Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
25
ලුණු අපේ ආහාරවල රසය වැඩි කරන අතර එය මිනිස් ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක් වෙනවා..

- ලුණු අපේ ආහාරවල රසය වැඩි කරන අතර එය මිනිස් ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක් වෙනවා..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

836 Views
ලුණුවල ඇති සෝඩියම්, ශරීරයේ නිවැරදි ජල ප්‍රමාණය පවත්වා ගැනීම සඳහා ඉතා වැදගත් වනවා සේම එය සෛලවලට පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය කර ගැනීමට ද උපකාරී වෙනවා...

ලුණු යනු අනාදිමත් කාලයක සිටම මිනිසුන් තම ආහාරය රසවත් කරගැනීමට භාවිතා කරන ද්‍රව්‍යයක් කියන එක හැමෝම දන්නා කාරණයක් නේ.. සෝඩියම් ක්ලෝරයිඩ් රසායනය ප්‍රධාන වශයෙන් අඩංගු ලුණු ශරීරයට හිතකර සෞඛ්‍යයමය ප්‍රතිලාභ රැසක් ලබා දෙනවා.. නමුත් අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර ලුණු භාවිතය නිසා අපට අහිතකර තත්ව රැසකටම මුහුණ දීමට සිදුවෙනවා..

හරියටම ඔබේ ආහාර වේලට ලුණු එකතු කරගන්නේ කොහොමද..?
වයස අවුරුදු 11කට වැඩිනම් ඔවුන්ගේ දෙනික ලුණු අවශ්‍යතාවය වන්නේ 6g යි.
එනම් තේ හැන්දකට ආසන්න ප්‍රමාණයක් ය.
අවුරුදු 7-10 අතර ළමුන්ට දිනකට ලුණු 5g යි.
4-6අතර නම් 3gයි.
1-3අතර නම් 2gයි.
මාස 6සිට මාස 12දක්වා 1gට අඩුවෙන් ද ලුණු අහාරයට එක් කළ යුතුය.
මුල් මාස 6තුළ දරුවාට අවශ්‍ය ප්‍රමාණයෙර් සියලු පෝෂක මව් කිරි වලින් ලැබේ.

අධිකව ලුණු ආහාරයට එක්කර ගැනීමෙන් ඇති විය හැකි තත්වයන්..

අධි රුධිර පීඩනයට ඇති බලපෑම
අවශ්‍ය ප්‍රමාණයට වඩා ලුණු ආහාරයට එක් කර ගැනීම අධි රුධිර පීඩනයෙන් පෙළෙන්නන්ට නම් ඉතාමත් අහිතකරයි. එමෙන්ම අධිරුධිර පීඩනය ඇතිවීමේ අවදානම ද වැඩි කරයි.
අධික ලුණු පරිබෝජනයයෙන් අන්ත්‍ර වල තුවාල හට ගැනීමේ සම්භාවිතවක් ඇත.
ශරීරය ඉඳීමීමකට ලක්විය හැක.
මුත්‍රා ගල් ඇතුවීමට ඇති සම්භාවිතාව වැඩි කරයි.
නිතර අධික පිපාසයක් ඇති වේ.
තරබාරු බව වැඩි වේ.
වකුගඩු ආශ්‍රිත රෝගයන් උග්‍ර වේ.
අධික ලුණු හෘද සෞඛ්‍යයයේ පිරිහීමට හේතු වේ.
ආඝාතය වැනි රෝග ඇති වීමටහේතු විය හැක.

ලුණු වැඩියෙන් එක්කළ ආහාර ගැන ඔබ දැනුවත්ද..? (සකස් කළ ආහාර)

සියලුම අසුරන ලද මස් වර්ග, සෝස් වර්ග
බයට් වර්ග, චීස් වර්ග, හැම්, බේකන් , චට්නි වර්ග
සුප් කැට, ඊස්ටී සාරය අඩංගු පාන /තැවරුම්
ලුණු එක් කල බටර්, මාගරින්
සොසේජස්, පාන්
කරවල, ටින් කල මාළු ජාඩි
අච්චාරු

කෑමට එක් වන ලුණු ප්‍රමාණය පාලනය කරගන්නේ කොහොමද..?

අහාරයට නිතරම නැවුම් එළවලු පලතුරු එක් කරගන්න. පෙර සැකසූ රසායන ද්‍රව්‍ය බහුලව යෙඳූ අහාර එක් කර නොගන්න. ලුණු අඩුවෙන් එක් කර අහාර වල රසය වැඩිකර ගැනීමට වෙනත් ස්වාභාවික කුළුබඩු වැඩියෙන් භාවිතා කරන්න. අච්චාරු, චට්නි,සෝස්, ආඳී ලුණු අධික අහාර වලින් මදක් ඈත් වන්න. දරුවන්ට, ළඳරු අවධියේ සිටම අඩු ලුණු සාන්ද්‍රණයක් හුරු කරවන්න. ස්වාභාවිකව අඩු ලුණු, සෝඩියම් ක්ලෝරයිඩ් අඩු ප්‍රමාණයක් සහිත ආහාර අහාරයට එක් කරගන්න. ආහාර පිසීමේදී ලුණු භාවිතය අඩු කරමු.
බත් පිසීමේදී ලුණු එකතු නොකරමු.
පලතුරු යුෂ පිළියෙල කිරීමේදී ලුණු එකතු නොකරමු.
ළදරු ආහාරයට ලුණූ එකතු නොකරමු.
කරවල පිසිමේදී පැයක් පමණ උණු වතුරේ තබා සෝදා ගනිමු.
වෙළෙඳ පොළෙන් අහාර පාන මිලදී ගන්නා විට හැමවිටම ඒවායෙහි සටහන් ලේබලය කියවා බලන්න. ඒවායේ පැණි රස සඳහා අලවා ඇති වර්ණ සංඥා මෙන්ම ලුණු අඩංගු ප්‍රමාණයද සටහන් කර තිබෙනවා. එවැනි ලේබලවල කහ පැහැය සටහන් වේ නම් ඒවා ගැනීම සීමා කරන්න. රතු ලේබල සහිත ආහාර ගැනීම හැකිතරම් අඩු කරන්න. සුදුසු වන්නේ කොළ පැහැති සංඥා සඳහන් ඒවායි. මේ සංඥා සීනි, තෙල් සහ ලුණු යන තෙවර්ගය සඳහාම අදාළ වෙයි. බොහෝ විට ආහාර වර්ගයේ ග්‍රෑම් 100කට අඩංගු වන සීනි, තෙල් සහ ලුණු ප්‍රමාණය එම ලේබලවල සටහන් වෙයි.ඉතින් Share Care ඉහත සදහන් කළ කරුණු වගේම අධික ලුණු ආහාරයත් අවම ලුණු ආහාරයත් අහිතකර බව මතකයේ තබා ගෙන ආහරයට රස එක් කිරීමට ලුණු භාවිතා කරන්න.

අන්තර්ජාලය ඇසුරෙන්.. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top