නින්ද කියන්නේ අපි හැමෝටම අවශ්‍ය දෙයක්..
මේ ලිපියෙන් ඔබට වටින තොරතුරු රැසක් දැනගන්න ලැබේවී...
දවස මුළුල්ලේ වෙහෙස වී වැඩ කරන ඔබට සුවබර රාත්‍රි නින්දක් ලබා ගැනීමෙන් යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ඇති කරගත හැකිය. ඔබ නින්දට යෑමට පෙර සිදුකරන ඇතැම් පුරුදු නිසා ඔබේ මුහුණ මෙන්ම සම අවපැහැ ගැන්වේ. විශේෂයෙන්ම කාන්තා ඔබ නින්දට යෑමට පෙර සිදුකළ යුතු පිළිවෙත් කිහිපයක් මෙවර ඒදඨඥතඵ වෙතින් අප ඔබට ගෙන ඒමට සූදානම්.
නින්දට යෑමට පෙර මේකප් ගැල්වීමෙන් වළකින්න
නින්දට යෑමට පෙර රූපලාවණ්‍ය ආලේපන ගැල්වීමෙන් ඔබේ මුහුණේ සම ආශ්රිත ගැටලු රැසක් පැනනැඟිය හැකිය. ඔබ නිදා සිටින විට ඔබේ සම නිරන්තරයෙන් වෙනස් වීම්වලට ලක්වේ. මුහුණේ මේකප් තැවැරීමෙන් සමේ සිදුරු තුළ කුණු, දුහුවිලි, තෙල් යනාදිය තැන්පත් වී කුරුලෑ ආසාදන ඇති විය හැකිය. එසේම කළු ලප සහ සුදු ලප යනාදියත් පිග්මන්ටේෂන් වැනි තත්ත්ව පවා ඇති විය හැකිය. එබැවින් නින්දට යෑමට ප්‍රථම ඔබේ මුහුණේ සම සැහැල්ලුවෙන් තබා ගැනීමට අමතක නොකරන්න.
නින්දට යෑමට පෙර දෑත්වල හෑන්ඩ් ක්‍රීම් ආලේප කරන්න
සුන්දර දෑතකට හිමිකම් කියන්නට අපි කවුරුත් කැමැතියි. ඒ වෙනුවෙන් නින්දට යෑමට ප්‍රථම සෑම රාත්‍රියකම උණුසුම් ජලය සහ මෘදු සබන් යොදා ඔබේ දෑත් සෝදා ගන්න. ඉන් පසුව මෘදු තුවායකින් තෙත මාත්තු කර මෘදු මොයිස්චරයිසින් අඩංගු හෑන්ඩ් ක්‍රීම් ආලේප කරන්න. එයින් ඔබේ සමේ වියළි බව සහ රළු බව අඩු කර සමේ තෙතමනය පවත්වාගත හැකිය.
නින්දට යෑමට පෙර ඔබේ කෙස් කලඹ බැඳ තබන්න
කාන්තාවන් තමන්ගේ කෙස් කලඹට දක්වන්නේ අසීමිත ආදරයක්. කෙස් කලඹ විහිදුවා නිදා ගැනීමෙන් හිස කෙස්වල ඇති හිස්හොරි සහ තෙල් ඔබේ මුහුණේ තැවැරී කුරුලෑ ආසාදන ඇතිවිය හැකිය. එසේම උදෑසන අවදි වූ විට ගැට ගැසුණු හිසකෙස් ඔබට ගෙන දෙන්නේ මහත් පීඩාවක්. එබැවින් නින්දට යෑමට පෙර හිසකෙස් හොඳින් පීරා උඩට ගෙඩියක් සිටින ලෙස බැඳ නිදා ගැනීමෙන් සුවබර නින්දක් ඔබට හිමිවේ.
නින්දට යෑමට පෙර ඔබේ පාදවල පෙට්‍රෝලියම් ජෙලි ආලේප කරන්න
විඩාබර දෙපයටත්, ඉරිතැළුණු වියළී ගිය දෙපයටත් සුවදායී බවක් හිමිකර ගැනීමට ඔබේ දෙපතුල්හි පෙට්‍රෝලියම් ජෙලි හෝ මොයිස්චරයිසර් ආලේප කරන්න. දිනපතා නින්දට යෑමට ප්‍රථමව ඔබේ පාද උණුසුම් ජලයෙන් සෝදා මෘදු තුවායකින් තෙත මාත්තු කරන්න. පසුව පෙට්‍රෝලියම් ජෙලි ස්වල්පයක් හෝ මොයිස්චරයිසර් ආලේප කර සම්බාහනය කරන්න. දින කිහිපයකින් ඔබේ වියළී ගිය ඉරිතැළුණු දෙපතුල් සුවපත් වී සුන්දර දෙපා යුගලක් ඔබට හිමිවනු ඇත.
නින්දට යෑමට ප්‍රථමව දත් මදින්න අමතක නොකරන්න
දිනපතා ඔබ නින්දට යෑමට පෙර දත් මැදීමට හුරුවීම ඔබේ දන්ත සෞඛ්‍යයට බෙහෙවින් හිතකරය. රාත්‍රි ආහාරයෙන් විනාඩි 30කට පමණ පසුව දත් මැද උණුසුම් ජලයෙන් ඔබේ මුව සේදීමට අමතක නොකරන්න.
සුවබර නින්දක් ලබා ගන්න
නින්ද අපි හැමෝටම අත්‍යවශ්‍යයි. සුවබර නින්දක් නොලැබූ විට අප ලබන තෙහෙට්ටුව, පීඩාකාරී ස්වභාවය මෙතෙකැයි කිව නොහැකිය. සුවදායී නින්දක් නොමැතිවීමෙන් ඔබේ ඇස් යට අඳුරු පැහැය ඇතිවේ. ඇස් යට ගිලීම් වැනි තත්ත්ව ඇතිවේ. එමෙන්ම ලෙඩ රෝග සෑදීමේ වැඩි අවදානමක් තිබේ. පුද්ගලයකු පැය 07-08ක සුවබර නින්දක් ලබා ගැනීම ඔවුන්ගේ සෞඛ්‍යයට හිතකරය. එබැවින් විඩාබර දිනය අවසානයේ සුව නින්දක් ලබා ගැනීමට අමතක කරන්න එපා.
උපුටාගැනීම මව්බිම