මේ කියන්න යන්නේ ප්‍රබල අකුණු අනතුරු ගැන ඇසෙන විශේෂ ආරංචියක්..
දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරුවේ සහ රාත්‍රියේ ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා...
එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුර සහ උතුරු මැද පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් මෙලෙස ප්‍රබල අකුණු ඇති විය හැකි බවයි...
මේ අතර, බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත්, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල හෙට දිනයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ...