අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වාගේ අවසන් කටයුතු එළැඹෙන අඟහරුවාදා සිදුකිරීමට සැළසුම් කර ඇති බව පවුලේ අරාංචි මාර්ග පවසනවා.
මිය යන විට හැට නව වන වියේ පසුවූ ඔහුගේ දේහය හෙට දිනයේදී මොරටුව - අඟුලානේ පිහිටි නිවසට රැගෙන ඒමට නියමිතයි.
සමන් ද සිල්වා ගායනා කළ නියරේ පියනගලා, පුංචි කුරුලු කූඩුවේ, සංතෝස වෙන්න ප්‍රීතිවෙන්න සහ පුරහඳ නැගුණා වැනි ගීත රැසක් මෙරට රසිකයන් වඩාත් ප්‍රිය කළ හා ජනාදරයට ද පත්වූ ගීත අතර වනවා.