Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
23
ඩෑන් ඝාතනය කංජිපානිගේ වැඩක් ද..? සැකය විදෙස්ගත අපරාධකරුවන් රැසක් දෙසට..

- ඩෑන් ඝාතනය කංජිපානිගේ වැඩක් ද..? සැකය විදෙස්ගත අපරාධකරුවන් රැසක් දෙසට..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

693 Views
මේ සිද්ධිය ගැන තවමත් විවිධ කතා ඇසෙනවා.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් කතාවක්..

ඇත්තටම මේ ඝාතනය පසුපස සැඟව සිටින්නේ කවුද..?

ඩෑන් ප්‍රියසාද් නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම, දැනට විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන් නමැත්තාගේ හෝ විදෙස්ගත වෙනත් ජාලයක් විසින් මෙහෙයවා ඇති බවට සැක පළ වනවා.

ඊට හේතුව කංජිපානි ඉම්රාන්, ලොකු පැටී, කුඩු අංජු, රොටුඹ අමිල ඇතුළු සංවිධාත්මක අපරාධකරුවන්ගේ ක්‍රියාකලාපයට එරෙහිව ඩෑන් ප්‍රියසාද් පසුගිය කාලයේ කටයුතු කිරීම බවයි විමර්ශකයින් පෙන්වා දෙන්නේ.

අදාළ අපරාධකරුවන්ට එරෙහිව ඩෑන් ප්‍රියසාද් මීට පෙර මහජන ආරක්ෂක අමාත්‍යංශය ඉදිරිපිටදී විරෝධතාවක් පවත්වා තිබූ අතර ඔවුන් කඩිනමින් දිවයිනට ගෙන්වීමට කටයුතු කරන්නැයි ඉල්ලා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද සිදු කර තිබුණා.

මෙවන් පසුබිමකයි නාදුනන තුවක්කුකරුවන් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඊයේ රාත්‍රියේ 39 හැවිරිදි ඩෑන් ප්‍රියසාද් නමැත්තා ජීවිතක්ෂයට පත්වුණේ..

වැල්ලම්පිටිය සාලමුල්ල, ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ හය වන මහලේ පිහිටි ඔහුගේ බිරිඳගේ නිවසේ පැවැති සාදයක් අතරතුර එම ස්ථානයට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර තිබුණා..

ඩෑන් ප්‍රියසාද්, මෙවර පළාත් පාලන ඡන්ද විමසීම වෙනුවෙන් කොළොන්නාව නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ අපේක්ෂකයෙකු ලෙස ද ඉදිරිපත් වී සිටියා..

සාදය පැවැත්වෙන අතරතුර යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු මහල් නිවාස සංකීරණය වෙත රාත්‍රී 9ට පමණ ඇතුළු වී තිබූ අතර එය සීසීටීවී කැමරාවකද සටහන්ව තිබුණා..

එලෙස පැමිණි සැකකරුවන් දෙදෙනා පිස්තෝල අවියකින් ඩෑන් ප්‍රියසාද් වෙත වෙඩි තබා පලාගොස් තිබෙනවා..

සිද්ධියෙන් ඔහුගේ බිරිඳගේ ඥාතියෙකු ද සුලු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා..

සැකකරුවන් ඩෑන් ප්‍රියසාද් වෙත වෙඩි ප්‍රහාර 6ක් පමණ එල්ල කර ඇති අතර ඉන් බරපතල තුවාල ලැබූ ඩෑන් ප්‍රියසාද් කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ගොස් තිබුණා..

එහිදී දැඩිසත්කාර ඒකකය වෙත ඇතුළත් කෙරුණු ඔහුගේ පපු ප්‍රදේශයට සහ උරහිස ප්‍රදේශයට වෙඩි ප්‍රහාර එල්ල වී ඇති බවයි රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේ..

දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අතරතුර ඔහු ඊයේ රාත්‍රියේ ජීවිතක්ෂයට පත්වූ බවයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මෙලෙස සදහන් කළේ..

ඩෑන් ප්‍රියසාද් සමඟ සාදයට එක්ව සිටි පුද්ගලයෙකු සැකකරුවන් පැමිණීමට පෙර නිවසෙන් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව ඔහුගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි වාර්තාවන්නේ..

මේ අතර ඩෑන් ප්‍රියසාද්ගේ සහෝදරයෙකු වූ ප්‍රකාශ් තිලිණ කුමාර නමැත්තා ද ඔරුගොඩවත්ත ගුවන් පාලම අසළදී 2022 ජුලි 25වැනිදා නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් තියුණු ආයුදවලින් කපා කොටා ඝාතනය කර තිබුණා..

එම ඝාතනයේ සැකකරුවන් විසින් ඩෑන් ප්‍රියසාද් ඝාතනය සිදු කර ඇති බවටද පොලිස් විමර්ශකයන්ගේ සැකයට බදුන් වී තිබෙනවා..

සමාජ ක්‍රියාකාරිකයෙකු වූ ඩෑන් ප්‍රියසාද් නව සිංහලේ ජාතික ව්‍යාපාරයේ සභාපති ලෙස කටයුතු කළා..

2019 මැයි මාසයේ දිගන ප්‍රදේශයේ පැවැති ජාතිවාදී ගැටුම් අතරතුරදී ඔහු අත්අඩංගුවට ද පත්වූ අතර 2022 වසරේ පැවැති අරගලයට පහර දුන් බවට ද චෝදනා එල්ල වූණා..

මේ අතර වසරේ මේ දක්වා කාලය තුළ වෙඩි තැබීමේ සිදුවීම් 36ක් වාර්තා වී ඇති අතර ඉන් ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 26ක්...

ඊයේ දිනයේදීද වෙඩි තැබීමේ සිද්ධීන් තුනක් වාර්තා වූ අතර ඩෑන් ප්‍රියාසාද් ඝාතනය වීමේ සිද්ධියට අමතරව කටුනායක - ආඬිඅම්බලම සහ කටාන ප්‍රදේශවලින් එලෙස වෙඩි තැබීමේ සිද්ධීන් සිදුව තිබුණා..
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top