ස්වර්ගස්ථ වූ අතිඋතුම් ශුද්ධොත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය තැන්පත් කර ඇති ස්ථානය නැරඹිමට 30,000 කට අධික ජනකායක් රෝමයේ සැන්ටා මරියා මැජියෝර් දේවස්ථානය වෙත පැමිණෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
එමෙන්ම, උන්වහන්සේ තැන්පත් කර ඇති ස්ථානයෙහි ඡායාරූපයක් පළමු වරට ඊයේ මාධ්‍යයට නිකුත් කර තිබුණා.