කාශ්මීරයේ, පෙහෙල්ගාම්හි ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත්වය හමුවේ දෙරටම උපරිම සංයමයකින් කටයුතු කළ යුතු බව ජගත් සංවිධානය පවසනවා...
මේ අතර අදත් දෙවෙනි දිනටත් ඉන්දු පාකිස්ථාන දේශ සීමාව අසල ස්ථාන කිහිපයකම වෙඩි හුවමාරු සිදුව තිබෙනවා..
ජම්මු කාශ්මීරය ආසන්නයේ ඉන්දු පාකිස්ථාන දේශ සීමාව අසල ස්ථාන කිහිපයකම ඊයේ රාත්‍රියේත් වෙඩි හුවමාරු සිදුව තිබෙනවා..
ඉන්දීය හමුදා මුරපොළක් ඉලක්ක කරමින් පාකිස්තාන හමුදා එල්ල කළ වෙඩි ප්‍රහාරයකට ප්‍රතිචාර ලෙස ඉන්දීය ආරක්ෂක අංශ සුළු අවිවලින් ප්‍රතිදාර දක්වා ඇති අතර කිසිවෙකුටත් ඉන් හානි සිදුව නැහැ..
මේ අතර දකුණු කාශ්මීරයේ, පෙහෙල්ගාම් ප්‍රදේශයේ දී පසුගිය 23 වනදා ත්‍රස්තවාදීන් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව ඉන්දියාව සහ පාකිස්ථාන තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත්වය හමුවේ දෙරටම උපරිම සංයමයකින් කටයුතු කළ යුතු බව ජගත් සංවිධානය පවසනවා..
පවතින තත්ත්වය තවදුරටත් උග්‍ර නොවීමට අවශ්‍ය පියවර ගන්නා බවට දෙරටම සහතික විය යුතු බවයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ප්‍රකාශ කළේ..
එසේම පාකිස්ථානය සහ ඉන්දියාව අතර ඇති ඕනෑම ගැටළුවක්, අර්ථවත් අන්‍යෝන්‍ය මැදිහත්වීමක් හරහා සාමකාමීව විසඳා ගත හැකි බවට විශ්වාස කරන බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කළා..
මේ අතර කාශ්මීර ප්‍රහාරයට පාකිස්ථානය සම්බන්ධ කිරීමට ඉන්දියාව උත්සාහයට දරන බව පවසමින් ඊට එරෙහිව යෝජනාවක් සම්මත කර ගැනීමට පාකිස්ථාන සෙනටෙි මණ්ඩලය එරට පාර්ලිමේන්තුවේදී කටයුතු කළා..
නියෝජ්‍ය අගමැති ඉෂාක් ඩාර් විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව මගින් ප්‍රකාශ කර ඇත්තේ , ත්‍රස්තවාදය හෙළා දකින අතර, ඕනෑම ආක්‍රමණයකට එරෙහිව තම ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට පාකිස්තානය තවමත් පූර්ණ හැකියාවෙන් හා සූදානමින් සිටින බවයි..
පකිස්ථාන සෙනෙට් සභාව ත්‍රස්තවාදය හෙළා දකින අතර, අහිංසකයන් ඝාතනය කිරීම පකිස්ථානය විසින් ආරක්ෂා කරන ලද වටිනාකම්වලට පටහැනි බව අවධාරණය කරනවා...
2025 අප්‍රේල් 22 වන දින ඉන්දීයවෙ නීතිවිරෝධී ලෙස අත්පත් කරගත් ජම්මු සහ කාශ්මීරයේ සිදුව ඇති පෙහෙල්ගාම් ් ප්‍රහාරයට පකිස්ථානය සම්බන්ධ කිරීමට දරන සියලු නිෂ්ඵල සහ පදනම් විරහිත උත්සාහයන් ද ප්‍රතික්ෂේප කරනවා...
පටු දේශපාලන සඳහා පකිස්ථානයට අපහාස කිරීමට ඉන්දීය රජය විසින් සංවිධානය කරන ලද මෙම ද්වේෂසහගත ව්‍යාපාරය හෙළා දකිනවා..
මේ අතර නීතිවිරෝධීව ඉන්දියාවේ සිටින බංග්ලාදේශ සහ පකිස්ථාන ජාතිකයින් පිරිසක් ගුජරාට් පොලිසිය විසින් පිහිටුවහල් කර තිබෙනවා..
මෙම තීරණයට පසුබිම් වී ඇත්තේ ඉන්දියාවේ සිටින සියලු පකිස්ථාන ජාතිකයින්ගේ වීසා අවලංගු කිරීමට ඉන්දීය රජය කටයුතු කිරීමයි..
මෙම පිරිස අතර පිරිමි පුද්ගලයින් 524 ක් සහ කාන්තාවන්284 ක්ද කුඩා දරුවන් 214 ක් ඇතුලු 1022 දෙනෙකු වන බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා ..
එවන් පසුබිමක මේ පාකිස්ථාන ජාතිකයෙකු සමග විවාහ වු කාන්තාවක් පවතින තත්ත්වය හමුවේ තමාට අත් වි ඇති ඉරණම සම්බන්ධයෙන් අදහස් පළ කළා..
"මේ ප්‍රශ්නෙත් එක්ක කියන්නේ මගේ පවුලේ අයට මැරෙන්න කියලද?
මගේ දෙමව්පියන්ගේ කැමැත්තෙන් තමයි මම පකිස්ථානු ජාතිකයෙක්ව කසාද බැන්දේ
දැන් මට දරුවොත් ඉන්නවා..
මේ දේශසීමාවල් වහලා හින්දා මම පැය 48ක් මෙහි හිරවෙලා..
දැන් මේ ප්‍රශ්නේ නිසා මම කසාදේ අතාරින්න ඕනද ළමයි අතාරින්න ඕනද..?
ඒක කීයටවත් වෙන්නේ නැහැ.."
මේ අතර 1960 වසරේ සිට ක්‍රියාත්මක ඉන්දුස් ජල ගිවිසුම අත්හිටුවීමට ද ඉන්දියාව තීරණය කර ඇති අතර ඉන්දු ද්‍රෝණියේ බටහිරින් පිහිටි ගංගාවල ජලය පාකිස්ථානයට ලබා දීම නතර කිරිමට ඊයේ සිට පියවර ගැණුනා..
ඉන්දියාවේ ජල ශක්ති අමාත්‍ය සී ආර් පටිල් පැවසුවේ, ඉන්දු ගඟෙන් ජල බිඳුවක්වත් පාකිස්තානයට නොයන බවට සහතික වන බවයි..
මේ අතර කාශ්මීරයේ සිදු වූ ප්‍රහාරය හෙළා දකිමින් ඉන්දියාවේ නගර කිහිපයක විරෝධතා පැවැත්වුණා..
මේ ත්‍රස්ත ප්‍රහාරයට එරෙහිව කාශ්මීර මුස්ලිම් කාන්තාවන් විරෝධතාවයක නිරත වූ අයුරුයි..
මේ අතර, ලන්ඩනයේ වෙසෙන ඉන්දියානුවන් බ්‍රිතාන්‍යෙය් පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට රැස්වී විරෝධතාවක නිරත වුණා..
මේ විරෝධතා අතරතුර ලන්ඩනයේ පකිස්ථාන හමුදා ආරක්ෂක උපදේශකවරයා ඉන්දීය විරෝධතාකරුවන්ට තර්ජනාත්මක අභිනයක් පෙන්වීමද කැපි පෙනුනා...
එම ස්ථානයට එරට වෙසෙන පකිස්ථානු ජාතිකයින් පිරිසක්ද රැස් වීමත් සමග උණුසුම් තත්ත්වයක් ද හටගත්තා..