මේ කියන්න යන්නේ ඔහුගේ ඝාතන සිද්ධිය ගැන තවත් විශේෂ ආරංචියක්..
සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 7 දෙනෙකු පොලිස් භාරයට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරනවා...
එසේම ඩෑන් ප්‍රියසාද් ඝාතනයට සම්බන්ධ බවට දැනට සැක පළ කරන පිය පුතු දෙදෙනා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලිසිය පවසනවා..
ඔවුන් දෙදෙනා ඇතුලු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා කණ්ඩායම් 6ක් මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ..
එමෙන්ම, ඩෑන් ප්‍රියසාද් පසුගිය දිනක කිසියම් පාර්ශවයක් සමග ගැටුමක් ඇති කරගෙන ඇති අතර එම ගැටුම ඇති කරගත් පුද්ගයින් පළාගොස් සිටින පිය පුතු දෙදෙනාගේ ඥාතීන් බවට ද අනාවරණය වී තිබෙනවා..
සමාජ ක්‍රියාකාරි ඩෑන් ප්‍රියසාද් සිය බිරිද සහ දරු තිදෙනා සමග පෙරේදා රාත්‍රියේ වැල්ලම්පිටිය සාලමුල්ල ප්‍රදේශයේ ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ පිහිටි බිරිඳගේ නිවස වෙත පැමිණ තිබුණේ සාදයකට සහභාගි වීම සඳහායි..
සාදය පැවැත්වෙන අතරතුර රාත්‍රී 9.00ට පමණ යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු මහල් නිවාස සංකීරණයට ඇතුළු වී තිබූ අතර එය සී.සී. ටීවී කැමරාවක ද සටහන්ව තිබුණා..
එලෙස පැමිණි සැකකරුවන් දෙදෙනා පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් ඩෑන් ප්‍රියසාද් ට වෙඩි තබා පලාගොස් තිබූ බවයි පොලිසිය සඳහන් කළේ..
මේ අතර ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය ඊයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළා..
එහිදී පොලිසිය සඳහන් කළේ මෙම අපරාධයට පිය පුතු දෙදෙනෙකුගේ සම්බන්ධයක් පවතින බවට සැක කළ හැකි තොරතුරු පරීක්ෂණවලදී හෙලිවී ඇති බවයි..
එලෙස සැකකරන පිය පුතු දෙදෙනාගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔවුන්ගේ දුරකථන වාර්තා කැඳවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් කරනු ලැබූ ඉල්ලීමට අවසර ලැබී තිබුණා..
වැඩිදුරටත් කරුණු දැක්වූ පොලිසිය පැවසුවේ ඩැන් ප්‍රියසාද්ගේ සහෝදරයකු වන ප්‍රකාශ් තිළිණ නමැත්තා ද මීට වසර කිහිපයකට ඉහතදී තියුණු ආයුධයකින් පහර දි ඝාතනය කර ඇති බවයි..
ඒ සම්බන්ධයෙන් මෙම පිය පුතු දෙදෙනාට එරෙහිව අධිකරණය හමුවේ නඩුවක් පවතින බවත් ඔවුන් සඳහන් කර සිටියා..
මොවුන් දෙදෙනා වැලිවේරිය ප්‍රදේශයේ පදිංචිකරුවන්..
මේ අතර, ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයට අදාළව මේ වනවිට කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තුන්දෙනෙකු පොලිස් භාරයට ගෙන ඇත්තේ ඝාතනය සඳහා තොරතුරු ලබාදුන් බවට වන සැකය මත ප්‍රකාශ ලබාගැනීම සඳහායි..
අත්අඩංගුවට ගෙන ඇති කාන්තාව ඩෑන් ප්‍රියසාද්ගේ බිරිදගේ නැගණිය බවටයි අනාවරණය වී ඇත්තේ..
ඇයගේ ජංගම දුරකතනයේ වට්ස්ඇප් මාධ්‍යයේ හුවමාරු වී ඇති පණිවුඩ කිහිපයක් සම්බන්ධයෙන් ද පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා..
එමෙන්ම, ඝාතනයට අදාළව මේ වන විට පුද්ගලයින් 10 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි පොලිසිය සදහන් කළේ..
මේ අතර, ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තැබීමේ සිද්ධියේ සැකය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ පාර්ශ්වය වෙත ද එල්ල වනවා..