Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
03
කැමතිද දැනගන්න.. ඔබේ ලග්නයට මේ සතිය කොහොමද...?

- කැමතිද දැනගන්න.. ඔබේ ලග්නයට මේ සතිය කොහොමද...?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,134 Views
මේ කියන්න යන්නේ මේ සතියේ ඔබේ ලග්නයට  අදාල පලාඵල ගැන කතාවක්.. 

මේ සතිය ආරම්භ වෙන්න මත්තෙන් ඔබේ වැඩ සැලසුම් කරගන්නත් ඇත්තෙන්ම මේ පලාපල ඔබට උපකාර වේවි..

මේෂ

හදිසි ජයග්‍රහණ

සැනසිලිදායක බව තරමක් දුරට අඩු කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 3, 4, 5, 6 යන භාව මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

උත්සාහයෙන් කටයුතු සිදුකරයි. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. පැරැණි හිතවත්කමක් අලුත්වන සතියකි. වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කළයුතු බවක් පෙනේ. ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන සතියකි. සතිය මැද කාලයේ දී දුර ගමනකට සැලසුමක් ඇති කර ගනී.

රැකියාව

රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස් කරයි. අමතර ලැබීම් සහිත රැකියා මාර්ගවලට හේතු යෙදේ. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවල නියැළී සිටින අයට සුබදායකයි. තනතුරු වෙනනසක් සිදුවීමට ඉඩ ඇති සතියකි.

අධ්‍යාපනය

තරගකාරී කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවෙයි. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙන බවක් පෙනේ. හදිසි ජයග්‍රහණයක් පිළිබඳ අසන්න ලැබෙන සතියකි. අලුත් පොත්පත් කියවීමට වෙහෙසෙයි.

සෞඛ්‍යය

ශාරීරක වෙහෙස මහන්සිය ඇති කරන බවක් පෙනේ. පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. වරින් වර ඇති කරන ක්ලාන්ත ගතියකට ප්‍රතිකාර පතයි.

අය 07 වැය 05

ජය අංකය - 07

ජය වර්ණය - කොළ

සුබ දවස - බදාදා



වෘෂභ

උසස් රැකියාවලට සුබයි

පැරැණි හිතවත්කමක් අලුත් කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 2, 3, 4, 5 යන භාව මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

ලැබීම් සහිත සතියක් වුවත් වැයපස අධික වන බවක් පෙන්නුම් කරයි. ඥාති මිත්‍රාදීන් අතර කැපී පෙනෙන කාලයකි. වාහන ගනුදෙනුවක් සම්බන්ධ වෙහෙසෙන බවක් පෙනේ. පුණ්‍ය කටයුත්තකට සහභාගිවීමට අවස්ථාව උදා කරයි. වෙනදාට වඩා පවුලේ අය සමඟ විනෝදයෙන් කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි.

රැකියාව

රැකියාවේ වගකීම් බහුලවන කාලයකි. උසස් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. එමෙන්ම සෞන්දර්යාත්මක රැකියා කටයුතු සම්බන්ධ අලුත් බලාපොරොත්තු ඇති කරයි. දුරදිග බලා රැකියාවේ කටයුතු කළයුතු කාලයකි.

අධ්‍යාපනය

තරමක බාධා යෙදුණත් අධ්‍යාපන කටයුතු සාර්ථක ලෙස කරගෙන යන බවක් පෙන්නුම් කරයි. තරගකාරී කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවෙයි. විශේෂ පාඨමාලාවක් හැදෑරීමට පදිංචි ස්ථානයෙන් පිට සිටීමට කටයුතු උදා කරයි.

සෞඛ්‍යය

පපුව පෙනහැල්ල ආශ්‍රිත ආබාධයක් හට ගැනීමෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. හදිසි වෛද්‍ය පරීක්ෂණයකට භාජනය වීමට සිදුවන සතියකි.

අය 06 වැය 04,

ජය අංකය - 03,

ජය වර්ණය - කහ,

සුබ දවස - සිකුරාදා

මිථුන

පවුලෙන් ප්‍රශංසා

ශාරීරික වෙහෙසීම් බහුල කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 1, 2, 3, 4 යන භාව මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

නිතර වයසින් වැඩි අය හා ඇසුරට යොමුවෙයි. අඹුසැමි සුහදතාවයට බාධා ඇති කරන සතියකි. වෙහෙසීම් බහුල කටයුතු කීපයක් යෙදේ. හදිසි ගනුදෙනුවකට ඉඩකඩ ඇති බවක් පෙනේ. විදෙස් ඥාතියකුගේ උපකාරයක් හිමිකරයි. පවුලේ අයගේ ප්‍රශංසාවට ලක්වන කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. වෙහෙසීම් බහුල රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. රැකියාවේ කටයුතු හේතුවෙන් දුර පළාතකට යාමට සිදුවෙයි.

අධ්‍යාපනය

ඉතා සැහැල්ලුවෙන් විනෝදයෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යන කාලයකි. කලා ක්ෂේත්‍රයේ කටයුතුවලින් ඉහළට යා හැකි කාලයකි. විභාග ජයග්‍රහණයක් පිළිබඳ සතුටට පත්විය හැකි බවක් පෙනේ. දහම් අධ්‍යාපනික කටයුතුවලින් විවිධ ජයග්‍රහණ හිමි කරයි.

සෞඛ්‍යය

වරින් වර ශරීර සෞඛ්‍යයට බාධා ඇති කරයි. උගුර සම්බන්ධ ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර පතයි. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකටද භාජනය වීමට සිදුවන සතියකි.

අය 06 වැය 04,

ජය අංකය - 07,

ජය වර්ණය - දම්,

සුබ දවස - බදාදා

කටක

සැමගෙන් උපකාර

වෙනදාට වඩා නිදහසේ කටයුතු කිරීමට අවස්ථාව සැලසෙන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 12, 1, 2, 3 යන භාව මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

පැවැති වගකීමකින් නිදහස්වීමට කටයුතු උදා කරයි. පවුලේ අය සමඟ සුහදව කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි. වෙනදාට වඩා හිතවතුන්ගෙන් මෙන්ම අසල්වැසියන්ගෙන් උදව් උපකාර හිමිකරයි. නිතර තමා හමුවට එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ දුරදිග සිතා බලන්න. අණදෙන ක්ෂේත්‍රයේ පිරිස් පාලන කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට අවස්ථාව උදා කරයි. වෙහෙස ඇති රැකියා මාර්ගවලට ද හේතු යෙදෙන සතියකි. තනතුරු අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි.

අධ්‍යාපනය

තරගකාරී කටයුතු කීපයකට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙන සතියකි. සුළු ස්වයං රැකියා කටයුතුවලට ද හේතු ඇති කරයි. රැකියාවේ කටයුතු වෙනුවෙන් දුර පළාතකට යාමට සිදුවන බවක් පෙනේ.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. නිතර ඇතිවන ක්ලාන්ත ගතියකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට යොමුවීමට ඉඩ ඇති බවක් පෙනේ.

අය 07 වැය 03, ජය අංකය - 04, ජය

වර්ණය - දම්,

සුබ දවස - බ්‍රහස්පතින්දා



සිංහ

තෑගි භෝග ලැබෙන කාලයක්

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 11, 12, 1, 2 යන භාව මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. මවුපස ඥාතියකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදා කරයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු යෙදේ. දුර ගමනකට සැලසුමක් ඇති කර ගනී. පවුලේ භෝජන සංග්‍රහයක් වෙනුවෙන් වෙහෙසෙන සතියකි. තෑගි භෝග හිමිකරන කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතු නව මුහුණුවරකින් කරගෙන යන සතියකි. සුළු සුළු ස්වයං රැකියා මාර්ගවලට යොමුවන බවක් පෙනේ. වෙළෙඳ ව්‍යාපාරයක් ඇරැඹීමට කටයුතු යෙදේ. අමතර ලැබීම් සහිත රැකියා කටයුතුවලට හේතු යෙදේ.

අධ්‍යාපනය

නව දැනුම සොයා යන මාර්ගවලට යොමුවන කාලයකි. කණ්ඩායම් වැඩසටහන්වල නායකත්වයක් උසුලයි. උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ සතුටුදායක පුවතක් අසන්න ලැබේ. ගණිත අංශයේ කටයුතුවලට විශේෂ දක්ෂතා දක්වයි.

සෞඛ්‍යය

උදරගත ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියකි. එමෙන්ම රුධිරගත සීනි මට්ටම කෙරෙහිද සැලකිලිමත් වන්න. වරින් වර සෞඛ්‍යය පරීක්ෂණවලටද භාජනය වීමට සිදුවෙයි.

අය 06 වැය 04,

ජය අංකය - 09,

ජය වර්ණය - දම්,

සුබ දවස - බ්‍රහස්පතින්දා



කන්‍යා

සිතේ සැහැල්ලුවෙන් වැඩ කරයි

ලැබීම් සහිත සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 10, 11, 12, 1 යන භාව මතින් ගමන් කරයි.



ගෘහජීවිතය

හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි. අන් අයගේ උදව් උපකාර හිමිකරන කාලයකි. වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි. අඹුසැමි සුහදතාවයට කරුණු සැලසෙන බවක් පෙනේ.

අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදා කරයි. මෙතෙක් පැවැති වගකීමකින් නිදහස සැලසෙන සතියකි. අලුත් කටයුතු කීපයක් ඇරැඹීමට මඟ සැලසේ.

රැකියාව

රැකියාවේ කටයුතු පිළිබඳ පැවැති ගැටලුකාරී බවකින් නිදහස උදා කරයි. අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයගේ බලාපොරොත්තු ඉටුවන බවක් පෙනේ. සුළු සුළු ව්‍යාපාර ඇරැඹීමට යහපත් කාලයකි.

අධ්‍යාපනය

උත්සහවන්තව අධ්‍යාපන කටයුතු කරගෙන යයි. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙන කාලයකි. උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ සතුටට පත්විය හැකි කරුණු කීපයක් සිදු කරයි.

සෞඛ්‍යය

යටි බඩ කොන්ද ආශ්‍රිත ඇතිවන ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. පරම්පරා ගත රෝගයක් ඉස්මතුවිය හැකි කාලයක් බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න.

අය 06 වැය 05,

ජය අංකය - 04,

ජය වර්ණය - කහ,

සුබ දවස - බදාදා

තුලා

අන්සතු වස්තුවක් ලැබේ

අන් අය අතර ප්‍රියතාවයට පත්වන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 9, 10, 11, 12 යන භාව මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

වෙනදාට වඩා ආගම දහමට නැඹුරුතාවයක් දක්වයි. පැවැති ගැටලුකාරී බවක් මඟහැරී යයි. ගෘහජීවිතයේ කටයුතු සම්බන්ධ පැවැති අවිවේකී බව මඟහැරී යයි. වැඩිහිටි ආශිර්වාදය හිමිකරන කාලයකි. අන්සතු වස්තු ලාභයකට ඉඩකඩ ඇති බවක් පෙනේ. නැති වූ දෙයක් නැවත හිමිකරයි.

රැකියාව

රැකියාවේ කටයුතු කෙරෙහි ඇති උනන්දුව අඩු කරයි. වෙනදාට වඩා වගකීම් බහුල රැකියා කටයුතු යෙදෙන බවක් පෙනේ. ජලය සම්බන්ධ රැකියා කටයුතුවලට යොමුවන කාලයකි. සුළු සුළු ස්වයං රැකියා කටයුතුවලට ද අතගසන බවක් පෙනේ.

අධ්‍යාපනය

තරමක බාධා යෙදුණත් අධ්‍යාපන කටයුතු උත්සාහයෙන් කරගෙන යන බවක් පෙනේ. විභාග ජයග්‍රහණයක් පිළිබඳ අසන්න ලැබෙන කාලයකි. කණ්ඩායම් වැඩසටහන්වලට අවධානය යොදවන කාලයකි. විදෙස් අධ්‍යාපනයකට සැලසුමක් ඇති කරයි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස ගෙන දෙන සතියකි. උදරගත ආබාධයකින් පීඩා අත් කරයි. වෙනදාට වඩා කෑම බීම ගැන සැලකිලිමත් වන්න. දේශීය වෛද්‍ය ප්‍රතිකාර පතන කාලයකි.

අය 05 වැය 03,

ජය අංකය - 06,

ජය වර්ණය - කොළ, සුබ දවස - සිකුරාදා



වෘශ්චික

හිතවත්කම් අලුත් කරයි

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 8, 9, 10, 11 යන භාව මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

අමතර වගකීම් බහුල සතියකි. හිතවත්කම් අලුත් කරන බවක් පෙනේ. වැඩිහිටියකුගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති සතියකි. සතිය මැද කාලයේ දී පුණ්‍ය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ.

රැකියාව

රැකියාවේ කටයුතු උත්සාහයෙන් උනන්දුවෙන් කරගෙන යයි. පිරිස් පාලනය සම්බන්ධ රැකියා මාර්ගවලට ඉඩකඩ ඇති බවක් පෙනේ. එමෙන්ම කරගෙන යන රැකියාවට අමතර ලාභ ලැබෙන සුළු සුළු රැකියා මාර්ගවලට හේතු ඇති කරයි.

අධ්‍යාපනය

දැනුම බුද්ධිය වර්ධනය වන කටයුතු කීපයකට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි. එමෙන්ම උසස් අධ්‍යාපන කටයුතු සඳහා නිවෙසින් බැහැරව සිටීමට සිදුවෙන කාලයකි.

සෞඛ්‍යය

උගුර සම්බන්ධ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන අතර ඒ සම්බන්ධ සෞඛ්‍යය පරීක්ෂණවලටද භාජනයවීමට සිදුවෙයි. රුධිරගත සීනි මට්ටම කෙරෙහි ද සැලකිලිමත් විය යුතු සතියකි.

අය 07 වැය 05,

ජය අංකය - 02,

ජය වර්ණය - කොළ, සුබ දවස - සිකුරාදා



ධනු

අමතර වගකීම් බහුල වෙයි

අලුත් හිතවත්කම්වලට කටයුතු සැලසෙන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා ඔබේ ලග්නයට අනුව ගමන් කරන්නේ 7, 8, 9, 10 යන භාව මතිනි.

ගෘහජීවිතය

අමතර වගකීම් බහුල සතියකි. ළඟම හිතවතෙකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදා කරයි. වෙනදාට වඩා පින්දහම් කටයුතුවලට මුල්තැනක් දෙන බවක් පෙනේ. සතිය මැද කාලයේ දී නිවසට අලුත් බඩුබාහිරාදී මිලදී ගැනීමට කටයුතු උදා කරයි. විදෙස් උපකාරයක් හිමිවීමට ඉඩ ඇති බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ ඉදිරි කටයුතුවල වෙනස්කම් කීපයක් සිදු කරයි. ආයතන ප්‍රධානීන්ගේ හොඳ හිත දිනාගෙන කටයුතු කිරීමට අවස්ථාව උදා වෙයි. තනතුරු වෙනසක් හෝ ස්ථාන වෙනසක් සිදුවිය හැකි කාලයක් බැවින් කල්පනාකාරි වන්න.

අධ්‍යාපනය

තරගකාරී කටයුතු කීපයකට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙන සතියකි. එමෙන්ම තාක්ෂණික, ගණිත අංශයේ කටයුතුවලින් ඉදිරියට යා හැකි කාලයකි. විදෙස් අධ්‍යාපනයකට සැලසුමක් සකස් කර ගනී.

සෞඛ්‍යය

ශරීර වෙහෙස මහන්සියට කරුණු ඇති කරයි. පාදයේ වළලුකර ආශ්‍රිත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. හදිසි සෞඛ්‍යය පරීක්ෂණයකටද මුහුණපාන සතියකි.

අය 06 වැය 04,

ජය අංකය - 04,

ජය වර්ණය - තැඹිලි,

සුබ දවස - සඳුදා





මකර

දේපළ ගැටලුවක් නිරවුල්

යන එන ගමන් ගැන සැලකිලිමත් විය යුතු සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 6, 7, 8, 9 යන භාව මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

මවුපස ඥාතියකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. පවුලේ ගැටලුවක් දුරදිග යා හැකි සතියකි. තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. වාහන ගමන් ගැන සැලකිලිමත් වන්න. දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට කටයුතු උදා කරයි.

රැකියාව

අමතර ලැබීම් සහිත රැකියා මාර්ගවලට ඉඩකඩ ඇති සතියකි. එමෙන්ම සෞන්දර්යාත්මක කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලටද හේතු සැලසේ. දෑතේ මහන්සියෙන් කරන රැකියා කටයුතුවලින් අතමිට සරුකරන බවක් පෙනේ.

අධ්‍යාපනය

තරගකාරී කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවෙයි. නිතර පොත්පත් කියවීමට වෙහෙසෙන බවක් පෙනේ. විදෙස් අධ්‍යාපනයකට සැලසුමක් ඇති කරයි. කණ්ඩායම් වැඩ සටහනක මූලිකත්වයක් ගැනීමට අවස්ථාව උදා කරයි.

සෞඛ්‍යය

වෙහෙසීම් බහුල කරන සතියකි. ඇවිදිලි වැඩි කරන රැකියා මාර්ගවලට හේතු යෙදේ. රැකියාවේ කටයුතු ඉතා කල්පනාකාරීව කළයුතු බවක් පෙනේ. ආයතන ප්‍රධානීන්ගේ වැඩි සැලකිල්ලට භාජනය වන සතියකි.



අය 06 වැය 05,

ජය අංකය - 09,

ජය වර්ණය - දම්,

සුබ දවස - ඉරිදා



කුම්භ

ආදායම් මාර්ග රැසක් පෑදේ

වගකීමකින් නිදහස අත් කරන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 5, 6,7, 8 යන භාව මතින් ගමන් කරයි.



ගෘහජීවිතය

දරුවකුගේ ඉදිරි සැලසුමක් වෙනස් කරයි. වෙනදාට වඩා ඥාති මිත්‍රාදීන්ට ළැදිව කටයුතු කරයි. බාහිර අලංකාරයට කැපී පෙෙනීමට කැමැති කාලයකි. පෙම් සබඳතාවයකට වැඩිහිටි ආශිර්වාදය හිමි කරයි. අලුත් හිතවත්කම්වලට කටයුතු සැලසේ. පවුලේ පී‍්‍රති උත්සවයකට සහභාගිවීමට කටයුතු උදා කරයි.

රැකියාව

රැකියාවේ ඉදිරි වැඩපිළිවලක් වෙනස් කරයි. රැකියා කීපයක් හෝ ව්‍යාපාරයක් වැනි ආදායම් මාර්ග කීපයක යෙදීමට ඉඩ ඇති කාලයකි. රජයට සම්බන්ධ රැකියා මාර්ගවලට ද හිමිකම් ඇති කාලයකි.

අධ්‍යාපනය

දැනුම බුද්ධිය වර්ධනය වන කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවෙයි. භාෂා ශාස්ත්‍රයට සාහිත්‍ය ආදී අංශවලට දස්කම් දක්වන කාලයකි. විභාග ජයග්‍රහණයක් පිළිබඳ සතුටට පත්වීමට අවස්ථාව උදා කරයි.

සෞඛ්‍යය

නින්ද යාම අඩුකම, පීනස වැනි සෙම් රෝග හිසට පපුවට බලපාන්න. ඉඩ තිබේ. නිතර තමා ගන්නා ආහාරපාන ගැන සැලකිලිමත් වන්න. රුධිරගත සීනි මට්ටමෙහිද වෙනසක් සිදුවිය හැකිය.



අය 07 වැය 05,

ජය අංකය - 07,

ජය වර්ණය - දම්,

සුබ දවස - බදාදා





මීන

නිතර අදහස් වෙනස් කරයි

වගකීම් බහුල කරමින් වෙහෙසෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 4, 5, 6, 7 යන භාව මතින් ගමන් කරයි.



ගෘහජීවිතය

පදිංචිය සම්බන්ධ ගැටලු කීපයක් මතුවීමට ඉඩ ඇත. දියුණුවට පැවැති අවහිරතා කීපයක් මඟහැරී යයි. සහෝදර සහෝදරියන්ට ළැදිව කටයුතු සිදුකරයි. අන් අය අතර කැපී පෙනෙන කාලයක් වන අතර සමාජ සේවා කටයුතුවලින් ප්‍රසිද්ධියක් අත් කරයි. නිතර නිතර අදහස් වෙනස් කරන කාලයකි.

රැකියාව

රැකියා කරන ස්ථානයේ තරමක් දුරට ඉහළින් සිටිය හැකි කාලයකි. විදෙස් රැකියාවක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු කරයි. රැකියාවේ තනතුරු වෙනසක් සිදුවිය හැකි කාලයක් බැවින් දුරදිග බලා කටයුතු කරන්න.

අධ්‍යාපනය

පොතපත කියවීමට ළැදි බවක් පෙනේ. ගණිතයට මෙන්ම භාෂා ශාස්ත්‍රය සාහිත්‍ය කටයුතුවලට විශේෂ දක්ෂතාවයක් දක්වයි. සරසවි අධ්‍යාපනයට වරම් හිමි කරයි.

සෞඛ්‍යය

සෙම් අමාරු, උගුර සම්බන්ධ ආබාධ වරින් වර මතුවීමට ඉඩ ඇත. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට ද භාජනයවීමට සිදුවෙයි. සති අන්තයේ දී හදිස්සියේ ඇතිවන පාදයේ ආබාධයකට ප්‍රතිකාර පතයි.



අය 07 වැය 06,

ජය අංකය - 06,

ජය වර්ණය - තැඹිලි, සුබ දවස -ඉරිදා

සුබසෙත පුවත්පත ඇසුරෙන්.. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top