මේ සිද්ධිය මාධ්‍යවල බොහෝ සෙයින් වාර්තා කරනවා දැකගන්න ලැබුණා..
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්..
කොට්ටාව - මාලපල්ල ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා...
මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්...
ඊයේ රාත්‍රි 8.00ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබුණේ, කොට්ටාව - මාලපල්ල - පංසල පාර ප්‍රදේශයේදීයි...
යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුව තිබුණා..
වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වූ බව,රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා..
වෙඩි තැබීම සඳහා පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති අතර වෙඩි වැදුණු පුද්ගලයා වැටී සිටි ස්ථානයේ තිබී මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල ගිනි අවි සඳහා භාවිත කරන උණ්ඩ කිහිපයක් ද පොලිස් විමර්ශනවලදී සොයාගෙන තිබෙනවා..
වෙඩි තැබූ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණය හෝමාගම මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා..
මෙම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක්...
පොලිසිය සඳහන් කළේ වෙඩි තැබීම සඳහා වෙඩික්කරුවන් පැමිණි ආකාරය හා වෙඩි තැබීමට හේතුව අනාවරණය වී නොමැති බවයි...
මෙම වෙඩි තැබීමට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ක්‍රියාත්මක අතර හෝමාගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා...
වසරේ මේ දක්වා වෙඩි තැබීම් සිද්ධීන් 43ක් වාර්තා වී ඇති අතර ඉන් මියගිය සංඛ්‍යාව 30ක්...