Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
27
මේ සතිය ඔබට කොහොමද? ලග්නයෙන් ලග්නය පලාපල මෙන්න...

- මේ සතිය ඔබට කොහොමද? ලග්නයෙන් ලග්නය පලාපල මෙන්න...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,276 Views
මේ කියන්න යන්නේ අලුත් සතිය ඔබට කොහොමද කියලා...

මේෂ – ධන ලාභ
සඳු ගමන් ගන්නේ ලග්නයේ 2, 3, 4 යන භාවයන් හරහාය. ආරම්භයේ දී සිත් රිදීමක් ඇති විය හැකි බැවින් ඉවසීමෙන් කල් යවන්න. දෙවන දින ලාභ ගෙන දෙයි. මිල මුදල් ලාභයක් විය හැකියි. සහෝදර උපකාර මවුපිය සහයෝගය ලැබෙයි. රැකියා ව්‍යාපාර සතුටුදායක ලෙස කරගෙන යාමට හැකි වේ. අපල අවම වීමට භාවනාවක නිරත වන්න.
සුබ අංක – 7, 9 / සුබ වර්ණ – රතු, නිල් / සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා

වෘෂභ – දුර ගමනක්
සඳු ගමන් ගන්නේ 12, 1, 2, 3 යන භාවයන් මතිනි. ආරම්භය දුර ගමනක් යෙදිය හැකි අතර කලකිරීමක් හෝ සිත් රිදීමක් ඇති විය හැකි බැවින් බුද්ධිමත්ව තීන්දු තීරණ ගන්න. ඉන් පසු දින කිහිපය ගෘහ ජීවිතය හොඳින් පවත්වාගත හැකි, සාමාජීය පොදු කටයුතුවලට සහාය වන අන්‍යයන්ගේ ආදරය, ගෞරවය ලබන බවක් ද දක්නට ඇත. අපල අවම වීමට හිතවතුන්ට උදවු උපකාර කරන්න.
සුබ අංක – 6 / සුබ වර්ණ – සුදු, ක්‍රීම්, රෝස / සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා

මිථුන – ලැබීම් සහිතයි
සඳු ගමන් ගන්නේ 11, 12 ලග්නය හා දෙවැන්න මතිනි. සෑම අතින්ම උදවු උපකාර, ලාභ ප්‍රයෝජන ලැබෙන සතියකි. දරුවන්ගේ අධ්‍යාපනය විවාහ රැකියා ආදියට ද සුබපල ගෙන දෙයි. දුර ගමන්, විදෙස් ගමන් යෙදිය හැකිය. පොදු වැඩ, පුණ්‍ය කටයුතුවලටද සහභාගීත්වය ගෙන දෙයි. අපල අවම වීමට කුඩා දරුවන්ට ආදරය, කරුණාව දක්වන්න.
සුබ අංක – 3, 5 / සුබ වර්ණ – කොළ / සුබ දවස් – බදාදා, සිකුරාදා

කටක – රැකී රක්ෂා දියුණුව
සඳු ගමන් ගන්නේ 10, 11, 12 ලග්නය යන භාවයන් මතිනි. රැකී රක්ෂා කටයුතුවලින් ලාභ ප්‍රයෝජන ගෙන දෙයි. ඇවිදිලි වැඩ යෙදේ. ගෙදර දොර දියුණුව සැලසේ. කර්ම බලය ශක්තිමත් වන වැඩවලට අත ගසයි. කීර්තිය, ගෞරවය ලැබේ. විදෙස් ගමන් හෝ විදේශවල සිටින හිතවතුන් පැමිණිය හැකි සතියකි. අපල අවම වීමට සතුන්ට ආහාර ජලය දෙන්න.
සුබ අංක – 2, 7 / සුබ වර්ණ – කහ, සුදු / සුබ දවස් – සඳුදා, අඟහරුවාදා

සිංහ – පුණ්‍ය කටයුතු
සඳු ගමන් ගන්නේ 9, 10, 11, 12 යන භාවයන් හරහාය. පුණ්‍ය සිතුවිලි පල දරන මේ සතිය ඔබගේ බොහොමයක් බලාපොරොත්තු ඉටුවෙයි. රැකියා ව්‍යාපාර ලාභ ගෙන දෙයි. දුර ගමන්, විදෙස් ගමන් වන්දනා ගමන්වලට ඉඩකඩ ඇත. ආර්ථිකය ශක්තිමත් වන අතර දරුවන්ගේ උසස් අධ්‍යාපනික ජයග්‍රහණ අසන්නට ලැබෙයි. අපල අවම වීමට රතු පාට ඇඳුම් පරිත්‍යාග කරන්න.
සුබ අංක – 1, 4 / සුබ වර්ණ – රතු / සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා

කන්‍යා – දරුවන්ගේ අධ්‍යාපන ජයග්‍රහණ
සඳු ගමන් ගන්නේ 8, 9, 10, 11 යන භාවයන් මතිනි. ආරම්භක දිනයේ මව සහ අන්‍යයන් සමඟ කටයුතු කිරීමේදී වචන පිට කිරීම ප්‍රවේශමෙන් කළ යුතුය. ඉන්පසු දින කිහිපය ඔබගේ සියලු බලාපොරොත්තුවලට සුබ පල පමුණුවන දින කිහිපයකි. රැකියා අංශවලින් ලාභ ගෙන දෙයි. දරුවන්ගේ අධ්‍යාපනික ජයග්‍රහණයක් ලැබිය හැකි දින කිහිපයකි. අපල අවම වීමට මවුපියන්ට සලකන්න.
සුබ අංක – 5, 7 / සුබ වර්ණ – කොළ, කහ / සුබ දවස් – බදාදා, සිකුරාදා

තුලා – ව්‍යාපාර ලාභ
සඳු ගමන් ගන්නේ 7, 8, 9, 10 යන භාවයන් මතිනි. ව්‍යාපාර අංශ දියුණුවට මඟ පෑදේ. සහකරුගේ හෝ සහකාරියගේ වත්කම් ලාභයක් ඇත. පුණ්‍ය කටයුතු පොදු වැඩවලට දේශපාලනික කටයුතුවලට සහයෝගය ලබා දෙයි. කුමන කටයුත්තකදී වුවද ඉවසීම මධ්‍යස්ථ බව රැකගෙන වැඩ කිරීම අපල අවම වීමට හේතු වේ.
සුබ අංක – 3, 6 / සුබ වර්ණ – ක්‍රීම්, ලා නිල / සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා

වෘශ්චික – ආර්ථිකය ශක්තිමත්
සඳු ගමන් කරන්නේ 6, 7, 8, 9 යන භාවයන් හරහාය. සමාජ ඇසුරේදී බුද්ධිමත්ව වචන හුවමාරු කිරීම ඔබගේ යහපතට හේතුවේ. නව ව්‍යාපාර ආරම්භයට සුදුසු සතියකි. විදෙස්ගතවීම් ඉල්ලුම් කර තිබුණේ නම් ප්‍රතිචාර හිමි වේ. රැකියාවන් ලැබීමේ භාග්‍ය ඇත. පොදු වැඩවලට ද යොමු වේ. ආර්ථිකය ශක්තිමත් වේ. අපල අවම වීමට කතරගම දෙවියන්ට පින් දෙන්න.
සුබ අංක – 2,4,7 / සුබ වර්ණ – රතු / සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

ධනු – ගෘහ ජීවිතය සාර්ථකයි
සඳු ගමන් ගන්නේ 5, 6, 7, 8 යන භාවයන් මතිනි. මව සමඟ කටයුතු කිරීමේදී ආරම්භක දිනය ඉවසිලිවන්ත වන්න. ඉන්පසු දින කිහිපය ගෘහ ජීවිතය වාසනාව ගෙන දෙයි. දරුවන්ගේ ජයග්‍රහණ අසන්නට ලැබෙයි. ව්‍යාපාර ලාභ ගෙන දෙයි. ප්‍රමාද විවාහවලට වාසනාව සැලසෙයි. අපල අවම වීමට බෝමළුව අමදින්න.
සුබ අංක – 5, 6 / සුබ වර්ණ – කහ, සුදු/ සුබ දවස් – බ්‍රහස්පතින්දා, ඉරිදා

මකර – පුණ්‍ය කටයුතුවලට නැඹුරු වේ
සඳු ගමන් ගන්නේ 4, 5, 6, 7 යන භාවයන් හරහාය. ගෘහ ජීවිතයේ දියුණුවට අදාළ කුමන හෝ කටයුත්තකට අතගසයි. දරුවන්ගේ ජයග්‍රහණ, රැකියා, ව්‍යාපාර ලාභ ගෙන දෙයි. සතුරු කරදර අවම වෙයි. පුණ්‍ය කටයුතුවලට දායකත්වය මෙන්ම සාමාජීය පොදු වැඩවලින් කීර්තිය වඩවයි. අපල අවම වීමට දිනපතා බුදුන් වඳින්න.
සුබ අංකය – 6, 8 / සුබ වර්ණ – නිල්, රතු / සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා

කුම්භ – රැකියා දියුණුව
සඳු ගමන් ගන්නේ 3, 4, 5 යන භාවයන් මතිනි. සහෝදර දූදරු මවුපිය එකතුව පුණ්‍ය කටයුතු සැලසුම් කරයි. ඒවාට සහභාගි වෙයි. දරුවන්ගේ අධ්‍යාපනික තත්ත්වය යහපත් අතට හැරෙයි. ප්‍රමාද විවාහ, රැකියා ආදියට සුබ පණිවුඩ ලැබෙන සතියකි. ගෙදර දොර අලංකාරය පිණිස වැඩි කාලයක් වැය කරයි. හිතවතුන්ගේ පැමිණීම් නිසා සැනසිල්ලේ කාලය ගෙවයි. අපල අවම වීමට තිරිසන් සතුනට ආහාර ජලය දෙන්න.
සුබ අංක – 3, 8 / සුබ වර්ණ – රතු, නිල් / සුබ දවස් – සිකුරාදා, බ්‍රහස්පතින්දා

මීන – මිල මුදල් අතමිට ගැවසේ
සඳු ගමන් ගන්නේ 2, 3, 4, 5 යන භාවයන් මතිනි. වචනය නිසා අන්‍යයන්ගේ සිත් රිදෙන බැවින් කල්පනාකාරීව වචන පිට කරන්න. සහජ දක්ෂතා ඔප්නැංවේ. ස්වයං රැකියා අංශ දියුණු වෙයි. ගෘහ ජීවිතය සැහැල්ලුවෙන්, සැනසීමෙන් ගෙවා දැමීමට හැකි පරිසරයක් නිර්මාණය වෙයි. ආර්ථිකය ශක්තිමත් බවක් පෙනෙන්නට ඇත. අපල අවම වීමට බෝ පත්‍ර අතින් අහුලා දමන්න.
සුබ අංක – 3, 9 / සුබ වර්ණ – රතු, කහ / සුබ දවස් – බ්‍රහස්පතින්දා, අඟහරුවාදා
උපුටා ගැනීම - සිළුමිණ
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top