ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහි තරගයේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ 14 හැවිරිදි විභව් සූර්යවංශි පන්දු 35කින් ශතකයක් රැස් කර තිබෙනවා.
එහිදී විභව් සූර්යවංශි, පන්දු 38 කින් ලකුණු 101 ක් රැස්කර ගත්තා.
ඊට 6 පහර 11 ක් සහ 4 පහර 7 ක් ඇතුළත්.
ඒ අනුව IPL ඉතිහාසයේ වේගවත්ම දෙවන ශතකය ලබා ගැනීමට 14 හැවිරිදි විභව් සූර්යවංශි සමත් වුණා.