Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
24
අරගල උණුසුමේ ඩෑන්ගේ සොහොයුරාත් මරපු, මාස 06 කට පසු එළියට ආ ඇත්තම හේතුව...

- අරගල උණුසුමේ ඩෑන්ගේ සොහොයුරාත් මරපු, මාස 06 කට පසු එළියට ආ ඇත්තම හේතුව...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,036 Views
මාතර, ග්‍රෑන්ඩ්පාස්, තොටළඟ, මට්ටක්කුලිය, සමිත්පුර, කොටහේන, වැල්ලම්පිටිය ආදී පොලිස් වසම්වලින් වාර්තා වන බොහොමයක් වෙඩි තැබීම්, කපා කොටා ගැනීම් මෙන්ම මරා ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම මුල් කරගෙන සිදුවන අපරාධ බව පැහැදිලිය. 


ඉන් බොහොමයකට සම්බන්ධ අපරාධකරුවන් අදාළ පොලිස් ස්ථානවලින් අත්අඩංගුවට ගෙන තිබුණද, සමහර සිද්ධීන්වලට සම්බන්ධ වූවන් තවමත් පසුවන්නේ නිදැල්ලේය.

ප්‍රසිද්ධ වැහිපීලි නිපැයුම් කර්මාන්තශාලාවක මැෂින් ඔපරේටර්වරයකු ලෙස සේවය කළ ඔහු මරා දමන විට 34 වියේ පසුවිය.

දෙදරු පියකු වන ප්‍රකාශ්ගේ සේවා ස්ථානය පිහිටියේද ඔරුගොඩවත්ත ගුවන් පාලම ආසන්නයේය. කඩු, මන්නා පිහි අතැතිව පැමිණි පුද්ගලයන් දෙදෙනකු ඔරුගොඩවත්ත ගුවන් පාලම යටදී ප්‍රකාශ් අමානුෂික ලෙස කපා කොටා මරා දමනු ලැබිණි. ඒ 2022 වසරේ ජූලි මස 25දා රාත්‍රි කාලයේදීය.

එදින රාත්‍රි 8ට පමණ පාලම යට බුදු පිළිමය අසලට වී දුරකථන ඇමැතුමක් ගනිමින් සිටි ඔහු අසලට ගන අඳුර කපාගෙන සුදු පැහැති වැගන්ආර් රථයකින් පැමිණි පුද්ගලයන් දුරකථන ඇමැතුමේ රැඳී සිටි ප්‍රකාශ් තිළිණට වචනයකුදු කතා කිරීමට ඉඩ නොතබා කඩුවකින් සහ මන්නයකින් පහරදී ඔහු එතැනම මරා දැමීය.

සිද්ධිය වන අවස්ථාවේ ඒ අවට විදුලිය විසන්ධි වී තිබිණි. ඝාතකයන්ට එය මහත් රුකුලක් විය. කළු පැහැති මුහුණු ආවරණ සහ කළු පැහැති ජැකට් පැලඳ සිටි අපරාධකරුවන් දෙදෙනා ඒ අවට සිටි කිසිවකුටත් හඳුනාගත නොහැකි වූයේ විදුලිය අක්‍රිය වී තිබූ නිසාය.

ඝාතකයකු මුලින් එල්ල කළ කඩු පහර වැදුණේ ප්‍රකාශ්ගේ කකුලකටය. පහර කා ගෙන මීටර් කිහිපයක් දිව ගියද තවත් ඉදිරියට යාගත නොහැකි වූ ප්‍රකාශ් එතැනම ඇදවැටුණේය. ප්‍රකාශ් යළි නැඟිට දිව යන්නට උත්සාහ කළද ඝාතකයන් ඔහුට නැවත නැඟිටින්නට ඉඩ දුන්නේ නැත. පිට පිට එල්ල කෙරුණු කඩු සහ මන්නා පහරවලින් මහමඟ ඇද වැටුණු ප්‍රකාශ්ගේ රුධිරයෙන් ඒ මාර්ගයද තෙත් වී ගියේය.

ප්‍රකාශ්ව මෙලෙස කපා කොටා මරා දැමූ ඝාතකයෝ ඉන් පසු පැමිණි වැගන්ආර් රථයේම නැඟී පලාගියහ.මිතුරන් වහා ප්‍රකාශ්ව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළද ඔහු ඒ වන විටත් මියගොස් සිටියේය.

සිද්ධිය පිළිබඳ විමර්ශන අරඹන ලද්දේ වැල්ලම්පිටිය පොලිසිය විසිනි. නිලධාරීන් සිද්ධිය වූ ස්ථානය අවට සීසීටීවී කැමරා නිරීක්ෂණය කිරීමේදී ප්‍රහාරය සඳහා සුදු පැහැති වැගන්ආර් රථයක් භාවිත කර ඇති බව නිරීක්ෂණය විය.

එලෙස මරා දැමූ ප්‍රකාශ් තිළිණ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන ඩෑන් ප්‍රියසාද්ගේ එකම සොහොයුරා බව පොලිසිය අනාවරණය කර ගත්තේය. ඩෑන් ප්‍රියසාද් ‘නව සිංහලේ’ ජාතික සංවිධානයේ සභාපතිවරයා වන අතර සමාජ මාධ්‍යවලින් ආන්දෝලනාත්මක ප්‍රකාශ කරන පුද්ගලයෙක් විය.

එබැවින් ඩෑන්ගෙන් පළිගැනීම සඳහා ඔහුගේ සොහොයුරා වූ තිළිණ ප්‍රකාශ් මරා දැමුවේදැයි යන සැකයද විමර්ශන නිලධාරීන් තුළ ඇති විය. මේ නිසා පැති කිහිපයක් ඔස්සේ විමර්ශන සිදු කෙරිණි. එවකට පැවැති අරගලයේ කිසියම් ගැටලුවක් නිසා ප්‍රකාශ් ඝාතනය කළේද යන්න නිලධාරීන් තුළ ඇති වූ තවත් සැකයක් විය. කෙසේ වෙතත් දිගින් දිගටම කරන ලද විමර්ශනයේදී අනාවරණය වූයේ, ඒ කිසිවක් නොව, කලක සිට දෙපාර්ශ්වයක් අතර පැවැති ආරවුලක් ප්‍රකාශ්ගේ ඝාතනයට හේතු වී ඇති බවය.

මරා දැමුණු ප්‍රකාශ්ද කලක් බන්ධනාගාරගතව සිට ඇප මත පැමිණි අයකු වන අතර මාසයේ සෑම අවසන් ඉරිදාවකම වැල්ලම්පිටිය පොලිසියේ අස්සන් කිරීමටද අධිකරණයෙන් ඔහුට නියෝග කර තිබිණි.

මේ නිසා ප්‍රකාශ් මරා දැමුවේ එම ප්‍රදේශයේ පාර්ශ්ව දෙකක් අතර කලක් තිස්සේ ඇතිව තිබූ ගැටුමක ප්‍රතිඵලය මත බවට කරුණු කාරණා වැල්ලම්පිටිය පොලිසිය වෙත ලැබෙන්නට විය. ඒ අනුව පොලිසිය කරන ලද විමර්ශනයෙන් අනතුරුව ප්‍රකාශ්ගේ ඝාතනයට පුද්ගලයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නිලධාරීහු කටයුතු කළහ. මින් එක් සැකකරුවකු වූයේ, මාධව නමැත්තෙකි. අනෙක් තැනැත්තා වාහන අමතර කොටස් අලෙවි කරන පුද්ගලයෙකි.

මාධව, ඩෑන් ප්‍රියසාද්ගේ මස්සිනාය. මාධව විවාහ වී සිටියේ, ඩෑන්ගේ බිරියගේ සොහොයුරියක සමඟය.

සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත වූ මාධවත් අමතර කොටස් අලෙවි කරන තැනැත්තාත් කලකට පසු ඇප මත එළියට පැමිණියහ. වැල්ලම්පිටිය පොලිසිය සැකපිට ඔවුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කළද ප්‍රකාශ් තිළිණගේ ඝාතකයන් සොයාගැනීමට වැල්ලම්පිටිය පොලිසියට හැකිවූයේ නැත. මේ නිසා ප්‍රකාශ්ගේ ඝාතකයෝ දිගින් දිගටම නිදැල්ලේ පසුවූහ. සැකකරුවන් අත්අඩංගුවට පත් නොවීම නිසා තිළිණගේ ඝාතනයද නොවිසඳුණු අපරාධයක් ලෙස පොලිස් පොත්වල සටහන් වී තිබිණි.

දින, සති, මාස ගණනින් කාලය ගෙවී ගියේය. සිද්ධිය කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට දැනගන්නට ලැබුණේ ඔය අතරය. ඒ පිළිබඳ අවධානය යොමු කළ හෙතෙම නොවිසඳී ඇති ප්‍රකාශ්ගේ ඝාතනයට සම්බන්ධ පුද්ගලයන් කොටු කර ගත යුතු බවට තීරණය කොට මෙවන් විමර්ශනවලට දක්ෂතාවක් ඇති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක සිය කාර්යාලයට කැඳවා නිදැල්ලේ සිටින ප්‍රකාශ්ගේ ඝාතකයන් කෙසේ හෝ අත්අඩංගුවට ගන්නා ලෙස ඔහුට උපදෙස් දුන්නේය.

විමර්ශන භාරගත් පොලිස් පරීක්ෂක ජයතිලකගේ මුල්ම අවධානය යොමු වූයේ, මීට පෙර වැල්ලම්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මාධව නමැති පුද්ගලයා කෙරෙහිය. ඒ අනුව පොලිස් පරීක්ෂකවරයා මාධවගේ ජංගම දුරකථනයට අදාළ විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කළේය. එසේ කළේ ඒ ඔස්සේ හෝ ප්‍රකාශ් ඝාතනය ගැන කිසියම් හෝඩුවාවක් ලබාගැනීම සඳහාය.

විශ්ලේෂණ වාර්තාව දිගින් දිගටම නිරීක්ෂණය කරද්දී ස්ථානාධිපතිවරයාට පෙනී ගියේ ප්‍රකාශ් තිළිණ ඝාතනය වන දිනයේ කිසියම් පුද්ගලයකුගෙන් මාධවගේ ජංගම දුරකථනයට අසාමාන්‍ය ලෙස ඇමැතුම් ලැබී ඇති බවය. එමෙන්ම මාධවද එම පුද්ගලයාට වරින් වර ද ඇමැතුම් ලබාගෙන තිබිණි.

“අපි දිගටම මාධවගේ ටැලිෆෝන් ඩීටේල්ස් බලද්දී ප්‍රකාශ් මරපු 25 වැනිදාත් ඊට පෙරත්, ඊට පසුවත් මේ දෙදෙනා අතර දුරකථන පණිවුඩ හුවමාරු වෙලා තිබුණු බව පෙනී ගියා. එක දවසක මාධවට ඒ පුද්ගලයාගෙන් ඇමැතුම් 18ක් ලැබී තිබුණා. වෙන දවස්වල එහෙම ඇමැතුම් ලබා ගැනීමක් සිදු වෙලා තිබුණේ නැහැ. මේ ඇමැතුම් ගැනීම අසාමාන්‍ය ලෙස සිදුවී තිබුණු නිසා අපි ඒ ඇමැතුම දුන් පුද්ගලයා කවුරුන් දැයි කියලා හොයලා බැලුවා. එතකොට තමයි අපි දැනගත්තේ ඒ පුද්ගලයා වෙන කිසිවකු නොව මාධවගේම තාත්තා කියලා.
පස්සේ අපි මේ පුද්ගලයා ගැන හොයලා බැලුවා. එතකොට අපිට අනාවරණය වුණා එයා මීට කලිනුත් මිනීමැරුම් තුනකටම සම්බන්ධ වෙලා පොලිසිය අත්අඩංගුවට අරගෙන රිමාන්ඩ් වෙලා ඇප මත එළියේ ඉන්න කෙනෙක් කියලා.”

පස්සේ ඒ මිනීමැරුම් මොනවද කියලා හොයලා බලද්දී අපි දැනගත්තා ඒ මිනිස්සු තුන් දෙනාම මරලා තියෙන්නෙත් කපලා-කොටලා කියලා. ඒ කියන්නේ ප්‍රකාශ්ව කපපු කොටපු විදිහටම තමයි ඒ මිනීමැරුම් තුනත් කරලා තියෙන්නේ. ඒ නිසා අපි ප්‍රකාශ්ගේ මරණයට ඒ පුද්ගලයා සැක කළා. එහෙම කරලා මිනිහා ඉන්න තැන් හෙව්වා. ඒත් මිනිහා ගමෙන් පැනලා හිටියේ. ඒ අතර මාධවත් එක්ක ෆෝන් එකෙන් සම්බන්ධ වුණු අනෙක් දෙන්නා ගැනත් හෙව්වා. එයාලාත් මාධවගේ තාත්තාගේ සහෝදරයකුගේ පුත්තු කියලත් දැනගත්තා. ඒත් මේ සේරම දෙනා ගමෙන් පැනලා හිටියේ.”පොලිස් පරීක්‍ෂක ජයතිලක  විමර්ශන ඇරඹූ ආකාරය එසේ සඳහන් කළේය.

ඉන් අනතුරුව ඔහුගේ උපදෙස් මත ඒකක 6ක නිලධාරීහු සැකකරුවන්ගේ ජංගම දුරකථන ඔස්සේ සහ දුරකථන කුලුනු හරහා ඔවුන් රැඳී සිටින ස්ථාන සොයා පුළුල් මෙහෙයුමක් දියත් කළහ.

ඉන් අනතුරුව ස්ථානාධිපති ජයතිලක ඒ වනවිට ඇප මත මුදාහැර සිටි මාධවද නැවත සී.අයි.ඩී.යට ගෙන්වා දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නට විය. ඒ අනුව ප්‍රකාශ්ගේ ඝාතනයේ තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට නිලධාරීන්ට හැකිවූ අතර ඉන් අනතුරුව මාධවගේ පියාට කළ දැනුම්දීමත් සමඟ ඔහු අපරාධ කොට්ඨාසයට පැමිණි අතර පසුව ඔහු අත්අඩංගුවට පත් විය.

මාධවගේ පියාගෙන් ප්‍රශ්න කිරීමේදී ප්‍රකාශ් ඝාතනයට ඔහු සමඟ ගිය අනෙක් පුද්ගලයන් දෙදෙනාද අනාවරණය කරගත හැකිවූ අතර දුරකථන විශ්ලේෂණ වාර්තා ඔස්සේද මෙම හඳුනා ගැනීම සිදු විය. ඒ අනුව මාධවගේ පියාගේ සොහොයුරකුගේ පුතුන් දෙදෙනකුත් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයකුද නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

එහෙත් නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් මාධව අත්අඩංගුවට ගත්තේ නැත. ඒ ඔහු එම මිනිස් ඝාතනය සම්බන්ධයෙන් මීට පෙර වැල්ලම්පිටිය පොලිසියේ අත්අඩංගුවට පත්ව අධිකරණය ඉදිරිපත් කළ අයකු වූ නිසාය.

පසුව මොවුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී තිළිණ ප්‍රසාද් ඝාතනය අරගලයේ හෝ වෙනයම් ක්‍රියාකාරී සිදුවීමක් නිසා නොව, පවුල් ආරවුල් මත සිදුවූවක් බව අනාවරණය කර ගැනීමට නිලධාරීන්ට හැකිවිය. ඒ ප්‍රකාශ් තිළිණ මරා දමා මාස 6කට පසුවය. ඒ කතාව දිගහැරෙන්නේ මෙසේය.

2021 වසරේ මාධව මත්කුඩු සමඟ පොලිසියට කොටුවී ඇත. ඉන් අනතුරුව එක්තරා සමාජ මාධ්‍යයක “මාධව කොළොන්නාවටම කුඩු බෙදන බවට” පෝස්ට් එකක් සංසරණය වී තිබේ. මාධව සැක කළේ එය ප්‍රකාශ්ගේ සොහොයුරා වූ ඩෑන් විසින් යොදන ලද්දක් බවටය. එමෙන්ම ඔහු පොලිසියට කොටු කරදීමට එම පාර්ශ්වය සම්බන්ධ බවය. මෙය මාධව තුළ ඇතිවූ සැකයකි.

“මේක දාන්න ඇත්තේ උෟම තමයි.”

“අපි උෟට දැනෙන්න දෙයක් කරමු.”

“උෟව අල්ලගන්න බැහැනේ. අපි ප්‍රකාශ්ගේ කකුල් කඩමු.මාධව ඇතුළු පිරිස එහිදී කතිකා කර ගත්තේ ඩෑන්ට දැනෙන්නට ප්‍රකාශ්ට අනතුරක් කිරීමටය.

ඒ අනුව ඉකුත් වසරේ ජූලි මස 24 වැනිදා කුලී පදනම මත මෝටර් රථ ලබාදෙන ස්ථානයකින් වැගන්ආර් රථයක් කුලියට ගත් මොවුහු ඊට පසුවදා ප්‍රකාශ්ට පහරදීමට තීරණය කළහ.
ප්‍රකාශ් සුපුරුදු පරිදි මිතුරන් සමඟ අල්ලාප සල්ලාපයේ යෙදීමට ඔරුගොඩවත්ත ගුවන් පාලම යට බුදු මැඳුර ළඟට ඒම සිරිතක් කර සිටියේය. ඒ බව දත් පිරිස ප්‍රකාශ්ට එතැනදී පහරදීමට කතිකා කර ගත්හ.

25දා රාත්‍රි අට වන විට ප්‍රකාශ් මිතුරකුද සමඟ බුදු මැඳුර ළඟට පැමිණියේය. ඒ බව නිශ්චිත වශයෙන්ම දැන ගැනීමට දෙදෙනකු යතුරුපැදියකින් බුදු මැඳුර ළඟට එවීමට මාධව පාර්ශ්වය කටයුතු කළහ.

ඒ වන විට ප්‍රදේශයේ විදුලිය විසන්ධි කර තිබුණද යතුරුපැදියේ පැමිණි දෙදෙනාට බුදු මැඳුර ළඟ රැඳී දුරකථන ඇමතුමක යෙදී සිටින ප්‍රකාශ් හඳුනා ගැනීමට හැකි විය.

“හරි බඩු ඉන්නවා. ඉක්මනට වරෙන්.” යතුරුපැදියේ පැමිණි ඔත්තු බැලූ පුද්ගලයාගෙන් ලැබුණු ප්‍රතිචාරයත් සමඟ විදුලි වේගයෙන් වැගන්ආර් රථයකින් එතැනට පැමිණි දෙදෙනෙක් කඩුවකින් සහ මන්නයකින් බුදු මැඳුර අසල රැඳී සිටි ප්‍රකාශ්ට පහර පිට පහර දුන්හ. ප්‍රකාශ් මියයන්නේ එලෙසය.

සිද්ධිය මෙලෙස අනාවරණය කර ගැනීමෙන් අනතුරුව ප්‍රකාශ් ඝාතනයට යොදා ගත් කඩුවත් මන්නයත් සොයා ගැනීමට නිලධාරීන්ට හැකිවූ අතර ඝාතනයට උපයෝගී කර ගත් සුදු පැහැති වැගන්ආර් රථයද අයි.ඩී.එච්. ප්‍රදේශයේදී කොටු කරගත හැකි විය.

ප්‍රකාශ්ගේ ඝාතනය සම්බන්ධයෙන් මාධවගේ පියාත් ඔහුගේ සොහොයුරාගේ පුතකුත් යතුරුපැදියෙන් ගොස් ඔත්තු බැලීම සිදු කළ සොහොයුරාගේ අනෙක් පුතාත් 25 හැවිරිදි තරුණයාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට පොලිසිය කටයුතු කළේය.

කීර්ති මෙන්ඩිස්
2023-02-11 මව්බිම පුවත්පත ඇසුරින් 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top