ඔහුගේ මරණය ගැන පසුගිය දින කීපයේම කතා වුණා.. මේ ඒ ගැන අද ඇසෙන සංවේදී කතාවයි..
වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්වූ සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැමිණ සිටියා..
මේ අතර බොරැල්ල පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබු වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය ඩෑන් ප්‍රියසාද්ගේ සිරුර කොළොන්නාවේ පිහිටි ඔහුගේ නිවසට ඊයේ රාත්‍රි රැගෙන ආවා..
ඔහුට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ රාත්‍රීයේ සහ අද උදෑසනත් ඥාතීන් හිතවතුන් මෙන්ම දේශපාලන නියෝජිතයින්ද එක්ව සිටියා..
.
මියගිය ඩෑන් ප්‍රියසාද්ගේ අවසන් කටයුතු අද කොළොන්නාව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි..