Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
10
"මම මේ ගමන පටන් ගත්තා විතරයි... ඒ ගැන කියන්න නම් දන්නේ නැහැ..." ආදරයක් ගැන අහනකොටම සයාගී ලැජ්ජ වෙලාද..?

- "මම මේ ගමන පටන් ගත්තා විතරයි... ඒ ගැන කියන්න නම් දන්නේ නැහැ..." ආදරයක් ගැන අහනකොටම සයාගී ලැජ්ජ වෙලාද..?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,282 Views
"සයාගී සයාගී ගයා ගී සයාගී.. නේසර නේසර කේසර නේසර.." හිරු බලන ඔබට නම් මේ ගී පදය හොඳටම සුපුරුදු ඇති..

අපේ හිරි වේදිකාව හරහා බිහිවුණු අපූරු තරු ද්විත්වයක් තමයි සයාගී වගේම නේසර කියන්නේ.. මේ දෙන්නාගේ නම් එකටම කියවුණාට, මේ කියන්න යන්නේ සයාගී ගැන කතාවක්..

කොහෙන්ද ඒ මූණට මෙච්චර ලස්සන හිනාවක්.. කෙල්ලො මේ දවස්වල වශී වෙලා ඉන්න සයාගී තමයි ඔහුගේ හඬ මේ විදිහට අවදි කරලා තිබුණේ..

ගායකයෙක් වෙන්න ආව ඉඳුවර සයාගී කොහොමද නළුවෙක් වුණේ?

නළුවෙක් වෙන්න ප්‍රධාන හේතුව අපේ විරාජ් වැලිවත්ත සර්. මම නේසර අපි කට්ටියම හිරු ස්ටර් වේදිකාවේ අවසන් 12දෙනා අතරට තේරුණා. ඉතින් අවසන් 12දෙනාට තේරුණාට පස්සේ නිවන්ත ප්‍රසාර සර් කතා කරලා කිව්වා එන්න පොඩ්ඩක් කතා කරන්න පුතා කියලා. එදා තමයි අපිට කිව්වේ අලුත්ම නාට්‍යයක් කරන්න යනවා. එහි ප්‍රධාන චරිත දෙකට අපි දෙන්නවම තෝරාගෙන තියෙනවා. කරන්න තියෙන්නේ හොඳම යාළුවො දෙන්නෙක්ගේ චරිත දෙකක්. චරිත දෙකේ නම වෙන්නෙත් අපේ නමම තමයි කියලා. ඒකට කැමතිද කියලා ඇහුවා. අපි කැමති වුණා.

රංගනය කියන දේටත් ආසාවක් තිබ්බද?

පොඩි කාලේ ඉඳන් රංගනය කරනවා කියන දේ ඔළුවේ තිබුණේ නැහැ. මම හරිම ආසයි ශාරුක් ඛාන්ගේ චිත්‍රපට බලන්න. මම ආස බොහොම ආදරණිය චරිතවලට. හැබැයි රඟපානවා කියන දේට වඩා සංගීතය පැත්තෙන් ගමනක් යන්න තමයි පොඩි කාලේ ඉඳන් ආසාවක් තිබුණේ.

අධ්‍යක්ෂවරයා මුලින්ම චරිතේ ගැන පැහැදිලි කළේ කොහොමද?

නිවන්ත සර් තමයි අපේ අධ්‍යක්ෂවරයා. අපේ මුල්ම ෂූට් එක තිබුණේ මීගමුවේ. අපි දෙන්නා ඒ චරිත දෙකට සාධාරණයක් කරනවා ද කියන එක බලන්න පොඩි ෂූට් එකක් කළා. එදා අපි එතැනට යද්දී මුකුත්ම දැනගෙන හිටියේ නැහැ. අපි නිවන්ත සර්ගෙන් ඇහුවා මොකක් ද කරන්න ඕනේ කියලා. අපිට තිබුණේ දුවගෙන එන ෂූට් එකක්. නිවන්ත සර් කිව්වේ මුකුත්ම හිතන්නේ නැතුව අපි දෙන්නගේ තියෙන නැචුරල් එකම තියා ගන්න කියලා.

මේ වෙද්දී ලබන ප්‍රේක්ෂක ආදරේ ගැන කිව්වොත්

ලොකු ප්‍රේක්ෂක ආදරයක් ලැබෙනවා. මුලින්ම මතක් කරන්න ඕනේ හිරු ස්ටර් සීසන් 4 වේදිකාව. ඒ හරහා තමයි ප්‍රේක්ෂකයින් අතරට එන්නේ.

එතැනින් ලොකු ආදරයක් ලැබුණා. ඊට පස්සේ පෙබරවාරි 14 වෙනිදා ආදරවන්තයින්ගේ දවසේ තමයි මුලින්ම නාට්‍යය පැයක් විකාශය වුණේ. එදා ඉඳන් අද වෙනකම් ඉහළ ප්‍රේක්ෂක ආදරයක් ලබනවා. ඒ ආදරේ ලැබෙද්දී මට ලොකු ආශිර්වාදයක් වෙලා තියෙනවා මගේ ජීවිතේට. ප්‍රේක්ෂකයින් මට ආදරේ කරනවා වගේම මමත් ප්‍රේක්ෂකයින්ට ආදරේ කරනවා.

දිගටම රඟපාන්න ද කැමැත්ත

රඟපාන්න ද සින්දු කියන්න ද කැමති කියන එක මගෙනුත් ගොඩක් අය අහනවා. රඟපානවා කියන එක සුන්දර අත්දැකීමක් වගේම ගායනයත් මට නම් සුන්දර අත්දැකීමක්. ඒ නිසා විශේෂත්වයක් නැහැ. අංශ දෙකටම එක වගේ ආදරේ කරනවා.

රංගනය නිසා ගායනය මඟ හැරෙයි ද?

කවදාවත්ම නැහැ. මම මේ ක්ෂේත්‍රයට එන්නේ ගායනය නිසා. ඉදිරියටත් රංගනය සහ ගායනය කියන අංශ දෙකේම නියැළෙන්න තමයි බලාපොරොත්තුව.

මේ වෙද්දී ඔබේම ගීත නිර්මාණය කරමින් ද ඉන්නේ?

නාට්‍යය තුළින්ම අපේම ගීත නිර්මාණය වෙලා තියෙනවා. ඊට අමතරව මගේම ගීත කිහිපයක් කරගෙන යනවා. ඒ නිර්මාණත් ඉදිරියේදී අහන්න ලැබෙයි. මා එක්ක දිගටම ඉන්න කියලා ආරාධනා කරනවා.

සයාගී සහ නේසර මේ මිතුදම ඇති වෙන්නේ කොහොමද?

මේ මිතුදම ඇති වෙන්නේ හිරු ස්ටාර් සීසන් 4 වේදිකාව හරහා. මුලින්ම නම් අපි එතරම් සමීප වෙලා හිටියේ නැහැ. මොකද ඒ වෙද්දී 300කට අධික පිරිසක් හිටියා. වට කිහිපයක් ඉදිරියට යද්දී කට්ටිය අඩු වෙලා අවසන් 48 වගේ වෙද්දී තමයි මට නේසරව හමුවෙන්නේ. නේසර ඉන්නේ ගම්පහ. මම නැවතිලා හිටියේ රාගම. අපි දෙන්නා ෆිට් වුණාම නේසර මාව එයාලගේ කාර් එකේ කඩවතට එක්කගෙන ගියා. එතැනින් පස්සේ දිගටම වුණේ සෙනසුරාදා ඉරිඳා හැමදාම මාව කඩවතින් දාගෙන අපි හයිවේ එකේ ගිහින් හිරු ලයිෆ් ස්ටුඩියෝ එකට යනවා. ඒ ගමන හැම සති අන්තයකම හිරු ස්ටර් සීසන් 4 වේදිකාවේ අවසන් මහ රාත්‍රිය වෙනකම් වුණා. ඒ එක්කම මතක් කරන්න ඕනේ නේසරගේ දෙවැනි අයියා එඩ්රියන් අයියාව. අපි තුන්දෙනා තමයි හැමදාම එකට ආවේ ගියේ. නෙස්ර කියන්නේ මට හම්බවුණු හොඳම යාළුවෙක්.

ඉඳුවර සයාගීගේ පවුලේ විස්තර කොහොමද?

අම්මා තාත්තා සහ නංගිලා තුන්දෙනෙක්. අම්මා අවුරුදු තුනක් තිස්සේ විදේශගත වෙලා ඉන්නේ. මේ අවුරුද්දේ දෙසැම්බර්වල අම්මා ලංකාවට එනවා. අම්මාව ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕනේ. අම්මා මගේ ගැන ගොඩක් හොයලා බලනවා. අම්මා හැම වෙලාවේම කතා කරලා මගේ මානසික ශක්තිය ආර්ථිකමය ශක්තිය හදනවා. සමහර දවස්වල මට නින්ද යනකම් අම්මා මා එක්ක කෝල් එකේ ඉන්නවා. ඒ එක්කම මගේ අප්පච්චි නිසයි අද මම මෙතැන ඉන්නේ. අප්පච්චි මමයි ඉන්නේ හොඳම යාළුවෝ වගේ. මගේ ලයිෆ් එකේ මෙන්ටෝ විදියට සලකන්නේ මගේ අප්පච්චි. මට නංගිලා තුනක් ඉන්නවා ලොකුම නංගි මේ වෙද්දී උසස් පෙළ කරනවා, දෙවැනි නංගි 9 වසරේ. මගේ පුංචිම නංගි දෙක වසරේ.

ප්‍රේක්ෂක ආදරේ අතරේ ගැහැනු ළමයින්ගේ ආදරේ තදින්ම දැනෙනවා ඇති නේද?

ඔව්. ගැහැනු ළමයින්ගෙන් ප්‍රතිචාර ලැබෙනවා. හැබැයි මට දැනෙන විදියට ගැහැනු පිරිමි භේදයකින් තොරව මට ආදරේ කියන දේ ලැබෙනවා. ඒ ලැබෙන ආදරේ මම නිහතමානීව භාර ගන්නවා. ඒ ලැබෙන්නේ ඇත්ත ආදරයක් කියන එක මට දැනෙනවා.

ක්ෂේත්‍රයේ කෙනෙක්ටම හිත යයි ද?

ඒ ගැන දැනට මම හිතන්නේ නැති නිසා ඒ ගැන කියන්න නම් දන්නේ නැහැ. මම මේ ගමන පටන් ගත්තා විතරයි. ඒ නිසා මම මේ ක්ෂේත්‍රය ගැන ඉගෙන ගනිමින් මගේ ගමන හදා ගන්න එකට තමයි මුල් තැන දීලා තියෙන්නේ.

ජීවිතේ හෙට දවස ගැන කොහොමද හිතාගෙන ඉන්නේ?

දිගුකාලීනව මට තියෙන එකම බලාපොරොත්තුව වයස අවුරුදු 30 වෙද්දී ජිවිතේ සාර්ථක කර ගත්තු කෙනෙක් විදියට සමාජගත වෙන්න.



සිළුමිණ පුවත්පත ඇසුරෙන්.. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top