Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
23
කොලොස්ටරෝල් පාලනය කරන බලගතුම ස්වාභාවික ඔසු...

- කොලොස්ටරෝල් පාලනය කරන බලගතුම ස්වාභාවික ඔසු...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,692 Views
අපගේ ශරීරයේ රුධිරය ගෙන යන රුධිර නාලවල අනවශ්‍ය ලෙස මේද කොටස් තැන්පත් වීම නිසා රුධිර ගමනාගමනය අවහිර වීම ගැනයි අපි අද කතා කරන්නේ.

මේ ආකාරයෙන් රුධිරවාහිනී අවහිර වීම නිසා ශරීරයේ සමහර අවයව වලට නිසි පරිදි ඔක්සිජන් සහ අනෙකුත් අත්‍යවශ්‍ය පෝෂ්‍ය කොටස් නොලැබී යනවා. එහි ප්‍රතිඵලයක් ලෙස එම අවයවවල ක්‍රියාකාරීත්වය අඩපණ වෙනවා.

මේක දරුණු තත්වයක්. ඒ වගේම මේකට හේතුව මොකක්ද කියලා තවමත් හරියටම අනාවරණය කරගෙන නැහැ. කොහොම උනත් විශේෂඥයන් විස්වාස කරන්නේ රුධිර නාල වල අභ්‍යන්තර ස්තරයට සිදුවන හානියක් හෝ තුවාලයක් සමග තමයි මේක ආරම්භ වෙන්නේ කියල.

අධික දුම් පානය, අධික තෙල් සහිත ආහාර ගැනීම, ශාරීරික ව්‍යායාම අඩුකම, ස්ථුලතාවය, දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් යනාදී තත්වයන් මේ තත්වය තවදුරටත් නරක අතට හරවනවා. ආතරයිටීස්, දද වගේ දේවල් නිසාත් මේ තත්වය ඇති වෙන්න පුළුවන්. මේ විදියට රුධිර නාල අවහිර වීම නිසා කිරීටක ධමනියේ ආබාධ, ශ්‍රීර්ෂපෝෂී ධමනියේ ආබාධ (බෙල්ලේ ඇති ප්‍රධාන ලේ නහරය), හෘධයාබාධ, ආඝාත වැනි දරුණු රෝගී තත්වයන් ඇතිවෙන්න පුළුවන්.


ගොඩක් වෙලාවට, මේ තත්වය ඉතාමත් දරුණු මට්ටමට පත්වෙනකන් කිසිම රෝග ලක්ෂණයක් පිටතට පෙන්වන්නේ නැහැ. මෙහි රෝග ලක්ෂණ තමයි පපුවේ වේදනාව, කෙටි හුස්ම ගැනීම, හෘද ස්පන්දනය දුර්වල වීම, කරකැවිල්ල, කෑම අරුචිය වගේ දේවල්. මේ හැරුණම විවිධාකාරයේ වේදනාවන් ඇති වෙන්න පුළුවන්. කකුල්වල වේදනාව, උන, ශරීරයේ පැත්තක් හිරිවැටීම, අතක් හෝ කකුලක් සොලවන විට ඇතිවන වේදනාව, එක ඇසක පෙනීම අඩුවීම වගේ තත්වයන් ඇතිවෙන්නෙත් මෙහි ප්‍රතිපලයක් විදියට.

ඉතින් අපේ සිරුරේ රුධිර නාල අවහිර වීම වර්ධනය වෙන්නේ බොහොම හිමින්. ඒ නිසා වරින් වර පරීක්ෂා කිරීම ඉතා වැදගත්. නවීන ඖෂධ සහ ස්වභාවික ප්‍රතිකර්ම වලින් මේ තත්වය පාලනය කරන්න පුළුවන්. අපි අද කියල දෙන්නේ රුධිර නාල අවහිරවීම පාලනය කරන ස්වභාවික ප්‍රතිකාර කිහිපයක් ගැන...

1. සුදු ළූණු
සුදු ළූණු කියන්නේ රුධිර නාල අවහිර වීම වැලැක්වීමට කියාපු බෙහෙතක්. ඒවා රුධිර නාල පුළුල් කර රුධිර සංසරණය ක්‍රමවත් කිරීමට මහගු දායකත්වයක් සපයනවා. සුදු ළූණු බික් තුනක් කිරි වීදුරුවකට දාලා උණු කරල නිවෙන්න තියල නින්දට යන්න කලින් බොන්න. මේක දිනපතාම කරන්න. මේ හැරුනම දිනපතා ඔයාගේ ආහාරයට සුදු ළූණු එකතු කරගන්න එක ඉතා හොදයි.

02. වියළි කහ
අවහිර වුනු රුධිර නාලිකා පිරිසිදු කරන තවත් වැදගත් කුළුබඩු වර්ගයක් තමයි කහ කියන්නේ.උණුසුම් කිරි වීදුරුවකට කහ තේ හැන්දක් සහ මී පැණි පොඞ්ඩක් එකතු කරල දවසට දෙපාරක් බොන්න. ඊට අමතරව දිනපතා ඔයාගේ ආහාරයට කහ එකතු කරගන්න.

03. ලෙමන්
ලෙමන් වල අඩංගු විටමින් ක්‍ නිසා රුධිර පීඩනය නිසි ලෙස පවත්වාගෙන යන්නත් රුධිර වාහිනී වල ආසාදනයන් ඇතිවීම අවම කරගන්නත් පුළුවන්. ඒ වගේම ලෙමන් වලට රුධිරයේ ඇති කොලොස්ටෝරෝල් ප්‍රමානය අවම කරන්නත් ධමනි පිරිසුදු කර රුධිර සන්සරණය ක්‍රමවත් කරන්නත් පුළුවන්. ගම්මිරිස් සහ මී පැණි ලෙමන් වීදුරුවකට එක් කර දිනකට වරක් හෝ දෙවරක් සති කිහිපයක් පානය කරන්න.

ඔයාට අවශ්‍යනම් ලෙමන් ලෙලි ටිකක් අරගෙන වතුර කෝප්ප හතරකට දමා විනාඩි 20ක් පමණ තම්බා ගන්න. ඉන් පසුව එම වතුර ටික පෙරාගෙන මී පැණි ටිකක් එකතු කරගන්න. මෙයින් කෝප්පයක් දවසට තුන් වරක් හෝ හතරවරක් සති කිහිපයක් යනකම් පාවිච්චි කරන්න.

04. ඉගුරු
ඉගුරු මගින් රුධිරවාහිනී වල මේද කොටස් තැන්පත්වීම අවම කරනවා වගේම ශරීරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණයත් අවම කරනවා. ගාගත් ඉගුරු තේ හැන්දක් දාල තේ එක හදන්න. ඉගුරු ටික හොඳින් පෙගෙනකන් විනාඩි පහක් විතර තියෙන්න හරින්න. ඊට පස්සේ එක පෙරලා අරන් මී පැණි පොඞ්ඩක් එකතු කරලා බොන්න ගන්න. හිස් බඩට ඉගුරු කෑල්ලක් කන එකත් හොඳයි. නමුත් ඔයාට ගැස්ට්‍රයිටීස් හෝ පිත්තාශයේ ආබාධ තියෙනවා නම් ඉගුරු ප්‍රතිකාර ඒ තරම් සුදුසු වෙන්නේ නැහැ.

05. උළුහාල්
උළුහාල් තේ හැන්දක් වතුර වීදුරුවකට දාල පැයක් තියෙන්න හරින්න. ඊළග දවසේ උදේ මේ පෙගුණු උළුහාල් ඇට වතුර ටිකත් එක්කම ආහාරයට ගන්න. මතක තියාගන්න. මේක කරන්න ඕන හිස්බඩට තවත් ක්‍රමයක් තමයි උළුහාල් තේ හැන්දක් වතුර කෝප්පයකට දාල නටන තුරු උණු කරන්න. ඊට පස්සේ වතුර ටික පෙරලා අරන් මී පැණි පොඞ්ඩක් එකතු කරලා දවසට දෙපාරක් බොන්න.

6 රතු නිවුඩු හාල්
ඇහිරුණු රුධිර නාලිකා පිරිසිදු කර හෘදයාබාධ ඇති වීමේ අවධානමෙන් ඔබව මුදවා ගැනීමේ හැකියාව රතු නිවුඩු හාල් වලට තියෙනවා. ශරීරයේ ඛෘඛ කොලොස්ටරෝල් අඩු කිරීමේ මොනොකොලින්ස් මේ වර්ගයේ සහල් වල අඩංගු වෙනවා. ඒ වගේම රතු නිවුඩු හාල් වල ඇති PHYTOSTEROLS, BETA-SITOSTEROL, CAMPESTEROL, STIGMASTEROL, ISOFLAVONES වැනි පෝෂණ සංගටක නිසා කොලොස්ටරෝල් නාශනය කරලා හදවතේ නිරෝගී බව පවත්වා ගෙන යන්න විශාල රුකුලක් සපයනවා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top