ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල විෂාද තත්ත්වයන්ගෙන් පෙළෙන ගුරු සිසුන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව ඒවායේ කථිකාචාර්යවරු පවසනවා... මෙවැනි තත්ත්වයක් පවතින්නේ වුව එම සිසුන්ට උපදේශන සේවා පවත්වාගෙන යෑමට පීඨයන්හි නීතිමය විධිවිධාන නොමැතිවීම බරපතළ බාධාවක්ව පවතින බවත් ඔවුහු සඳහන් කරනවා..
පීඨවලට ඇතුළත් කරගැනීමේ සම්මුඛ පරීක්ෂණවල දී හඳුනා ගත හැකි මෙවැනි සිසුන් ඉවත් කිරීමේ හෝ ක්‍රමවේදයක් නොමැති බවත් ඇතැම් අවස්ථාවල විෂාද තත්ත්වයන් මත ම සිසුන් ඇතුළත්කර ගැනීමට සිදුවන අවස්ථා පවතින බවත් කථිකාචාර්යවරු වැඩිදුරටත් සඳහන් කරනවා..
තුන් වසරකින් පසුව පුුහුණු ගුරුවරුන් ලෙස පාසල් පද්ධතියට එක්වන මෙම සිසුන්ට පවතින මෙම විෂාද තත්ත්වයන් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ගවලට අදාළව දැනුවත් කිරීමේ චක්‍රලේඛයක් හෝ නිකුත් කරන ලෙසයි මේ ගැන දැනුවත් කරමින් ඔවුන් පවසන්නේ..
වසරකට හාරදහසක පමණ සිසුන් සංඛ්‍යාවක් පීඨවලට ඇතුළත් වන නමුත් එම පීඨවල උපදේශන සේවා පවත්වාගෙන යෑමේ ඒකකයක් පිහිටුවා නොමැති බවයි වාර්තා වෙන්නේ
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය දැඩි අවධානය යොමු කළ යුතු බවයි සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා වෘත්තීය සංගමයේ ප්‍රධාන ලේකම් ධම්මික මිරිහාන මේ ගැන අදහස් දක්වමින් කියා සිටියේ..
අරුණ පුවත්පත ඇසුරෙන්..