සුවහසක් සැදැහැවතුන්ගේ වන්දනාමානයට පාත්‍ර වූ කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ මෙන්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතූන් වහන්සේ වන්දනා කරගැනීමේ භාග්‍යය හිමි කරදෙන හිරු උත්තම ධාතු වන්දනා වැඩසටහනේ දෙවන දවස අදයි.
හිරු උත්තම ධාතු වන්දනා වැඩසටහන ඓතිහාසික සේරුවාවිල මංගල රාජ මහා විහාරස්ථාන පුදබිමේදී ඊයේ උදෑසන ආරම්භ වුණේ, හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.
ජීවමාන බුදුරදුන් දැකීම හා සමාන දුර්ලභ පුණ්‍යමය අවස්ථාවක් හිමි කරදෙන හිරු උත්තම ධාතු වන්දනාවට මේ වනවිටත් දිවයිනේ සතර දෙසින් දහස් සංඛ්‍යාත සැදැහැවතුන් පැමිණෙමින් සිටිනවා.
කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ මෙන්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතූන් වහන්සේ ඊයේ අලුයම හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා අතින් ඓතිහාසික සේරුවාවිල මංගල රාජ මහා විහාරස්ථානයට වැඩම කෙරුණේ, සාදු නාද මධ්‍යයේයි.
සැදැහැවතුන්ගේ සාධු නාදය සේරුවාවිල පුදබිමේ රැව්පිළිරැව් දෙද්දී, කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ, පුදබිමේ ඉදිකර තිබූ විශේෂ ධාතු මන්දිරයේ තැන්පත් කෙරුණා.
අනතුරුව කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වෙනුවෙන් අෂ්ඨ පරිෂ්කාරයෙන් යුතු උදෑසන බුද්ධ පූජාව පවත්වනු ලැබුවේ ජීවමාන සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේට උදෑසන බුද්ධ පූජාව පැවැත්වීම හා සමානවයි.
කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ සේරුවාවිල මංගල රාජ මහා විහාරස්ථානයට වැඩම කරවීමේ ඓතිහාසික අවස්ථාව වෙනුවෙන් වැඩමකර සිටි මහ සඟරුවන එහිදී පිරිත් සජ්ඣායනා කළා.
මේ අතර සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් සිදුකළ සහ සිදුකරන අප්‍රමාණ කැපවීම ඇගයීමට ලක්කරමින් සේරුවාවිල මංගල මහා සෑ රඳුන්ගේ අනුරුවක් මහා සංඝරත්නය විසින් හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා වෙත පිරිනමනු ලැබුවා.
කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමේ ඓතිහාසික අවස්ථාව සුවහසක් සැදැහැවතුන්ට උදාවුණේ ඉන් අනතුරුවයි.
කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කිරීම සඳහා සේරුවාවිල පුදබිමට පැමිණි දහස් සංඛ්‍යාත සැදැහැවතුන් වෙනුවෙන් හිරු මාධ්‍ය ජාලයේ සභාපතිතුමන් විසින් මෙවරත් උදෑසන ආහාරය සහ දහම් පඬුරක් ලබා දුන්නා.
කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ උදෙසා දහවල් බුද්ධ ජූජාව මෙන්ම, සන්ධ්‍යා ගිලන්පස පූජාව ද සියලු පුදසත්කාරයන්ගෙන් සමන්විතව ඉටු කෙරුණා.
හෙට අලුයම දක්වා ඓතිහාසික සේරුවාවිල පුණ්‍ය භූමියේදී කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ සහ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමේ ඓතිහාසික අවස්ථාව සැදැහැවතුන්ට හිමිවනවා.