මේ සිද්ධිය නිසා අද උදෑසන එම ප්‍රදේශයම කැළඹුණා..
ඇත්තටම මේ වගේ වෙඩි ප්‍රහාරයක් එල්ල කරන්න මොකක්ද හේතුව.. මේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි..
කටුනායක - හීනටියන - ඉහළ මැණ්ඩිය ප්‍රදේශයේදී අද උදෑසන සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබුවේ 29 හැවිරිදි කාලිංග උදාර චතුරංග නැමැති අයෙක්...
පොලිසිය සඳහන් කළේ අදාළ තරුණයා සිය නිවසේ සිටියදී මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි..
අද උදෑසන 6ට පමණ යතුරුපැදියකින් දෙදෙනෙකු නිවසට පැමිණ ඇති අතර වෙඩික්කරු එම තරුණයාගේ නිදන කාමරයටම ගොස් මෙම වෙඩි තැබීම සිදු කර තිබුණා..
වෙඩි වැදුණු තරුණයා එම නිවසේ පියා සමග පමණක් වාසය කර තිබු අතර ඔහුගේ මව කලකට ඉහතදී මියගොස් ඇති බවත් සඳහන්..
පොලිසිය සැක පළ කරන්නේ ටී 56 ගිනි අවියක් උපයෝගි කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවටයි..
මුහුණු ප්‍රදේශයට සහ වම් උරහිසට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වී තුවාල ලැබූ කාලිංග මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට ඇතුළත් කෙරුණා...