රිය අනතුරක් නිසා ඔහුට , ඔවුන් අහිමි වන්නේ මීට වසර දෙකකට පමණ ඉහතදීයි..
ඒ දුක දරාගෙන ජීවිතයට මුහුණ දුන් ඔහුටත් අවසානයේ අත්වෙන්නේ කිසිවෙක් නොසිතූ අවාසනාවන්ත ඉරණමක්..
යාපනය නුවර ප්‍රධාන මාර්ගගේ වවුනියාව, මුණ්ඩිමුරුප්පුව ප්‍රදේශයේ යතුරු පැදියක් ලොරි රථයක ගැටීමෙන් පොලිස් නිළධාරියෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වවුනියාව පොලිසිය පවසනවා..
පොලිසිය පැවසූවේ යතුරු පැදිය ලොරි රථයේ ගැටීමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් සැරයන්වරයෙකු ඊයේ එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි...
අනුරාධපුරය දෙස සිට වවුනියාව පිහිටි ගබඩාවකට භාණ්ඩ ප්‍රවාහනය කළ ලොරි රථයක් ප්‍රධාන මාර්ගයේ සිට මාර්ගය අසළ පිහිටි ගබඩාවට ලොරි රථය හරවන අවස්ථාවේ ප්‍රතිවිරුද්ධ දිශාවන් පැමිණි යතුරු පැදිය ලොරි රථයේ ගැටී ඇති බවයි...
අනතුරින් වවුනියාව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරයන්වරයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය පැවසුවා..
අනතුර සම්බන්ධයෙන් ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා...
මියගිය පොලිස් සැරයන්වරයාගේ බිරිඳ හා දරුවෙකු මීට වසර දෙකකට පමණ පෙර මැදවච්චිය, කුඹුගොල්ලෑව ප්රඳ දේශයේදී රිය අනතුරකට ලක්ව මියගොස් ඇති බවද ප්‍රදේශවාසීන් පැවසුවා..