු වන අතර පොල් වතුර පානය කිරීම මගින් ඔබට ස්වභාවිකවම එය ශරීර අභ්‍යන්තරයට ලබාගත හැකි වනවා.
කොලජන් නිෂ්පාදනය දියුණු කරයි
පොල් වතුර වල සමේ සෞඛ්‍යයට හිතකර වන විටමින් සී සහ ලෝරික් අම්ලය අඩංගු වෙනවා. විටමින් සී මගින් හිරුගේ අහිතකර කිරණ වලින් සමට ඇතිවන හානි වලින් සම ආරක්ෂා කරන අතර වෙනත් පාරිසරික බලපෑම් නිසා සමට ඇතිවිය හැකි හානි වලින් ද සම ආරක්ෂා කරනවා. ඒ වගේම විටමින් සී වලින් සමේ තරුණ බව රැක ගන්නා කොලජන් නිෂ්පාදනය වැඩි දියුණු කරන අතර විශේෂයෙන්ම සම පැහැපත් කිරීම ද සිදු කරනවා.
සම මෘදු සහ පැහැපත් කරයි
පොල් වතුර යොදාගෙන ඔබේ සම සම්බාහනය කිරීම මගින් සමේ පැහැය වැඩි කර ගත හැකිවන අතර සම දීප්තිමත් සහ මෘදු කර ගැනීමටද හැකියාව ලැබෙනවා.
කුෂ්ඨ සමනය කරයි
පැපොල සහ සරම්ප වැනි තත්ත්ව නිසා සම මත ඇතිවන කුෂ්ඨ වගේම අධික උෂ්ණත්වය සහ වෙනත් පාරිසරික හේතු නිසා තම මත ඇතිවන කුෂ්ඨ සමනය කිරීමට ඔබට පොල් වතුර භාවිතා කරන්න පුළුවන්
තෙතමනය ආරක්ෂා කරයි
උෂ්ණ අධික කාල වලදී ඔබේ සම ඉතා ඉක්මනින් වියලීමට ලක්වෙනවා. පොල් වතුර පානය කිරීම මගින් එසේ වියලීමට ලක්වීම වගේම ස්වභාවිකවම වියළි සමක් සහිත අයට සමේ තෙතමනය රඳා පවත්වා ගන්නට පුළුවන්. ඒ වගේම පොල් වතුර පානය කිරීම මගින් සම විජලනය වීම වළක්වා ගන්නටත් හැකියාව තියෙනවා
කුරුලෑ සුව කරයි
පොල් වතුර වල ක්ශුද්‍ර ජීවී නාශක කාරකයක් වන ලෝරික් අම්ලය අඩංගු වන අතර එය කුරුලෑ සහ කුරුලෑ නිසා ඇතිවන දැවිල්ල සුව කිරීමට උපකාරී වනවා. ඔබ කුරුලෑ පාලනය සඳහා භාවිතා කරන ෆේස් මාස්ක් වර්ග නිවසේදී සාදා ගන්නවා නම් ඒවා මිශ්‍ර කර ගැනීමට ඔබට පොල් වතුර භාවිතා කරන්නට පුළුවන්. එසේත් නැත්නම් පොල් වතුර සෘජුවම භාවිතා කරන්නත් පුළුවන්.
ඔබේ සම නීරෝගීව තබා ගැනීමට පොල් වතුර භාවිතා කරන්නේ කොහොමද ?
ඔබට එදිනෙදා ජීවිතයේදී සෘජුවම පොල් වතුර පානය කළ හැකියි
ඔබ සකස් කරන සුප් වර්ග , ව්‍යාංජන හෝ බීම වර්ගයකටද පොල් වතුර එකතු කළ හැකියි
Coconut water
ඔබ නිවසේදී සකස් කර ගෙන භාවිතා කරන ෆේස් මාස්ක් වර්ග වලට පොල් වතුර එකතු මිශ්‍ර කරන්න ...
ඔබ මුහුණ ස්ක්‍රබ් කිරීමෙන් පසුව ටෝනර් එකක් ආකාරයට පොල් වතුර භාවිතා කළ හැකියි
පොල් වතුර ඉසින බෝතලයකට දමා ශීතකරණයේ තබාගෙන ෆේස් මිස්ට් එකක් ආකාරයට භාවිතා කරන්න ...
රාත්‍රී නින්දට පෙර කපු පුළුන් පොල් වතුරෙහි පොඟවා මුහුණේ ආලේප කර සම්බාහනය කරන්න ...
මී පැණි සහ කෝමාරිකා වැනි අමුද්‍රව්‍ය සමඟ පොල් වතුර එකතුකර සමේ තෙතමනය රඳා පවත්වා ගැනීම ෆේස් මාස්ක් භාවිතා කරන්න ...
උපුටාගනීමකි...