ඔහු ගැන විවිධ කතා ඊයේ රාත්‍රිය පුරාම අහන්න ලැබුණා... මේ ඒ ගැන ඇසෙන අලුත්ම කතාවයි..
වෙඩි වැදීමෙන් අසාධ්‍යව ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් අද (23) අලුයම ජීවිතක්ෂයට පත් වුණා...
සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ඉලක්ක කරමින් ඊයේ රාත්‍රියේ පුද්ගලයෙකු විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවේ මීතොටමුල්ල ‘ලක්සඳ සෙවණ’ මහල් නිවාස සංකීර්ණයේදීයි..
සාදයකට සහභාගිවී සිටි අවස්ථාවකදී එම ස්ථානයට පැමිණි අයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකරනු ලැබ තිබෙනවා..
බරපතළ තුවාල ලැබූ ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කළ අතර ඉන් සුළු මොහොතකට පසු පොලිසිය විසින් මාධ්‍ය වෙත සඳහන් කළේ ඔහු ජීවිතක්ෂයට පත්වූ බවයි..
නමුත් පසුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග විසින් ඩෑන් ප්‍රියසාද් ජීවිතක්ෂයට පත්ව නොමැති බවත්, ඔහු දැඩි සත්කාර ඒකකයේ අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් පසුවන බවත් නැවත ප්‍රකාශ කරනු ලැබුවා...