මේ කියන්න යන්නේ ඔවුන්ට කරන ලද ඒ විශේෂ ඉල්ලීම ගැන ඇසෙන කතාවයි..
නැවත දැනුම් දෙන තුරු, ශ්‍රී දළදා වහන්සේ වන්දනාමාන කිරීම සඳහා මහනුවරට නොපැමිණෙන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා..
සිරි දළදා වන්දනාවට පැමිණෙන සැදැහැවතුන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් අද සහ හෙට යන දෙදින තුළ වන්දනාවේ පැමිණීමෙන් වළකින ලෙස පොලිසියද ජනතාවට දැනුම්දුන්නා..
ඊයේ (23) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් පොලිසිය කියා සිටියේ අද දිනයේ ඉඩ ප්‍රස්ථාවක් තිබුණහොත් මාධ්‍ය හරහා දැනුවත් කර නැවත දළදා වන්දනාවට සැදැහැවතුන් එක්කර ගන්නා බවයි..
මේ වනවිටත් බැතිමතුන් ලක්ෂ හතරකට අධික සංඛ්‍යාවක් සිරි දළදා වන්දනාව සඳහා මහනුවර නගරයේ පෝලිම්වලට ඒකරාශී වී සිටින බවයි මහනුවර මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ කියා සිටියේ..
මේ අතර සිරි දළදා වන්දනාව වෙනුවෙන් කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ක්‍රියාත්මක කර තිබූ විශේෂ දුම්රිය අද සිට නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර තිබෙනවා. ඒ පොලිසිය සිදු කළ ඉල්ලීමකට අනුවයි..