Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
09
දු‍ටුගැමුණු රජුගේ අභිරහස් මරණය ගැන අප්‍රකට ජනකතාවක්

- දු‍ටුගැමුණු රජුගේ අභිරහස් මරණය ගැන අප්‍රකට ජනකතාවක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,995 Views
 දු‍ටුගැමුණු රජතුමා ලංකා ඉතිහාසයේ ස්වර්ණමය නාමයක් සනිටුහන් කරපු රජතුමෙක්...

මේ කියන්න හදන්නේ එතුමාගේ අභිරහස් මරණය ගැන පැවත එන වැඩිය ප්‍රකට නොවූ කතාවක්... ජන කතාවක්...
ලංකාව පාලනය කළ රජුන් අතරිනුත්, ලංකාව එක්සේසත් කළ රජුන් අතරිනුත් දු‍ටුගැමුණු රජතුමා ශ්‍රේෂ්ඨ වෙනවා. ඔහුගේ පාලන සමය සහ මරණය ගැන මහාවංශ-ථූපවංශාදී පොත්පත් වල සඳහන් වුණත්, මරණයට හේතු වුණු රෝගය පිළිබඳව නම් මේවායේ සඳහනක් නෑ. දු‍ටුගැමුණු රජතුමාගේ මරණය පිළිබඳව අප වුණත් අසා තිබෙන්නේ, රුවන්වැලි සෑයේ ගොඩනැගීම නිමවන්නට ප්‍රථමව ඔහු යම් රෝගයකින් මරණාසන්න වූ බවත්, සද්ධාතිස්ස කුමාරයා විසින් සෑයේ වැඩ නිම නොවූ පෙදෙස සුදු රෙද්දෙන් වසා ඔහුට පෙන්වූ බවත් පමණයි.

ඔහුගේ මරණයට හේතුව වගේම, රජතුමාගේ බිසෝවරුන් ගැනත් ඉතිහාසයේ සඳහනක් නැහැ. රජු ඇතැම්විට ක්ෂත්‍රිය කුල කාන්තාවක් සරණ පාවා නොගත් නිසා එය නොලියවෙන්නට ඇතියි කියලා අනුමාන කරන්න පුළුවන්. රජුගේ විවාහය වගේම මරණයත් මහාවංශාදී පොතපතෙහි සඳහන් නොවන්නේ එයත් සටහන් කර තැබීමට නොහැකි ආකාරයේ කරුණක් නිසාදැයි අපි දන්නේ නැහැ. කෙසේ නමුත්, රජුගේ මරණය සිදුවීමට හේතුව මෙන්ම, එයට හේතු වූ රජුගේ බිසවක් ගැනත් අප්‍රසිද්ධ ජනකතාවක කියැවෙනවා.


දුටුගැමුණු රජු පැහැරගත් ධාතූන් සහ නාග කන්‍යාව

දු‍ටුගැමුණු රජතුමා සිය අවසන් කාලයේ දී රුවන්වැලි සෑය සෑදීමේ කතාව අපි කවුරුත් දන්නවා. එක්තරා මහරහතන්වහන්සේ නමක් මේ චෛත්‍යයේ නිධන් කිරීමට සර්වඥධාතූන් ද්‍රෝණයක් පමණ නාග ලෝකයෙන් ගෙන ආ බව ඇතැම් පොත්වල සඳහන් වෙනවා. ඉතින් සෑයේ ධාතු නිධන් කළාට පසුව ඒවා වන්දනා කරන්න දිනපතාම වාගේ නාලොවින් නාගයින් පැමිණීම පුරුද්දක් වී තිබුණාලු. ඔය අතරේ නා රජුගේ දියණියන් ද සිටි බවයි කියැවෙන්නේ.

දිනක්, චෛත්‍යයට කඩුපුල් මල් පූජා කර තිබෙන බව රාජපුරුෂයෙකු දැක තිබෙනවා. මේ, නාලොව තිබෙනවාය කියන කඩුපුල් මල් වෙන්නට ඇතිය කියන අනුමානයෙන්, පසු දා රාත්‍රියේ ඔහු චෛත්‍ය අසල සැඟවී බලා සිටිනවා.

මධ්‍යම යාමය ලබත්ම ශෝභමාන නාග කන්‍යාවක් පැමිණ, කඩුපුල් මල් පූජා කර සෑය වැඳ අතුරුදන් වනවා රාජ පුරුෂයා දු‍ටුවා. දුටු දෙයින් පුදුමයට පත්වන ඔහු එම තොරතුරු රජුට වාර්තා කළා. රාජපුරුෂයා කළ විස්තරය ඇසූ රජතුමාට “එතරම් රූමත් නාග කන්‍යාව තමා හිමිකර ගත යුතුයි” කියන චේතනාව පහළ වුණා ලු. ඉතින් ඊළඟ දිනයේ දී රාජ අණට අනුව සෑය ළඟ ‍රැක සිටින රාජ පුරුෂයින්, බුදුන් වැඳ අවසන් වන්නටත් පළමුවම ඈව අල්ලාගත්තා. මිනිස් ස්පර්ෂයෙන් පසු අමනුෂ්‍යවර්ගයාට ඇති අතුරුදන් වීමේ හැකියාව නැතිවෙන බව කියනවනෙ. නාග කන්‍යාවටත් එසේම වුණා.


රාජ පුරුෂයින් නාග කන්‍යාව රජුට වෙතට ගෙනයෑමෙන් අනතුරුව ඇගේ ශෝභමාන පෙනුමට වශී වූ රජතුමා, ඈව බලෙන්ම විවාහ කර අගබිසෝ තනතුරේ තබාගත්තා.

පළිගන්නා නා රජෙක්

රුවන්වැලි සෑය වඳින්නට ගිය දියණිය ආපසු නොපැමිණීම නිසා ඈ සොයාගෙන එන්නට නා රජු නාගයින් කීපදෙනෙක්ව අනුරාධපුරයට එවනවා. එහි වැසියන් සමඟ කතාබහෙන් පසු, දු‍ටුගැමුණු රජතුමා එම නාග කන්‍යාව බලෙන්ම බිසෝ තනතුරේ තබාගෙන සිටින බව දැනගන්නා ඔවුන් ආපිට ගොස් එම පුවත නා රජුට වාර්තා කරනවා. ප්‍රථමව තමා සන්තකව නාලොව තිබූ ධාතූන් ගෙනයෑමත්, දෙවනුව ඒවා වැඳීමට ගිය සිය දියණිය පැහැරගැනීමත් නිසා දු‍ටුගැමුණු රජු පිළිබඳව නා රජුට ඇතිවන්නේ බලවත් කේන්තියක්. දු‍ටුගැමුණු රජුගෙන් පළිගැනීමට අදහස් කරන නා රජු නාග මානවකයෙකු කැඳවා, “දු‍ටුගැමුණු මරා මිස නැවත නොපැමිණෙවැ”යි කියා ඔහුව මනුෂ්‍ය ලෝකයට පිටත් කරවනවා.

අණ පරිදි අනුරධපුර පිහිටි රජුගේ මාළිගයට පැමිණෙන නාගයා, රජුගේ සයනය යට සැඟවී සිට රජුට දෂ්ට කරනවා. එවිටම වාගේ නින්දෙන් පිබිදෙන රජු නාගයෙකු සයනය යටට ඇදෙනු දැක කෑගසා, ඒ අසා පැමිණි ගබඩා භාර නිලමේට නයෙක් තමාට දෂ්ට කළ බව කියා සිහිමූර්ජා වෙනවා. ඇඳ යට නයෙකු නොසිටියත්, කපුරුනාද නම් රාජ විෂ වෛද්‍යවරයා කැඳවන ලදුව, ඔහු විසින් රජුව විෂහරණ ඔරුවක බහා, නිල අල්ලා, ඖෂධ ගල්වා කරන ලද ප්‍රතිකාර වලින් පසු රජු සුවපත් වෙනවා. රජු මියෙනතෙක් මනුලොව නැවතී සිටි නාග මානවකයා මෙයින් පත්වන්නේ අධික කෝපයකට.

ආපසු නාලොවට නොයන ඔහු, ඊළඟ සතියේත් රජුට දෂ්ට කළත්, කපුරුනාද වෙදතුමා රජුව නැවතත් සුව කරනවා. මෙයාකාරයෙන් විවිධ තැන්වල, විවිධ වේලාවන්හි ‍රැක සිට සත්වරක් රජුට දෂ්ට කළත්, ඒ සියලු වතාවන් වලදී කපුරුනාද වෙදතුමා රජු සුවපත් කිරීමට සමත් වෙනවා. රජු මරාදමා මිසා ආපසු යන්නේ නැතැයි අධිෂ්ඨාන කරන නාගයා රජතුමා මරන්නට උපායක් කල්පනා කරනවා.

නැකැත් බලා දෂ්ට කිරීමේ ශාස්ත්‍රය
සුව කළ හැකි සර්ප දෂ්ටනයන් මෙන්ම, සුව නොකළ හැකි සර්ප දෂ්ටනයන් ද තිබෙන බව දේශීය විෂ විද්‍යාවේ සඳහන්. “මර යෝග” යනුවෙන් ද හැඳින්වෙන්නේ මේවායි. යමෙකු මැරීමේ ශාස්ත්‍රය දන්නේ ඔහු සුවපත් කිරීමට දන්නා තැනැත්තාමයි. එනිසා රජුට දෂ්ට කිරීම සඳහා මෙවැනි “මර යෝගයක්” කපුරුනාද වෙදතුමාගෙන්ම අසා දැනගත යුතු බව නාගයා කල්පනා කළා.

මෙවර මසක් පමණ කාලයක් රජතුමාට දෂ්ට නොකර සිටි නාගයා, නාග ආපදාව අවසන් බව කල්පනා කළ වෙදතුමා මාළිගයෙන් නික්මී ඈත දනව්වක පිහිටි සිය ගම් බලා යන තෙක් ඉවසීමෙන් සිට, මනුෂ්‍ය වේශයක් ගෙන මග ‍රැක සිටියා. මග පිහිටි අම්බලමක දී අහම්බෙන් මුණගැසුණු බවක් අඟවා වෙදතුමා හා ආගිය තොරතුරු සාකච්ඡා කළ ඔහු, “මේ ළඟකදී ඔබතුමා කීපවිටක් රජු බේරාගත්තා නොවේද, ඔබතුමාට සුව නොකළ හැකි දෂ්ටනයන් තිබේයැයි මම නම් සිතන්නේ නැතැ”යි කිව්වාලු. විෂ වෙදකම සොයාගත් සෘෂීන්ට පවා සුවකළ නොහැකි අන්දමේ දෂ්ටනයන් තිබෙන බව මෙයට ප්‍රතිචාර ලෙස කපුරුනාදතුමා ප්‍රකාශ කර තිබෙනවා.

තමාටත් ඒවා කියාදෙන ලෙස නාගයා කළ ඉල්ලීම නිසා, රජතුමා මරාදැමීමට මෙසේ අසනා බවක් නොදත් වෙදතුමා, දෂ්ට කළ ගමන්ම මැරෙන නැකැත්, පැය කීපයකින්, දින කීපයකින් මැරෙන නැකැත් ආදිය ගැන විස්තරයක් නාගයාට පැවසුවා. සාකච්ඡාවෙන් මද වේලාවකට පසුව වෙදතුමාගෙන් සමුගත් නාගයා ආපසු හැරී මාළිගයට ගොස්, අසාගත් නැකතක් පැමිණෙන තුරු ‍රැක හිඳ, දින සතකින් මැරෙන නැකතක් උදා වූ විට රජතුමාට දෂ්ට කළා.

දු‍ටුගැමුණු රජුගේ මරණය

රජතුමාට නැවතත් නයෙකු දෂ්ට කර තිබෙන බව දැනගත් වහාම කපුරුනාද වෙදතුමා වෙත දූතයෙකු පිටත්කර යැවුණා. දූත ලක්ෂණ අනුව වෙදතුමා දැනගත්තාලු මෙවර නම් රජතුමා ගලවාගැනීමට නොහැකි බව. නමුත් දෂ්ට කර ඇති නැකතට අනුව රජුගේ ජීවිතය දින සතක් ‍රැකෙන බව දැනගත් ඔහු වහා රජු දැකීමට පිටත්ව ගියා. සිහිමූර්ජාව සිටි රජතුමාට ප්‍රතිකාර කර සිහිගැන්වූ වෛද්‍යවරයා රජුට සැලකරන්නේ මෙවර නම් එතුමා බේරාගැනීම තමාට තබා විෂ විද්‍යාව සොයාගත් සෘෂිවරයාටත් නොහැකි බවත්, සත් දිනකින් මරණය ස්ථිර බවත්. වේදනාවෙන් පීඩා විඳිමින් එය අසන රජතුමා තමන්ට මෙය සිදුකරන්නට ඇත්තේ තමන් බලහත්කාරයෙන් බිසෝ තනතුරේ තබාගත් නාග කන්‍යාවගේ ඥාතියෙකු විය හැකි බව අනුමාන කළා ලු. ඉන් අනතුරුව අමාත්‍යාදීන් ‍රැස්කර, සද්ධාතිස්ස කුමරුන් ද ගෙන්වා රාජ්‍ය පාලනයත්, මහා සෑයේ වැඩකටයුතු අවසන් කිරීමත් ඔවුන්ට පැවරූ දුටුගැමුණු රජතුමා, දෂ්ටනයෙන් සත් දිනක් ගෙවුණු තැන මරණයට පත්වුණු බවයි ජනකතාවේ කියවෙන්නේ.

මේ ජනකතාව තහවුරු කිරීමට තරම් සාක්ෂියක් ඉතිහාසයෙන් හමුවන්නේ නැතත්, කපුරුනාද නම් විෂ වෛද්‍යවරයෙකු උතුරුමැද පළාත ආශ්‍රිතව විසූ බවට ලිඛිත සාධක හමුවෙනවා. කෙසේ නමුත් ඒ ගැනත් ඊට වඩා සාක්ෂියක් සොයාගන්නට නැහැ.

උපුටාගැනීමකි. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top