ඉතිං හැමදාම කෑවම හුඟක් ගුණයි.
අමාරුවෙන් හරි හැමදාම කෑවත් කමක් නැහැ.
පොල් සහ පොල්කිරි සැම විටම ආහාර සඳහා යොදන නිසා පොල් සම්බෝලත් නිතර කෑ යුතුද ?
පොල් කියන්නෙ අපේ කප්රුක.
පොල් ආහාරමය වශයෙන් වගේම ඖෂධීය වශයෙනුත් ඉතා වැදගත්.
ඒ වගේම පොල්ගසේ සියලුම කොටස් අපිට ප්‍රයෝජනවත් වෙනවා.
පොල් අපේ රටේ ද වැඩිපුර හැදෙන්නෙ ?
පොල් අපනයනය කරන්නෙ ඉතා සීමිත ප්‍රමාණයක්. ඒකට හේතුව පොල් වතු ගොඩක් ගෙවල් හදන්න කැබලි කරල විකුණපු නිසා. පොල් ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ විශේෂයෙන් මුහුදුබඩ ප්‍රදේශවල වැඩිපුර වැවෙනවා. ඒ වගේම උෂ්ණ ප්‍රදේශවල හොඳින් වැවෙනවා. ඒ වගේම ලුණු මිශ්‍ර වැලි සහිත පොළොවේ සරුවට වැවෙනවා.
ඒ වගේම මියැන්මාරය, නේපාලය ආදී රටවලත් ඉන්දියාවේ බෙංගාලය, මදුරාසිය, කේරළය ආදී ප්‍රදේශවලත් සාර්ථකව වැවෙනවා.
එසේම ශ්‍රී ලංකාවේ පොල් ත්‍රිකෝණය වශයෙන් නම් කරපු ප්‍රදේශයේ ඉතා විශාල වශයෙන් පොල් වගාව පැතිර තිබෙනවා.
පොල් වලට නම් ගොඩක් තියෙනවා ?
පොල් වලට සංස්කෘත භාෂාවෙන් නාරිකේල, නාරිකේර කේර කේල, තෘණරාජ, රසඵල, ස්කන්ධ් ඵල, මංගල්‍ය, ශ්‍රී ඵල තාල වෘක්ෂ ආදී නම් යෙදෙනවා.
ඉන්දියාවේ කේරළය කියන නම හැදිල තියෙන්නෙ. ඔය කේර කියන නමෙන්. ඒ ප්‍රදේශයේ පොල් බහුල නිසා එතකොට හිංදි භාෂාවෙන් නාරියල, කියනවා. දෙමළ භාෂාවෙන් තෙන්නායි, සහ තෙන්නාමරම් කියනවා. ඉංග්‍රීසි භාෂාවෙන් Coconut palm කියනවා. උද්භීද විද්‍යාත්මක නාමය
Cocos nucifere Linn වෙනවා.
කුලය. PALMACEAE හෙවත් නාරිකේල කුලයයි . පොල් වල ප්‍රභේද විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ අතුරින් පොල්. කුන්දිරා පොල්, නවසි, තැඹිලි, රන් තැඹිලි, සියම් පොල්, දීකිරි පොල් ආදිය ප්‍රධාන වෙනවා.
පොල් වල ආහාරමය ප්‍රයෝජන ගොඩක් තියෙනවා ?
කුරුම්බා වතුර තැඹිලි වතුර ඉතා ගුණදායක පාන. මේවාට විදේශීය රටවල හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම පොල්කිරි ආහාර සකස් කිරීමේදි අත්‍යවශ්‍යයි. ඒ වගේම පොල් සම්බල්, පොල් මැල්ලුම්, පොල්කිරි හොද ඉතාම පෝෂ්‍යදායී ආහාර, ඒ වගේම පොල්තෙල්, පොල්පැණි, පොල්හකුරු ආදිය පොල්වලින් ගනු ලබන අත්‍යාවශ්‍යම දේ.
එසේම, පොල් විනාකිරි, පොල් රා, පොල් අරක්කු ආදියත් පොල්වල සංස්කරණයි. තව ලනු, පාපිසි ආදිය පොල්කොහු වලින් කරනු ලබනවා. ඒ වගේම පොල්ගසේ කඳ ලී, පරාල ආදිය සැකසීමට යොදා ගන්නවා. මේ විදියට පොල් කියන්නෙ කප් රුකක් ම තමයි.
ඒ වගේම රසකැවිලි දොදොල්, වටලප්පම්, ආදිය සකස් කිරීම සඳහාත් පොල් බෙහෙවින්ම අවශ්‍ය දෙයක් . කොටින්ම කිව්වොත් පොල් නැතුව කිසිම දෙයක් කිරීම අපහසුයි.
එතකොට ඖෂධීය වශයෙනුත් පොල් අත්‍යවශ්‍ය දෙයක් .
ඖෂධීය වශයෙන් පොල් පොල්තෙල් හකුරු, පැණි, විනාකිරි ආදී කොට ඇති සියලුම පොල් වල සංස්කරණ විශිෂ්ඨ ගුණ ගෙන දෙනු ලබනවා.
මධුර රසයෙන් සහ ගුරු හා ස්නිග්ධ ගුණ යුතු පොල්, මධුර විපාක සහ ශීත වීර්යයි. ඒ නිසා.වාතය සහ පිත සමනය වෙන බැවින්. වාත පිත්තජ රෝග වලට පොල් ඉතා යෝග්‍යයි .
පොල් අඩංගු ඖෂධ යෝග , ඖෂධ යෝග නම් ගොඩක් තියෙනවා එයින් ටිකක්..
කාන්තා රෝග වලට දෙන කෂාය කීපයක් තියෙනවා.
1 මානෙල් අල, වැල්මී, කලාදුරු අල, ලාපොල් මල් කෂාය.
2 අලුකෙසෙල් අල, අත්තික්කා පොතු, මාදං පොතු, තැඹිලිපොල් මල් කෂාය ඒ අතරින් ප්‍රධානයි.
ඒ වගේම පොල් මුල, ඉඟුරු සහිඳ ලුනු කෂාය. උණ රෝග සඳහා ඉතා ගුණයි , කුරුම්බා වතුර ශීත කෂාය මුත්‍රා රෝගවලට ඉතා ගණ යි.
එසේම තැඹිලි මල් පුටපාකය රක්ත ප්‍රදර සඳහා ගුණදායකයි , පොල් මුල් කෂාය මුත්‍ර රෝග, ගර්භාෂ රෝග, සහ දන්ත රෝග සඳහා ද යොදා ගන්නවා.
එසේම නාරිකේල ලවණ අම්ල පිත්ත සඳහා සුදුසු , කොට්ට පොල් කල්කය ග්‍රහණි රෝග සඳහා යෝග්‍ය යි , අග්‍රරාජ කෂාය වාත රෝග, සන්නි, ගුල්ම, භගන්දරා, අර්ශස සඳහා ගුණ යි.