ගොටුකොළ යනු මහඟු ගුණ ඇති පලා වර්ගයකි. මැල්ලුමක්, සලාදයක් හා කැඳ ලෙසද භාවිතා කරයි. ශාඛ අතර විටමින් බහුලව අඩංගුය. කැල්සියම්, ප්‍රෝටීන්, යකඩ, පොස්පරස්, විටමින් A, G, K සහ මැග්නීසියම් ඉතා ඉහල ලෙස අඩංගු වෙයි. ගොටුකොළ නිතරම ආහාරයට ගැනීමෙන් ලෙඩ රෝග වලින් වැළකී සිටීමට ප්‍රතිශක්තීකරණය වර්ධනයට ඉවහල් වෙයි. ගොටුකොළ පත්‍ර, නටුව, මුල් හා සෑම අංගයක්ම ඖෂධ සඳහා යොදා ගැනෙයි.
ආයුර්වේද ඖෂධයක් ලෙස ඉතාමත් ප්‍රයෝජනවත් ගොටුකොළ මුල් හා සමස්ත ශාකයම වියළා හෝ නැවුම් තත්වයෙන් ඖෂධීය ප්‍රතිකර්ම සඳහා පාවිච්චි කරනු ලැබේ. වියළා වායුරෝධක වීදුරු බෝතල් වල අසුරා තැබීමෙන් අවශ්‍ය වෙලාවට භාවිතයට ගත හැකිය.
ඖෂධීය ගුණ
ඖෂධීය ගුණයෙන් ඉහළ වන්නේ වෙල් වල හැදෙන හීන් ගොටුකොළයයි. ගොටුකොළ ශාකයේ ඖෂධීය ගුණය වැඩියෙන් ලබා ගත හැකි වන්නේ ගොටුකොළ අමුවෙන් භාවිතා කිරීමෙනි. ශරීරගත ලෙඩ රෝග බොහෝමයකට හෙළ ඔසුවකි.
• බිළිඳුන්ගේ කැස්සට
• ධාරණ ශක්තිය වැඩි කිරීමට
• පණු රෝග වලට
• ශරීරයේ දෑවිල්ලට
• සෙම් රෝග
ආදී රෝග බොහෝමයක් සුව කිරීමට ගොටුකොළ හේතු වනු ඇත. ඇස්වල පෙනීම මෙන්ම සම පැහැපත් කිරීමට ද බලපාන ඖෂධයකි. කුඩා දරුවන්ගේ කටහඬෙහි මිහිරි බව රැක ගැනීමට ද උදව් වෙයි. කුඩා දරුවන් සිටින කිරි දෙන මවුවරුන්ගේ මවුකිරි වැඩි කිරීමටද ගොටුකොළ හේතුවෙයි.
මුත්‍ර වර්ධකයක් සේ ක්‍රියාත්මක වන ගොටුකොළ මුත්‍ර මාර්ගයේ ආසාදන වළක්වාලීමට මෙන්ම උපදංශය, රක්තවාතය, ලාදුරු රෝගය, අතීසාරය, දියවැඩියාව, ඇදුම, ප්‍රදාහය, අක්මා රෝග වැනි රෝග රැසක් සුව කිරීමට හා ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට ඉතාම ගුණදායකය. කෑම රුචිය වර්ධනය සඳහා ගොටුකොළ යුෂ පානය ඉතාම සුදුසුය.
මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කරයි
ගොටුකොළ වල ඇති මතකය වඩවන ගුණය ඉතා ඉහළය. එනම් දේශීය වෙදකමට අනුව ගොටුකොළ ලොකු කුඩා සෑම අයෙකුගේම ධාරණ ශක්තිය සහ ස්මරණ ශක්තිය, බුද්ධිය වර්ධනය කරයි. ඒ නිසාම අධ්‍යාපන කටයුතු වල නියැලෙන දරුවන්ට මතක ශක්තිය වැඩි කර ගැනීමට ගොටුකොළ නිතර ආහාරයට ගැනීම ඉතාමත් ගුණදායකයි. ගොටුකොළ ඉස්ම එළකිරි සමඟ පානය කිරීම තවත් ගුණදායකයි.මතක තබාගන්න මේ වටිනා ගුණාංගය බහුලව පවතින්නේ හීන්ගොටුකොළ වල පමණක්ම බව.
ස්නායු රෝග සුවපත් කරයි
වයස් ගතවීමේදී ඇතිවන මතක ශක්තිය හීන වීමේ රෝගයටද ගොටුකොළ ගුණදායි ඖෂධයකි. උන්මාදය, මීමැස්මොරය රෝග සඳහා ඉතා ගුණදායකය. එසේම ස්නායු රෝග වලින් පීඩා විඳින රෝගීන්, මානසික රෝග වලින් පීඩා විඳින රෝගීන් ගොටු කොළ මැල්ලූමක්, සලාද ලෙස, කැඳ ලෙස වැඩි වශයෙන් ආහාරයට ගැනීමෙන් රෝග සුවපත් කර ගැනීමට උපකාරී වෙයි. එනම් එම රෝගීන් සඳහා ගොටුකොළ යුෂ මේස හැඳි 02 කට එළඟිතෙල් මේස හැඳි 02 ක් මිශ්‍ර කර දිනකට එක්වරක් බැගින් දිනපතා පානය කිරීමෙන් එම රෝග සඳහා සුවය ලැබේ.
පටක වලට අදාල ස්නායු ලේ නහර වර්ධනය කිරීම නිසා මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි කරයි. මනසේ පීඩනය, මානසික ව්‍යාකූලතාව දුරු කරයි.
පීනස් රෝගීන්ට ගුණයි
ශීර්ෂ රෝග හෙවත් හිස ආශ්‍රිත රෝග සඳහා ගොටුකොළ වටිනා ඖෂධයකි. පීනස රෝගීන් සඳහා ගොටුකොළ කොටා මිරිකා යුෂ කෝප්පයක් පානය කිරීම ඉතාමත් ගුණදායකයි. එසේම පීනසයෙන් පීඩා විඳින රෝගීන් සඳහා ගොටුකොළ වැඩිපුර රතුළූණු සමඟ සලාද ලෙස සතියකට දින 04 ක් හෝ 05 ක් ආහාරයට ගැනීමෙන් එම රෝගී තත්වය මඟහරවා ගත හැකියි.
රුධිර සංසරණයට හිතකරයි
ශරීරයෙන් රුධිර සංසරණ ක්‍රියාවලිය ක්‍රමවත් කරයි. එම නිසා අධිරුධිර පීඩනය, දියවැඩියාව, හෘද රෝග සඳහා හොඳ ආහාරයකි. රුධිර සංසරණ පද්ධතිය කෙරෙහි ඉතා හොඳ බලපෑමක් ඇති කළ හැකි ඖෂධීය පැලෑටියක් ලෙස ගොටුකොළ හඳුනාගෙන ඇති අතර අධිරුධිර පීඩන තත්වයට ප්‍රතිකාර වශයෙන් යොදාගනු ඇත. ශිරා සහ කේෂනාලිකා හරහා ශරීරය පුරා ඉතා හොඳ පීඩනයකින් යුතුව රුධිරය ගලා යෑමකට ගොටුකොළ හේතුවනු ඇත.
මුත්‍රා රෝග සහ පණු රෝග නසයි
මුත්‍රා පිටවීමේදී ඇතිවන වේදනාව, මුත්‍රා දැවිල්ල ඇතුළු මුත්‍රා රෝග වලට ගොටුකොළ මැල්ලුමක්, සලාද ලෙස හෝ කැඳ හෝ යුෂ වශයෙන් ගැනීමෙන් සුවපත් වෙයි. කුඩා දරුවන්ගේ පණු රෝග සේම තුවාල, දද, කුෂ්ඨ, අර්ශස් රෝග සඳහාද ගොටුකොළ වටිනා ඖෂධයකි. එසේම නින්ද නොයෑමේ රෝගයෙන් පීඩා විඳින රෝගීන් සඳහා ද ගොටුකොළ සුවය ගෙන දෙයි.
සැරව සහිත තුවාල සඳහා ගොටුකොළ තල තෙලෙන් අඹරා ආලේප කිරීමෙන් තුවාල සුව වෙයි. නමුත් අලුත් තුවාලයක් නම් ඇල්දියෙන් අඹරා ආලේප කළ යුතුයි. කුඩා දරුවන්ගේ පණු රෝග සඳහා පණු බෙහෙත් වෙනුවට ගොටුකොළ දඬු සමඟ වළඟසහල් සති 03 ක් පානය කිරීම ඉතාමත් ගුණදායකයි.
උපුටාගැනීමක්