නිවැස්වල පවතින වාස්තු දෝෂ නිසා ඇතැම්විට බොහෝ දෙනා කරදරයට පත්වන අවස්ථා අපි දැක තිබෙනවා..
ඇතමෙක් හිතන්නේ මේ වාස්තු දෝෂවලට ඇති එකම පිලියම තමන් හදාගත් නිවස කඩා බිඳ දැමීම පමණක් කියා නම් ඒ කතාව ඇත්තෙන්ම වැරදියි.. එවැනි වියදමක් කරන්නට පෙර ඔබට වෙනත් කුඩා කුඩා වෙනස්කම් කරගන්න හැකියාව තියනවා.. මේ කියන්න යන්නේ අන්න ඒ වගේ දේවල් කිහිපයක්..
අන්තරීක්ෂ (Cosmic) ශක්තිය සාපේක්ෂ වශයෙන් ඊශානයෙන් ගලා එන බව අපි නිරන්තරයෙන් සාකච්ඡා කොට තිබෙනවා... එහිදී අන්තරීක්ෂ ශක්තිය සකස් වී ඇති ෆෝටෝන (Photone) අංශු හෝ ආලෝක අංශු පිළිබඳ පදනමක සිට බැලීමේදී වඩා ළා පැහැති වර්ණ භාවිතය සිදුවිය යුත්තේ ඊශාන දිශාවටයි... එබැවින් සක්‍රිය අන්තරීක්ෂ ශක්ති ක්‍රියාවලියන් ගොඩනංවා ගැනීමට නම් අප විසින් ප්‍රධාන වශයෙන් ඊශාන දිශාවේත් එයට අසන්න උතුරු හා නැඟෙනහිර දිශාවලත් ළා වර්ණ භාවිතය සිදු කිරීම යෝග්‍ය වෙනවා... වර්තමානයේ නැඟ එන විලාසිතා අනුවම යමින් වුව අපට ඒ අනුව සුදු වර්ණය ඊශාන උතුර හා නැඟෙනහිර දිශාවන් සඳහා යෝග්‍ය බව කිව හැකියි...
දිශා අට අනුව සැලකීමේ දී ගිනිකොන දිශාවට විශාල ප්‍රමුඛත්වයක් ලබා දෙන මුළුතැන්ගෙය ආශ්‍රිතව කුමන වර්ණයක් යොදා ගත යුතුද යන්න බොහෝ දෙනකුගේ අවධානය මෙකල යොමු වන බව අප කාහටත් වටහා ගත හැකියි.. එහිදී අප විසින් චිත්‍ර ශිල්පයේදී ද හඳුනා ගන්නා උණුසුම් (Warm) වර්ණ යොදා ගැනීම උචිත බව අපගේ අවබෝධයයි.. ඒ අනුව රතු, තැඹිලි, කහ වැනි වර්ණ හෝ ඒවායේ මිශ්‍ර වර්ණ ගිනිකොන සඳහා යොදා ගැනීම යෝග්‍ය වෙනවා.. මෙහිදී ගිනිකොනට ළිප පිහිටුවා නැති නිවෙසක තේජෝ ගුණය අඩුවීම ඉතා පහසුවෙන් අපට වටහා ගත හැකියි.. එවැනි අවස්ථාවකදී උණුසුම් වර්ණ යොදා ගිනිකොණ බලවත් කිරීමට කටයුතු යෙදීම වඩවඩාත් ප්‍රතිඵලදායක බව අපගේ වැටහීමයි..
නිවෙසක නිරිත දිශාව බොහෝ විට ස්වභාවයෙන් අන්තරීක්ෂ ශක්තියෙන් බලවත් වන මුත් මුළුතැන්ගෙයක්, ළිපක්, විද්‍යුත් ජනන යන්ත්‍ර භාවිතයක් බහුලව සිදුවන්නේ නම් බරපතළ ශක්ති ඌනතාවක් ඇති විය හැකියි... එවැනි අවස්ථාවකදී ඊශානයට වඩා නිරිත අඳුරු කිරීමෙන් මෙන්ම තද වර්ණ භාවිතයට ගැනීමෙන්අන්තරීක්ෂ ශක්ති සංසරණය වඩාත් සක්‍රීය කරවන බව වටහා ගත යුතු වෙනවා... මේ අනුව නිවෙසට තද වර්ණ යෙදීමට අදහස් කරන අවස්ථාවලදී ඒ සඳහා නිරිත දිශාව ප්‍රධානවත්, එයට ආසන්න දකුණ හා බස්නාහිර, දිශාවන් ඊට නැඹුරු වරණවලිනුත් ඔපවත් කරගැනීම වඩාත් උචිත වෙනවා...
එසේම වර්ණ ගැල්වීමේදී දීප්තිමත් හා දිදුළන වර්ණ භාවිතයක් සිදු කරන්නේ නම් ඒ පිළිබඳ විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු වෙනවා... එහිදී නිවෙස ඇතුළත සම්බන්ධව සැළකීමේ දී දකුණ, නිරිත, බස්නාහිර බිත්තිවල එවැනි පරාවර්තනයක් සිදු කෙරෙන ආලේපන (වජ්‍රාලේප) භාවිතය නොකිරීමෙන් අන්තරීක්ෂ ශක්තිය පරාවර්තනය වැළැක්වීමට කටයුතු කළ යුතු වෙනවා... එවැනි පරාවර්තිත පෘෂ්ඨ ගොඩනැඟෙන පරිදි ආලේපන සිදු කළ යුතුම නම් ඒ සඳහා උතුර, ඊශාන හා නැඟෙනහිර දිශාවල නිවසේ ඇතුළත පිහිටි බිත්තිවලට යොදා ගැනීම වඩාත් උචිත වෙනවා... එවිට ප්‍රති අන්තරීක්ෂ ශක්තීන් (Anti - Cosmic) නිවෙසින් බැහැර කිරීමේ හැකියාවක් ගොඩනඟා ගත හැකි බැවිනි..
මෑතක සිට ආලේපන වෙනුවට විවිධ රූපමය කොළ ඇලවීමේ ප්‍රවණතාවක් ඇති වී තිබෙන අතර, මෙහිදී ද අප අනෙක් වර්ණ ගැල්වීම්වලදී මෙන් වඩා පරිස්සම් විය යුතු වෙනවා.. එයට හේතුව අන්තරීක්ෂ ශක්තියේ විවිධ අක්‍රමවත්භාවයන් හා කැලඹීම් මේ නිසා ඇතිවිය හැකි බැවිනි.. මේ තත්ත්වය පිළිබඳව අවධානයකින් යුතුව මෙවැනි නව මෝස්තර භාවිතයට ගැනීමෙන් නිවෙසේ ලස්සන මෙන්ම වාස්තුමය දෝෂ ඇතිවීමේ හැකියාව අවම කරගත හැකියි...
සුබසෙත පුවත්පත ඇසුරෙන්..