Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
23
ඔබටත් මේ ලක්ෂණ තියෙනව නම් ඔබේ වකුගඩු හරියට ක්‍රියාකරන්නේ නෑ... - ශරීරය අඩපණ වෙන්න පුළුවන්...

- ඔබටත් මේ ලක්ෂණ තියෙනව නම් ඔබේ වකුගඩු හරියට ක්‍රියාකරන්නේ නෑ... - ශරීරය අඩපණ වෙන්න පුළුවන්...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,679 Views
වකුගඩු වලින් තමයි අපේ ශරීරයේ දියර වර්ග විශාල ප්‍රමාණයක් පෙරෙන්නේ. 

වකුගඩු ඒ නිසාම ඉතාම ඉක්මණින් සහ පහසුවෙන් නරක් වෙන්නත් ක්‍රියාකාරිත්වය අඩපණ වෙන්නත් පුලුවන් අවයවයක්.

අපේ ජීවිත වල තියෙන කාර්‍යබහුලත්වය එක්ක එවැනි දේවල් ගැන අපේ ශරීරයෙන්ම අපට කරන් අනතුරු ඇඟවීම් මගහැරී යන්න ඉඩ තියෙනවා.

එවැනි අනතුරු ඇඟවීම් හඳුනාගන්න නම් ඒ ගැන දැනීමකුත් තිබීම වැදගත්. අද ඔබට ඉදිරිපත් කරන්නේ එවැනි අනතුරු ඇඟවීම් 10ක් ගැනයි.

01. නින්ද මදකම
වකුගඩු හරියට ක්‍රියාකරන්නේ නොමැති විට ශරීරයේ ඇති විෂ මුත්‍රා හරහා ශරීරයෙන් පිටවෙන්නේ නෑ. ඒවා රුධිරය තුලම පවතිනවා. එසේ රුධිරගත විෂ ප්‍රමාණයක් ඇති විට නින්ද යාමේ අපහසුතාවයන් ඇති වෙනවා. බරපතල තත්වයේ වකුගඩු රෝග ඇති තැනැත්තන් ස්ලීප් ඇප්නියා නම් තත්වයෙන් පෙළෙනවා. මේ තත්වයේදී සිදු වන්නේ නින්දේදි තත්පර කිහිපයක සිට විනාඩියක් පමණ දක්වා විය හැකි හුස්ම ගැනීම ඇන හිටීමයි. එය නැවත යථා තත්වයට පත් වන විට විශාල ශබ්ධයක් සහිත ගෙරවීමකැති වෙනවා. ඔබ මේ ආකාරයට සද්දෙට ගොරවනවා නම් වෛද්‍යවරයෙක් හමුවීම නුවණට හුරුයි.

02. හිසරදය, තෙහෙට්ටුව සහ සාමාන්‍ය මහන්සි ගතිය
හොඳින් ක්‍රියාකරන වකුගඩුවක් මගින් විටමින් ඩී පරිවර්තනය කරමින් අස්ථි ශක්තිමත් කරනවා, ඒ වගේම විටමින් ඩී වලින් Erythropoietin නම් හෝමෝනයක්ද නිපදවනු ලබනවා. මෙම හෝමෝනය රතු රුධිරාණි නිශ්පාදනයට දායක වෙනවා. ඔක්සිජන් ප්‍රවාහනය කරන්න්නේ රතු රුධිරාණු මගිනුයි. වකුගඩු නිසි ලෙස ක්‍රියා නොකරන විට මොළයට සහ අනෙකුත් අවයව වලට ඔක්සිජන් සැපයීම අඩු වෙන නිසා වරින් වර මහන්සි හා දුබල ගතියක් දැනේ. වකුගඩු ක්‍රියාත්මක වීම 20% – 50% දක්වා වන අවස්ථාවල රක්ත හීනතාවය ඇති වීමේ අවදානමක් පවතී. ඔබ අවශ්‍ය ප්‍රමාණයට නින්දත්, විවේකයත් ලබාගනිද්දී පවා, ඔබට නිරන්තරයෙන් මහන්සිය සහ දුබල බව දැනෙනවා නම්,ඉක්මණින් වෛද්‍යවරයෙකු හමුවීමට යාම යෝග්‍ය වේ.

03. වියළි සහ කසන සුළු සම
කලිනුත් සඳහන් කළ පරිදි වකුගඩුවේ නිසි ක්‍රියාකාරිත්වය හරහා රතු රුධිරාණු නිපදවීමත්, රුධිරයේ අනවශ්‍ය දියර සහ විෂ සහිත ද්‍රව්‍ය බැහැර කිරීමත් සිදු කරනු ලබනවා. එමෙන්ම රුධිරයේ නිසි ඛනිජ මට්ටම පවත්වාගෙන යාමට ද වකුගඩු වල ක්‍රියාකාරිත්වය හේතුවක් වෙනවා. වියළි සහ කසනසුළු සමක් ඇතිවීමෙන් හැඟවෙන්නේ ඔබේ වකුගඩු වලට රුධිරයේ ඛණිජ සහ පෝෂක පදාර්ථ නිසි මට්ටමෙන් පවත්වා ගැනීමට ඇති ආපහසුතාවය යි. ඔබට මෙවැනි කසන සහ වියළි සමක් තිබේ නම් හොඳින් ජලය පානය කර නිරීක්ෂණය කළ හැකියි. වෛද්‍යවරයෙකු හමුවීමට නොගොස් කිසිදු ආකාරයක ඖෂධයක් භාවිතා කරන්න එපා. සමහර ඖෂධ වලින් වකුගඩු වලට තවදුරත් හානි කරන්න පුලුවන්.

04. මුඛයේ දුර්ගන්ධය සහ මුවට දැනෙන යකඩ රසය
රුධිරගත විෂ ද්‍රව්‍ය ප්‍රමාණය ඉවත් නොවන විට අහාර වල රස දැනීම වෙනස් වෙන අතර, මුවට යකඩ රසයක් දැනීමට ද පටන් ගනි. මුඛයේ දුර්ගන්ධය ඇති වීමට රුධිරගත විෂ ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවට ඉඟියක් විය හැකිය. මීට අමතරව ආහාර අරුචිය, විශේෂයෙන් මාංශ ආහාර ගැනීමට ඇති අරුචිය සහ හදිස්සියේ ශරීර බර අඩුවීම ද දැකිය හැකියි. මුඛයේ යකඩ රසයක් දැනීම වෙනත් හේතු වලට ද ඇතිවිය හැකියි. නමුත් එම රෝග වලට ප්‍රතිකාර කිරීමෙනුත් පසුව මේ තත්වය දිගින් දිගටම පවතිනවා නම්, එය වකුගඩු අක්‍රිය වීමට සම්බන්ධ විය හැකියි.

05. හුස්ම කෙටි වීම
සාමන්‍යෙන් වකුගඩු ක්‍රියාකිරීම අඩු වීම සමඟ ඇති වෙන හුස්ම කෙටි වීම ඇති වෙන්නේ, කුඩා මහන්සියක් වුණු පසුවයි. මීට හේතු දෙකක් බලපානවා, එකක් තමයි රුධිරයේ ඇති අනවශ්‍ය දියර පෙණහලු වලට පිරීම, ඒ වගේම රක්තහීනතාවය නිසා සිරුරේ ඔක්සිජන් ප්‍රමාණය අඩු වීමත් සමඟත් හුස්ම කෙටි වීම ඇති වෙන්න පුලුවන්. ඉතා පොඩි මහන්සි වීමකින් පසුව පවා ඇතිවන හුස්ම කෙටි වීම වකුගඩු වල පමණක් නෙවෙයි, හෘදයේ ආබාධ වලදීත්, අසාත්මිකතා සහ පෙනහළු පිළිකා වැනි බරපතල තත්වයන් වලදීත් ඇතිවිය හැකියි. එම නිසා මෙම තත්වය පිළිබඳ අවබෝධයෙන් සිට නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්න.

06. වළලුකර, යටිපතුල හෝ අත් වල ඉදිමීම්
වකුගඩු නිසි ලෙස ක්‍රියා නොකරන විට ශරීරයේ අනවශ්‍ය දියර ෛවත් කිරීම නිසි ලෙස නොවණ අතර, මෙය අනවශ්‍ය සෝඩියම් රඳවාගැනීමට හේතු වේ. ඉදිමීම ඇති වන්නේ මෙසේ රැඳෙන සෝඩියම් වල ප්‍රතිඵලයක් ලෙසය. ශරීරයේ පහල කොටස් වල ඉදිමීම අක්මාවේ සහ හෘදයේ සංකූලතා නිසාද ඇති විය හැකියි. සමහර අවස්ථාවල ශරීරයේ අනවශ්‍ය දියර ඉවත් කිරීමෙන්, ලුණු භාවිතය අඩු කිරීමෙන්, මෙය සුව වෙනවා. නමුත් ඒවායින් නිසි ප්‍රතිපලයක් නැතිනම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුයි.

07. පිට කොන්දේ වේදනාව
පෙනහළු කූඩුවට හරියටම යටින් පිට පැත්තේ ඇතිවන වේදනාව වකුගඩු අක්‍රිය වීමේ ප්‍රතිපලයක් විය හැකියි. ඒ වගේම දෙපා ඉදිමීමත් ඇති විය හැකියි. මෙය ඇති වෙන්නේ වකුගඩුවට අමතර දිය පිරීම හේතුවෙන්. මෙම තත්වයේදී උණ ගැනීම, නිතර නිතර මුත්‍රා පිටකිරීමට අවශ්‍ය වීම ඔක්කාරය සහ වමනය ද ඇති වෙනවා.

08. ඇස් ඉදිමීම
ඔබේ වකුගඩු අක්‍රිය වීමේ ඉතාම මුල්කාලීන ලක්ෂණයක් තමයි, මුත්‍රා සමඟ ප්‍රෝටීන් පිටවීම නිසා ඇති වෙන ඇස් ඉදිමීම. ඇස් වටා මෙසේ ඉදිමීම ඇති කරන්නේ සිරුරට අවශ්‍ය ප්‍රෝටින් රුධිරය තුල රඳවා නොගෙන මුත්‍රා ඔස්සේ පිටකරන විටයි. ඔබ සිරුරට අවශ්‍ය කරන ප්‍රෝටීන් ප්‍රමාණය නිසි ලෙස ලබාගන්නවා නම්, ඒත් ඇස් වටා ඉදිමීමක් දක්නට ලැබෙනවා නම්, වෛද්‍ය උපදෙස් ලබාගැනීම උචිතයි.

09. අධි රුධිර පීඩනය
රුධිර සංසරණ පද්ධතිය සහ වකුගඩු වල ක්‍රියාකාරිත්වය එකිනෙකා මත පදනම් වෙනවා. ඔබේ රුධිර නාළ හානි වී ඇතිනම් රුධිරය පිරිපහදු කරන නෙෆ්‍රෝන් වලට නිසි ඔක්සිජන් සැපයීමක් ලැබෙන්නේ නැහැ. එම නිසයි අධි රුධිර පීඩනය වකුගඩු වල ක්‍රියා විරහිත වීමට තිබෙන දෙවන විශාලතම හේතුව වෙන්නේ. මේ තත්වයෙන් වැළකී සිටීමට රුධිරයේ රතු රුධිරාණු මට්ටම වැඩි කරන ෆෝලික් ඇසිඩ් බහුල ආහාර ලබාගත යුතුයි.

10. මුත්‍රා වල ස්වාභාවය වෙනස් වීම
මුත්‍රා නිශ්පාදනය වකුගඩුවේ ප්‍රධානතම ක්‍රියාවලිය යි. එම නිසා මුත්‍ර වල ඇතිවන වර්ණයේ සහ ගන්ධයේ වෙනස්කම් නොසළකා හැරිය යුතු නැහැ. වකුගඩු වල ක්‍රියාකාරිත්වය අඩු වෙන විට මුත්‍ර වල දක්නට ලැබෙන ප්‍රධාන වෙනස්කම් කිහිපයක් මෙසේයි.
  • රාත්‍රී නින්ද අතරතුර වාර 4-10 දක්වා වැඩි වාර ගනණක් මුත්‍ර පිට කිරීමට අවශ්‍ය වීම.
  • මුත්‍රා සමඟ රුධිරය පිටවීම.
  • මුත්‍රා වල බුබුලු හෝ පෙණ ගතිය. විශේෂ‍යෙන් ඔබට මේ නිසා නැවත නැවත වැසිකිලියට ජලය යෙදීමට සිදු වන්නේ නම් ඉන් හැඟවෙන්නේ ඔබේ මුත්‍රා වල ප්‍රෝටීන් අඩංගු බවයි.
උපුටා ගැනීම - අන්තර්ජාලයෙන් 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top