මේ කියන්න යන්නේ විදෙස් රටකින් වාර්තා වුණ තවත් හද සසල කරන කතාවක්..
අමෙරිකාවේ - යෙලෝස්ටෝන් ජාතික වනෝද්‍යානය අසල සිදුවූ අනතුරකින් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 08 දෙනෙකු තුවාල ලබා තිබෙනවා..
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වනෝද්‍යානය අසල වූ අධිවේගී මාර්ගයේ ගමන් කරමින් තිබූ ට්‍රක් රථයක් සහ සංචාරක බස් රථයක ගැටී රථ දෙකේ ඇති වූ ගින්නකින් මෙම අනතුර සිදුව ඇති බවයි..
කෙසේ වෙතත් මියගිය පිරිස සහ තුවාල ලැබූවන්ගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නොමැති අතර, අනතුරට හේතුව එරට බලධාරීන් විමර්ශනයක් සිදු කරන බව සදහන්..