Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
24
ඩෑන්ගේ ඝාතනයට ඇල්ලු‍ ප්‍රධාන සැකකරු පාපොච්චාරණයක... පොලිසියට එද්දී ඝාතනය කිරීමට තිබූ සැළසුමකුත් හෙළිවෙයි...

- ඩෑන්ගේ ඝාතනයට ඇල්ලු‍ ප්‍රධාන සැකකරු පාපොච්චාරණයක... පොලිසියට එද්දී ඝාතනය කිරීමට තිබූ සැළසුමකුත් හෙළිවෙයි...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,410 Views
ඩෑන් ප්‍රියසාද් ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන දුලාන් මධුසංක නැමැත්තාගෙන් මේ වන විට වැදගත් තොරතුරු රැසක් අනාවරණ වෙමින් පවතින බව පොලිසිය ප්‍රකාශ කළා.


ඩෑන් ප්‍රියසාද්ගේ සහෝදරයා ඝාතනය කළ බවට පැවසෙන පාර්ශ්වය විසින් පසුගියදා වැල්ලම්පිටිය ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයක් අතරතුර දී ඔහුට තර්ජනය කර ඇති බවටයි හෙළිවී ඇත්තේ.

එමෙන්ම පසුගිය 20 වැනිදා ද ඩෑන් ප්‍රියසාද් නැමැත්තා සහ තවත් පාර්ශවයක් අතර ගැටුමක් ඇතිවී ඇති බව ද පොලිසිය සඳහන් කළා.

මෙම වෙඩි තැබීමට ආසන්නම ආසන්නම හේතුව එය බව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන දුලාන් මධුසංක නැමැත්තාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඩෑන් ප්‍රියසාද් විසින් එදින ත්‍රිරෝද රථයකට තියුණු ආයුධයකින් ප්‍රහාරයක් එල්ලකර තිබු අතර, එම ත්‍රිරෝද රථය ඩෑන්ගේ සහෝදරයා ඝාතනය කළ සැකකරුවන්ට අයත් එකක් බවට අනාවරණ වී තිබෙනවා.

දැනට කරන ලද විමර්ශනවලට අනුව හෙළිවී ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සිටින දුලාන් නමැත්තා ඩෑන් ප්‍රියසාද් ඝාතනයට සැලසුම් කර ඇත්තේ එම පහරදීමෙන් අනතුරුව බවයි.

අදාළ පහරදීම සම්බන්ධයෙන් ඔහු දැනට ඩුබායි හි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොළොන්නාවේ ධනුෂ්ක නමැත්තාට දුරකථනයෙන් දැනුම් දී තිබෙනවා.

පසුව ඔහු විසින් මේ සම්බන්ධයෙන් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් ද දැනුවත් කර ඇති බව සඳහන්.

ත්‍රිරෝද රථයට කළ පහරදීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලට අනුව පසුගිය 20 වනදා ඩෑන් ප්‍රියසාද්ට පෙනී සිටින ලෙස පොලිසිය දැනුම්දීමක් ද කර තිබුණා.

එහෙත්, එදින ඔහු පොලිසියට නොපැමිණි අතර, අත්අඩංගුවට පත් සැකකරු පාපොච්චාරණය කර ඇත්තේ, එම අවස්ථාවේ ඩෑන් ප්‍රියසාද් ඝාතනය කිරිම සැළසුම් කළ බවයි.

ඔහු එදින නොපැමිණීම හේතුවෙන් බිරිඳගේ නිවසට ගොස් ඩෑන් ප්‍රියසාද් ඝාතනය කිරීමට සැලසුම්කළ බවද සැකකරු පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු 07 දෙනෙකු පොලිස් භාරයේ සිටිනවා.

එම පිරිස අතර ඩෑන් ප්‍රියසාද්ගේ බිරිදගේ නැගණිය ද සිටින බවයි පොලිසිය සදහන් කළේ.

සිද්ධියට සම්බන්ධ බවට සැකපිට ගුවන් ගමන් තහනමක් පනවා ඇති පිය පුතු දෙපළක් සම්බන්ධ බවට විමර්ශන සිදුකරන බව පොලිසිය සඳහන් කළා. ඔවුන් මේ වන විට ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව සඳහන්.

මේ අතර ඝාතනයට ලක් වූ ඩෑන් ප්‍රියසාද්ගේ දේහය මේ වනවිට බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැම්පත් කර තිබෙනවා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top