අතීතයේ අපට තිබූ එක් ආහාර නිධානයක් තමයි දියබත් කියන්නේ.
මේ දියබත් අපේ ජීවිතයත් සමඟ ගහට පොත්ත වගේ එකට තිබ්බ හරිම රසවත්, ගුණවත් කෑමක්.
මේ දියබත නිකන් දුප්පත් කෑමක් වගේ පෙනුනත් මෙයින් ලැබෙන ගුණ කොච්චර පොහොසත් ද කියලා අද අපි ඔබට කියලා දෙන්නම්.
මෑත කාලයේ ඉන්දියාවේ පෝෂණ විශේෂඥයින් පිරිසක් එම රටේ අන්ද්‍රා කියන ප්‍රදේශයේ හරි අපූරු පර්යේෂණයක් කළා. ඔවුන්ට අවශ්‍ය වුනේ අන්ද්‍රා වල ආහාර සංස්කෘතියේ පෝෂණීයම සහ ගුණදායකම ආහාරය හොයාගන්න. ඉතින් ඔවුන් පර්‍යේෂණ රැසක් කරලා එයට උත්තරය හොයාගත්‍තා.
ඔබ දන්නවද? ඒ මොකක්ද කියලා. ඒතමයි "පාලන් කන්ජි". මේ පාලන් කන්ජි කියන්නේ වෙන දෙයකට නෙවෙයි. අපේ අත්තා මුත්තා නත්තා පනත්තාගේ කාලේ ඉඳන් අපි කාපු දියබත්ම තමයි. අපේ වට්ටෝරුවමයි ඔවුන් සතුව තිබ්බෙත්.
උදේ පාන්දර පාන් පිටි වලින් හදපු පිටි ගුලි ගිලිනවට වඩා මේ දියබත අඩුම තරමින් සතියට දෙවතාවක් වත් හදාගෙන කන්න පුළුවන් නම් එයින් ලැබෙන අසීමිත ගුණ ටික ඔබට අදහාගන්නත් බැරි වේවි.
දියබත හදන එක ලේසි උනාට එයින් ඔබට ලැබෙන ගුණ ටික ලෙහෙසි පහසු නෑ කියලා දියබතේ සැඟවුන පහත ගුණ කඳ දැක්කම ඔබටම තේරේවි.
දියබත් වල ගුණ
ඉතාම අඩු ග්ලයිසෙමික් දර්ශකයක් තියෙන නිසා දියවැඩියා රෝගීන්ට රත්‍තරන් වගේ ආහාරයක්.
මෙය ගැස්ට්‍රයිටිස් රෝගයට ඉතාම විශ්මිත බෙහෙතක්. කොටින්ම කිව්වොත් ගැස්ට්‍රයිටිස් නැතිකරලා දානවා කිව්වනම් ඒක හරි.
මෙමඟින් ආමාශයේ ඇති බොහෝ හානිදායක දේ ඉවත් කරනවා.
ශරිරයට විෂබීජ ඇතුළු වූ පසු සටන් කිරීමේ ප්‍රතිශක්තිකරණ හැකියාව වර්ධනය කරනවා.
මහලේ රෝග (ගර්භාෂගත රෝග) ඉතාම අවම කරනවා.
ඔසප් චක්‍රයේ ඇතිවන අසීරුතාවයන් හා අපිළිවෙල නැති කරනවා.
අවුරුදු 40 න් 50 න් පමණ පසුව සිදුවන ආර්තවහරණය නිසා ඇතිවන දුෂ්කරතා අවම කරනවා.
බඩවැල් වල ඇති තුවාල පුදුමාකාර ලෙස සුවපත් කරනවා.
අධික මලබද්ධය නැතිකරනවා.
මල බුරුල් කරනවා.
පොඩ්ඩක් කෑවත් බඩ පිරෙන නිසා බර අඩු කරගන්නත් හොඳ ආහාරයක්.
මොළයට හොඳ සුවදායක තත්වයක් ඇතිකරන නිසා දවසම ප්‍රීතියෙන් ඉන්න පුළුවන්.
තොල් පැලීම, කකුල් පැලීම, ගුද මාර්ගය පැලීම අවම කරනවා.
මෙය ශීත ගුණයෙන් යුක්ත නිසා උෂ්ණ රෝග හැදෙන්නෙත් නැහැ.
පිරිමින්ගේ පුරුෂ ශක්තිය වැඩිකරනවා.
ඉතින් දෙයියනේ තව මොනවද නේද..? අපිත් කමුකෝ දියබත්. දැන්නම් ඔයා දිනපතා වුනත් දියබත් කන්න ලෑස්තියි කියලා අපි දන්නවා. මෙන්න දියබත් හදාගන්න හරිම විදිහ. හරිම පහසුයි. හදලා කාලම බලන්නකෝ...
පාලන් කන්ජි හෙවත් දියබත් සකසන හැටි...
අවශ්‍ය ද්‍රව්‍ය
• පිසගත් බත් කෝප්ප 02 ක්
• සිහින්ව ලියාගත් අමුමිරිස් කරල් 02 ක්
• සිහින්ව ලියාගත් රතුළූණු ගෙඩි 05 ක්
• කරපිංචා ඉත්තක්
• ලුණු ටිකක්
• පොල්කිරි කෝප්ප 01 ක්
සාදන ක්‍රමය
01. කලින් දවසේ පිසගත් බත් කෝප්ප 02 ට වතුර කෝප්ප දෙකක් දමා රැයක් දියේ දාන්න. ශිතකරණයේ දැමීම අවශ්‍ය වෙන්නේ නැහැ.
02. පසුදා උදෑසන වතුර හොඳින් බේරා බත් ටික ගන්න.
03. දැන් එය පිරිසිදු වීදුරු බෝල් එකකට දමා එයට අමුමිරිස්, රතුළූණු දමන්න. කරපිංචා අතින් පොඩිකර දමන්න.
04. දැන් එයට අවශ්‍ය තරමට ලුණු දමන්න.
05. අවසානයට කිරි කෝප්පය දමා හොඳින් මිශ්‍ර කර පිරිසිදු පිඟානකට දමා කෑමට ගන්න.
මෙම දියබත් මාස 06 ක් කාලා බලන්න. මෙහි ප්‍රතිඵල විශ්මය ජනක බව ආසියානු ආහාර පිළිබඳ ලෝක සෞඛ්‍යය සංවිධානයේ නියෝජිතයින් පවා ප්‍රකාශ කරලා තියෙනවා.
ඔබගේ අමතර දැනුමට
රාත්‍රියේ ඉතිරි වන බත් මුට්ටියේ තබා එම බත් වැසෙන පරිදි ජලය වත්කර මුට්ටිය වසා තැබීමද සිදුකළ හැකියි.
පෝෂණ ගුණය අපතේ නොයැවීමට පසු දින දියබත් සකසා ගැනීමේදී මෙම ජලය ඉවත් නොකරන බව ඇතැම් අයගේ මතයයි.
මෙලෙස පෙරාගත් බත් වතුර පානය කරන අයද බොහෝ සිටියි.
උපුටාගැනීමකි...