පුරා දින 10 ක් පුරා පැවති සිරි දළදා වන්දනාව කලින් නියම කරගත් පරිදි හෙට අවසන් වන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල ප්‍රකාශ කළා.
මේ අතර සිරි දළදා වන්දනාව සඳහා මේ වන විටත් ලක්ෂ 2කට අධික පිරිසක් පෝලිම්වල රැදී සිටින බැවින් ඊට අලුතින් එක් නොවන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත සැදැහැවතුන්ගෙන් යළි යළිත් ඉල්ලීම් කරනවා.
සිරි දළදා වන්දනාවේ 9 වැනි දිනය අද ක්‍රියාත්මක අතර සැදැහැවතුන් අනූ දහසකට ආසන්න සංඛ්‍යාවකට ඊයේ දළඳා සමිඳුන් දැක වන්දනාමාන කිරීමේ අවස්ථාව හිමිවුණා.
මේ අතර සිරි දළදා වන්දනාව අතරතුර විවිධ රෝගාබාධයන්ට ලක්වූ 4 දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔවුන් අතරින් දෙදෙනෙකු පොලිස් නිලධාරීන්.
ඔවුන් කඩුගන්නාව සහ මාතලේ - නාවුල පොලිසිවලට අනියුක්තව සේවය කරන සැරයන්වරුන් වනවා.
මහනුවර නගරයට ඊයේ පස්වරුවේ මහ වැසි ඇදහැලුණත් එය නොතකා සැදැහැවතුන් පෝලිම්වල රැදී සිටි බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.
