"සිරි දළදා වන්දනාව" ඊයේ දිනයෙන් අවසන් වුණා.
ඊයේ පෙරවරු 11ට දළදා වන්දනාව සැදැහැවතුන් වෙනුවෙන් ආරම්භ වූ අතර සවස 5.30 දක්වා වූ කාලය තුළ සැදැහැවතුන් 76,000ක පිරිසකට සිරි දළදා වන්දනාවට එක්වීමට අවස්ථාව උදාවුණා.
මෙලෙස ගෞතම බුදුරජාණන් වහන්සේගේ වාම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඳපුදාගැනීමට මෙරට ජනතාවට අවස්තාව හිමි වුණේ වසර 16කට පසුවයි.
ඒ අනුව "සිරි දළදා වන්දනාව" පසුගිය අප්‍රේල් 18 වෙනිදා ඇරඹුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.