මේ අවාසනාවන්ත අනතුර වාර්තා වෙන්නේ මාතර එළියකන්ද ප්‍රදේශයේදී.
ඊයේ රාත්‍රී 7ට පමණ සිදුවූ මෙම බස් රථ අනතුරින් යුවලකට දිවි අහිමි වුණා.
බස් රථයක් ඉස්සර කිරීමට යෑමේදී යතුරුපැදිය ලිස්සා ගොස් බස් රථයේ පිටුපස රෝදයකට එම දෙදෙනා යටවීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවටයි වාර්තා වෙන්නේ.
අනතුරින් මියගොස් ඇත්තේ 30 හැවිරිදි මාතර තෙලිජ්ජිවිල ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් සහ 22 හැවිරිදි මාතර කාසිවත්ත ප්‍රදේශයේ පදිංචි තරුණියක්.