මහනුවරට දළදා වහන්සේ මහජන ප්‍රදර්ශනය සඳහා පැමිණෙන බැතිමතුන් සංඛ්‍යාවේ වැඩිවීමක් දක්නට ලැබෙන බව පොලිසිය පවසනවා...
පොලිසිය සඳහන් කරන්නේ හෙට (23) දිනයේදීද ලක්ෂය ඉක්මවා බැතිමතුන් පිරිසක් සහභාගී වේ යැයි අපේක්ෂා කරන බවයි...
ඒ අනුව හෙට නොපැමිණීම සහ වෙනත් දිනයක පැමිණීමෙන් බැතිමතුන්ට අපහසුතාවයකින් තොරව දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට හැකි වනු ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා...