ඒ මරණය සම්බන්ධයෙන් මේ වන විටත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා..
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන අලුත්ම කතාව ගැනයි..
සමාජ ක්‍රියාකාරිකයකු වන ඩෑන් ප්‍රියසාද් වෙඩිතබා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රධාන සැකකරු බව කියන පුද්ගලයා ලබන 30 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර ලබා දුන්නා..
මිරිහාන විශේෂ විමර්ශන ඒකකය මගින් මෙම සැකකරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල හමුවට ඉදිරිපත් කරනු ලැබුවා...
ඉන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණ...