මේ කියන්න යන්නේ ඒ සිද්ධිය ගැන ඇසෙන තවත් විශේෂ කතාවක්..
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ 2 වැනි වසරේ සිසුවකු වූ චරිත් දිල්ෂාන් සිසුවා ගෙල වැලලාගෙන දිවි නසා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම සරසවියේම සිසුන් 16 දෙනකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට ඊයේ (02දා) ඔවුන් සමනල වැව පොලිස් ස්ථානයට කැඳවා තිබුණා..
ඒ අනුව ඊයේ දහවල් වනවිට සිසුන් දස දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබූ බව ද ප්‍රකාශකයෙක් පැවසුවා..
එම සිසුන් පිරිස චරිත් සිසුවාට නවක වධය දුන්නේ යැයි පැවසෙන සිසුන් නොවන බව ද හෙතෙම කියා සිටියා..
මියගිය සිසුවාට නවක වධය ලබා දුන්නේ යැයි කියන සිදුවීම ඇසින් දුටු සිසුන් පිරිසකගෙන් මෙලෙස ප්‍රකාශ ලබාගත් බව ද එම නිලධාරියා පැවසුවා..
ගම්පොළ පදිංචි චරිත් දිල්ෂාන් නමැති මෙම තරුණයා සිය නිවසේ පිටුපසදී ගෙල වැලලාගෙන දිවිනසා ගෙන තිබුණේ පසුගිය 29 වැනිදා රාත්‍රියේයි..
එම සිද්ධියට අදාළව සබරගමුව සරසවියේම සිසුන් පිරිසක් සමනළ වැව පොලිසියට ද චරිත්ගේ ඥාතීන් ඒ ගැන පුස්සැල්ලාව පොලිසියට ද පැමිණිලි කර තිබුණා..
විශ්වවිද්‍යාල සිසුවාගේ මෙම සියදිවි නසා ගැනීමට නවක වධය බලපෑවේ නම් ඊට සම්බන්ධ සිසුන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බව ද සමනළ වැව පොලිසිය පවසනවා..
දිවිනසා ගත් චරිත් විසින් සිය ලිපියේ සඳහන් කර ඇත්තේ තමන් මානසික ව්‍යාධියකට ලක්වීම නිසා සිය දිවි නසාගන්නා බවයි.. තමුන්ගේ කුඩා මල්ලි හොඳින් බලාගන්නා ලෙසත් අම්මා තාත්තාගෙන් සමාව ඉල්ලන බවත් එහි සඳහන් කර තිබූ බව ද පොලිසිය පවසයි..
දිවයින පුවත්පත ඇසුරෙන්..