හිරණ පොලිස් වසමේ බටහිර මාලමුල්ල ප්‍රදේශයේ නිවසක පැවති සාදයක් අතරතුර එම නිවසට ඇතුළු වූ යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීමක් සිදුකර පලාගොස් ඇති බව හිරණ පොලිසිය පවසනවා.
මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 35ක් සහ තුවාලකරු වයස අවුරුදු 20ක් වූ බටහිර මාලමුල්ල, පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවන්.
වෙඩි තැබීම සඳහා ටී 56 වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
මෘත ශරීරය පානදුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හිරණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.