ලෝකයේ විවිධ තැන්වලින් වාර්තාවෙන පුවත් එකකට එකක් වෙනස්.. මේ කියන්න යන්නෙත් අන්න ඒ වගේ තවත් එක වෙනස් පුවතක් ගැනයි..
මේ ඇත්තෙන්ම වයසින් ඉතා කුඩා දැරියක් වටා බැඳුණු පුවතක්.. ඇය මේ සොයාගත්තේ මොකක්ද..? ඇත්තටම ඊය පුරාවිද්‍යා වටිනාකමක් තියනවාද..? මේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්..
වසර 3800ක් පැරණි පලඳනාවක් සොයා ගැනීමට ඊශ්‍රායලයේ තුන් හැවිරිදි දැරියක් සමත් වී තිබෙනවා.. ඇගේ නම ෂිව් නිට්සාන්... මේ දැරිය පවුලේ උදවිය සමග අඩි පාරක් දිගේ යමින් සිටිය දී ඇගේ ඇස ගැටුණු මේ පෞරාණික වටිනා වස්තුව වහාම අහුලා ගත් ඇය එවේලේ ම එය සිය අක්කාට පෙන්වා තිබෙන බවටයි වාර්තා වෙන්නේ..
"බොරළු පාරක ගල් පතුරු 7000ක් විතර විසිර ඇති තැනකින් මේ පුංචි කැබිලිත්ත සොයා ගත්ත එක හරිම පුදුමයි." යයි ඔමාර් නිට්සාන් නම් වූ ඇගේ අක්කා ඒ ගැන සඳහන් කරමින් පැවසුවා.. "මම ඒකේ වැලි පිහදාලා බැලුවම අමුතු රූප වගයක් මතු වුණා... අපි ඒක තාත්තටයි, අම්මටයි පෙන්නුවා... ඒක හුඟක් පරණ එකක් බව පෙනුන නිසා තාත්තා ඒක ඊශ්‍රායලයේ පෞරාණික වස්තු පිළිබඳ අධිකාරියට බාර දුන්නා..." ඇය වැඩිදුරටත් පැවසුවා...
පසුව පුරාවිද්‍යාඥයෝ එය පරීක්ෂා කර බලා එය මධ්‍යකාලීන ලෝකඩ යුගයට අයත් එකක් බවට තහවුරු කළා... මෙය ඒ යුගයේ විසූ කැනානයිට්වරුන් විසින් පලඳනා හැටියටත්, තමන්ගේ මුද්‍රා හැටියටත් මෙවැනි ලාංඡන භාවිතා කර තිබෙනවා...

ලංකාදීප පුවත්පත ඇසුරෙන්..