දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (27) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම, බස්නාහිර පළාතේත් පුත්තලම, මන්නාරම, යාපනය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි එම නිවේදනයේ සඳහන්.
තවද සබරගමුව, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් වවුනියාව, මුලතිව් සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
එමෙන්ම එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බවයි.