නුවරඑළිය - ගම්පොල ප්‍රධාන මාර්ගයේ කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුව ඇති බව පොලිසිය පවසනවා.
ඒ අනුව, එම අනතුරෙන් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් 35 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
කතරගම බලා ධාවනය වෙමින් තිබූ මගී ප්‍රවාහන ලංගම බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අනතුරින් තුවාල ලැබූ පිරිස් කොත්මලේ සහ නුවරඑළිය රෝහල් වෙත ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියා සිටියේ.
අනතුරෙන් මියගිය සංඛ්‍යාව 08ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, පිරිමි පුද්ගලයින් 05 දෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙකු ඒ අතර වන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ...