මේ කියන්න යන්නේ තවත් එක් හද සසල කරන සංවේදී කතාවක්..
අම්පාර පදියතලාව පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් සැරයන්වරයෙකු අද (06) අලුයම 5.20ට පමණ තම රාජකාරි අවියෙන් වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා..
ඔහු රාජකාරි අවස්ථාවේදි මෙලෙස වෙඩි තබාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බිබිල දිය කොබල ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙක්..
ඔහු ලබන වසරේ විශ්‍රාම යෑමට නියමිතව තිබූ බවයි සඳහන් වෙන්නේ..
පසුගිය වසරේ මෙම සැරයන්වරයාගේ බිරිඳ පිලිකාවෙන් මියගොස් ඇති බවද සඳහන්..
මෙම නිලධාරියා ඉකුත් 05 වෙනිදා රාත්‍රි පදියතලාව පොලිස් ස්ථානයේ රාජාකාරි යොදවා ඇති අතර තමන්ගේ ඇස් දෙක පෙනිමේ අඩු බව පවසා පදියතලාව පොලිසියේ ඉදිරියේ මුරකුටියේ රාජකාරිය ඉල්ලා ගෙන එම මුරකුටියේ සේවය කර ඇති අතර අද අලුයම මුරකුටිය තුලදිම රාජකාරි ගිනි අවියෙන් නිකට පෙදෙසට වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇති බවයි සඳහන් වෙන්නේ..
පදියතලාව පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි...