''සිරි දළදා වන්දනාව'' සඳහා බැතිමතුන්ගේ පැමිණීම වැඩිවීම හේතුවෙන් ඉදිරි දින දෙක තුළ වන්දනාමාන කටයුතු සිදු කිරීම සඳහා පැමිණිමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා පොලිසිය බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරනවා.
'' සිරි දළදා වන්දනාව" 2025.04.18 වන දින ආරම්භ වූ අතර අඛණ්ඩව සයවෙනි දිනටත් අද පැවත්වුණා.
දළදා වන්දනාව පැවැත්වෙන අද දින මේ වන විටත් බැතිමතුන් ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවක් සිරි දළදා වන්දනාව සඳහා මහනුවර නගරයේ පෝලීම්වලට ඒකරාශීව සිටින අතර එබැවි හෙට (24) සහ අනිද්දා (25) යන දෙදින තුළ තවත් බැතිමතුන් පැමිණිමක් සිදුවුවහොත් අලුතින් පැමිණෙන බැතිමතුන් හට වන්දනාමාන කටයුතු සිදු කර ගැනීම සඳහා අවස්ථාව නොලැබෙන අතර එබැවින් ඉදිරි දෙදින තුළ " සිරි දළදා වන්දනාව" සඳහා පැමිණීමෙන් වලකින ලෙසයි ශ්‍රී ලංකා පොලිසිය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින්නේ.