මේ කියන්න යන්නේ තවත් එක් ඛේදනීය කතාවක් ගැන ඇසෙන ආරංචියක්..
පිලිපීනයේ අධිවේගී මාර්ගයක බස් රථයක් වාහන කිහිපයක ගැටී සිදුවූ අනතුරකින් දස දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 30 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා...
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අධිවේගී මාර්ගයේ ගාස්තු ගෙවීමේ කවුලුවක් අසලදී බස් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි...
මියගිය පිරිස අතරට කුඩා ළමයින් හතර දෙනෙකු ද සිටිනවා...
එරට ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් මෙම අනතුරට හේතුවූ බස් රථය අයත් සමාගමේ ප්‍රවාහන බලපත්‍රය ද මේ වන විට අත්හිටුවා ඇති බව සදහන්...