මේ කියන්න යන්නේ ඔබ අප කාටත් විශේෂ වන පුවතක් ගැන ඇසෙන කතාවක්..
මෙරට ආර්ථිකය ගැන ඇසෙන මේ කතාව ඔබටත් අනිවාර්‍යයෙන්ම විශේෂ වේවි...
ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත්ව නැවත යථා තත්ත්වයට පත්වෙමින් පැවතිය ද ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් දරිද්‍රතාවයට පත්ව හෝ නැවත දරිද්‍රතාවයට ඇද වැටීමේ අවදානමක සිටින බව ලෝක බැංකුව පවසනවා...
මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකුවේ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් විසින් මේ බව පැවසුවා.. එය මෙරට ජනගහනයෙන් තුනෙන් එකක් පමණ වන බවයි අදාළ වාර්තාවල දැක්වෙන්නේ..
ආර්ථිකය ප්‍රකෘතිමත් වීම සෑම කෙනෙකුටම බලපාන සහ විශේෂයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූවන්ට ප්‍රතිලාභ ලැබෙන බව සහතික කිරීම සඳහා, රැකියා නිර්මාණය කරන සහ දුප්පතුන්ට සහාය වන ප්‍රතිපත්ති කෙරෙහි ශ්‍රී ලංකාවට අවධානය යොමු කළ හැකි බව ද ලෝක බැංකුවේ ද්විවාර්ෂික ‘Sri Lanka Development Update’ නම් වාර්තාව ප්‍රකාශයට පත්කරමින් ඔහු සඳහන් කළා..
“Stay on Track” යන මාතෘකාවෙන් නිකුත් කර ඇති මෙම වාර්තාවෙන් ධනාත්මක ආර්ථික වර්ධනය සහ මූල්‍ය කාර්ය සාධනය තිබියදීත්, ශ්‍රී ලංකාව හමුවේ සැලකිය යුතු අභියෝග තවමත් පවතින බව ඉස්මතු කරන බව ද අවධාරණය කර තිබුණා..
දිවයින පුවත්පත ඇසුරෙන්..