ඔහුගේ ජීවිතය උදුරාගත්තේ ඇත්තටම කවුද..? අදටත් ඒ මව තම පුතා වෙනුවෙන් යුක්තිය සාධාරණය ඉල්ලා සටන් කරනවා..
තවමත් ඒ මව හැඬූ කඳුළින් ඉල්ලන්නේ තම පුතාගේ ජීවිතය වෙනුවෙන් සාධාරණයයි.. මේ ඒ සිද්ධිය ගැන ඇසෙන අලුත්ම කතාවයි..
වැලිකඩ පොලිස් භාරයේ සිටියදී ජීවිතක්ෂයට පත්වූ 26 හැවිරිදි තරුණයාගේ සිරුර බදුල්ල,මීගහකිවුල ප්‍රදේශයේදී බදුල්ල මහේස්‍ත්‍රාත්වරයා ඉදිරියේ අද ගොඩගනු ලැබුවා..
සිරුර ගොඩගනු ලැබුවේ, පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගයක් මතයි..
අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් මියගිය තරුණයාගේ ඥාතීන් ඉදිරිපත් කළ මෝසමක් කැඳවූ අවස්ථාවේදී යි...