හෙට 13 වැනිදා මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය 'අවධානය යොමුකළ යුතු' මට්ටක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනූව අම්පාර, මඩකලපුව, පොළොන්නරුව සහ මොනරාගල දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
එබැවින් අදාල දිස්ත්‍රික්කවල ජනතාව මේ සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බවයි පෙන්වා දෙන්නේ.
එම ප්‍රදේශවල වැඩ බිම් තුල සිටින ජනතාව ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම හා සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම මෙන්ම සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිතය සුදුසු වනවා.
මේ අතර නිවෙස් තුළ වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිලිබඳ සැලකිලිමත් වියයුතු බවයි සඳහන්.
වාහන තුළ කුඩා ළමුන් තනියම රඳවා නොයන ලෙසද එළිමහනේ අධික වෙහෙසකාරී කටුයුතු සීමා කරන ලෙසද ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්නැයිද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වනවා.