ඔහුට මේ වගේ ඉරණමක් අත්වේවි කියලා කිසිවෙකුත් හිතන්නේ නැතුව ඇති..
ඒත් දැන් මිතුරන්ගේ ඒ පහරදීම් නිසා ඔහුගේ හුස්ම සදහටම නැවතිලා..
මිතුරන් කිහිප දෙනෙකු විසින් පෞද්ගලික ආරවුලක් මත හෙල්මට්වලින් පහර දී දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සිසුවා ඊයේ (22) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා..
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 16 ක් වූ සැකරලියා වත්ත, හැවන්පොල ප්‍රදේශයේ පදිංචිකරුවක්..
මේ සම්බන්ධව වෙලගෙදර හා මාවතගම පොලිස් ස්ථාන මගින් විමර්ශන ආරම්භ කර තිබූ අතර ඒ අනුව මාවතගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම පහර දීමට සම්බන්ධ සැකකරුවන් 11 දෙනෙකු ඊයේ(22) රාත්‍රී කාලයේ වෙලගෙදර පොලිස් වසමේ ඇරෑපොල කන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා..
සැකකරුවන් අවුරුදු 15 ත් 18 ත් අතර වයස්වල පසුවන ඇරෑපොල කන්ද හා අඹ කෝට්ටේ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වෙන්නේ..
මෘත ශරීරය කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මාවතගම හා වෙලගෙදර පොලිස් ස්ථාන මඟින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා..